
මෙරට තොරතුරු තාක්ෂණික මෙවලම් බෙදාහැරීමේ වෙළෙඳපොළේ ප්‍රමුඛ පෙළේ සන්නාමයක් වන IT Gallery (Pvt) Ltd පසුගිය දා පැවැති Lenovo 360 Accelerate 2026 ජාත්‍යන්තර සමුළුවේ දී ශ්‍රී ලංකාවේ පරිගණක ක්‍රීඩා සහ දෘශ්‍ය තාක්ෂණික (Visual) ක්ෂේත්‍රයේ වර්ධනය උදෙසා දක්වන ලද සුවිශේෂී දායකත්වය වෙනුවෙන් ‘Distributor Excellence Award 2025–2026 | Gaming & Visual Sri Lanka’ සම්මානයෙන් පිදුම් ලැබීය. දීර්ඝ කාලයක් පුරා Lenovo සන්නාමය සහ IT Gallery Computers සමාගම අතර පවත්නා සහයෝගීතාවේ තවත් එක් සුවිශේෂී සන්ධිස්ථානයක් මෙමගින් සනිටුහන් වේ.
පරිගණක ක්‍රීඩා, නිර්මාණකරණ උපාංග සහ දෘශ්‍ය පරිගණක විසඳුම් (Visual computing solutions) වැනි වේගයෙන් වර්ධනය වන තාක්ෂණික ක්ෂේත්‍ර තුළ Lenovo සන්නාමයේ දේශීය වෙළෙඳපොළ තවදුරටත් පුළුල් කිරීම සඳහා IT Gallery Computers (Pvt) Ltd ඉටුකළ සුවිශේෂී මෙහෙය මෙම සම්මානය ඔස්සේ විශේෂ ඇගයීමකට ලක් විය. ශ්‍රී ලංකාවේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ (ICT) පද්ධතියේ සවිමත් වෙළෙඳ සබඳතා ගොඩනඟමින් වෙළෙඳපොළ ප්‍රවර්ධනයට සහ පාරිභෝගික විශ්වාසය දිනාගැනීමට සමාගම විසින් දැරූ අඛණ්ඩ උත්සාහය මෙම ඇගයීම ඔස්සේ මැනවින් ඉස්මතු විය.
දිගු කාලපරිච්ඡේදයක් පුරාවට දිවයින පුරා විහිදුණු සිය සවිමත් අලෙවි නියෝජිත ජාලය ඔස්සේ Lenovo හි ඉහළම ගණයේ තාක්ෂණික නිෂ්පාදන ශ්‍රී ලාංකීය පාරිභෝගිකයා වෙත සමීප කිරීමට IT Gallery Computers සමාගම පුරෝගාමීව කටයුතු කර තිබේ. අලෙවි නියෝජිතයන්ගේ වෘත්තීය සංවර්ධනය උදෙසා සමාගම කළ ආයෝජන, සන්නාම ප්‍රවර්ධන වැඩසටහන් සහ පාරිභෝගික කේන්ද්‍රීය මුලපිරීම් ඔස්සේ පරිගණක ක්‍රීඩාව පිළිබඳ උනන්දුවක් දක්වන පිරිස, වෘත්තීය නිර්මාණකරුවන්, අධ්‍යාපන ආයතන මෙන්ම ආයතනික පාරිභෝගිකයන් අතර ද මෙම නිෂ්පාදන සඳහා ඇති ඉල්ලුම වේගයෙන් වර්ධනය වී ඇත.
IT Gallery Computers සමාගම විසින් ශ්‍රී ලංකාවේ Lenovo Gaming & Visual නිෂ්පාදන ශක්තිමත් කරමින්, Lenovo Legion සහ LOQ පරිගණක ක්‍රීඩා උපාංග, Lenovo Legion Gaming මොනිටර මෙන්ම නිර්මාණ හඳුන්වා දී ඇත. තව ද, පාරිභෝගික සහ විවිධ වෙළෙඳපොළ අවශ්‍යතා ඉලක්ක කරගනිමින්, අඟල් 16 සිට අඟල් 49 දක්වා ප්‍රමාණවලින් යුත් Full HD 1080P, 4K, OLED සහ Curved තිර සහිත පුළුල් පරාසයක Lenovo මොනිටර සහ Display විසඳුම් රැසක් ද සමාගම විසින් ලබා දී තිබේ.
IT Gallery Computers සමාගම සතු සමස්ත ව්‍යාපාරික ජාලයේම සාමූහිකත්වයේ ප්‍රතිඵලයක් ලෙස මෙම ජයග්‍රහණය හැඳින්විය හැකිය. මෙම සුවිශේෂී සන්ධිස්ථානය වෙත ළඟා වීම වෙනුවෙන් නොමඳ සහයෝගයක් දැක්වූ සිය අලෙවි නියෝජිතයන්, පාරිභෝගිකයන් සහ සමාගමේ කාර්ය මණ්ඩලය වෙත IT Gallery Computers සිය ගෞරව ප්‍රණාමය පිරිනමයි. එමෙන්ම එය විශ්වාසය සහ දිගුකාලීන සහයෝගීතාව මත ගොඩනැඟුණු පොදු ජයග්‍රහණයක් ලෙස ඔවුහු අවධාරණය කරති.

