භානුක අමරසිංහ
නැෂනල් ඩිවලොප්මන්ට් බෑන්ක් පීඑල්සී (NDB) බැංකුව කොළඹ කොටස් හුවමාරුවේ සිදු කරන GSS+ බැඳුම්කර නිකුතුවක් හරහා රුපියල් බිලියන 16ක මුදලක් රැස් කරගැනීමට සූදානමින් සිටින බව පවසයි.
බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩලය විසින් පසුගිය 14 වැනිදා ඊට අදාළ අනුමැතිය ලබාදී තිබේ. ඒ අනුව බාසෙල් III අනුකූල, අදියර 2, ලැයිස්තුගත, වර්ගකෙරුණු,සුරක්ෂිත නොවූ, උපප්‍රධාන, පිරිමුදවාගත හැකි GSS+ බැඳුම්කර ලෙස මෙය නිකුත් කරන බව බැංකුව පවසයි.
මෙහිදී බැඳුම්කර කොටස් 160,000,000ක් නිකුත් කරන අතර, එක් කොටසක් රුපියල් 100ක් බැගින් නිකුතුවේ සම්පූර්ණ වටිනාකම රුපියල් බිලියන 16 කි. මෙම GSS+ යනු හරිත, සමාජ සහ තිරසාරත්ව ව්‍යාපෘති සඳහා මුදල් රැස්කරගත හැකි තිරසාරත්ව බැඳුම්කර මාදිලියකි.
මේ අතර GSS+ බැඳුම්කරය මිලදී ගැනීම සඳහා නිකුත් කිරීමෙන් අනතුරුව එය මූලික මහජන කොටස් නිකුතුවක් ලෙස කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත කරන බවත් බැංකුව වැඩිදුරටත් පවසයි.

