Axalta ආලේපන සඳහා මෙරට බලයලත් හවුල්කරු වන Lankem Ceylon PLC සමාගම ඉහළ ක්‍රියාකාරිත්වයකින් යුතු කාර්මික ආලේපන තාක්ෂණය සඳහා ඇති ප්‍රවේශය වඩාත් ශක්තිමත් කිරීමේ අරමුණින් Axalta සමග ඇති හවුල්කාරිත්වය පුළුල් කර තිබේ. Axalta සමාගමේ ගෝලීය වශයෙන් පිළිගත් රථවාහන ආලේපන නිෂ්පාදන මෙරට වෙළෙඳපොළට හඳුන්වා දීමද මෑතකදී සාර්ථකව සිදු විය.
මෙම හවුල්කාරිත්වය යටතේ Lankem සමාගම යටිතල පහසුකම්, බලශක්ති, කෘෂිකාර්මික, බර උපකරණ, දුම්රිය, සහ වානේ වැනි අංශ ගණනාවකට අදාළ නිෂ්පාදනවල ආරක්ෂාව සඳහා අවශ්‍ය උසස් තත්වයේ ආලේපන සැපයුම ඉහළ නැංවීමට නියමිතය. නිරන්තර නඩත්තු කටයුතු සඳහා වැය වන වියදම අවම කර ගන්නා අතරතුර ක්‍රියාකාරිත්වය ඉහළ දැමීමට සහ ආයු කාලය ඉහළ නැංවීමට හේතු වන කල් පවත්නා ආලේපන විසඳුම් සඳහා ඇති ඉල්ලුම සපුරාලීම මෙම මුලපිරීමේ අරමුණ වේ.
වසර 150කට වැඩි ඉතිහාසයක් සහිත Axalta රටවල් 130ක් පුරා විහිදී ඇති පාරිභෝගිකයන් 100,000කට වැඩි සංඛ්‍යාවකට සේවා සපයයි. එම සමාගම විසින් නිෂ්පාදනය කරන උසස් ක්‍රියාකාරිත්වයක් සහිත ආලේපන පුළුල් පරාසයක විහිදී ඇති කාර්මික සහ යටිතල පහසුකම් යෙදවුම් විඛාදනය වළක්වා ඒවායේ කල් පැවැත්ම සහ ඵලදායිතාව ඉහළ නංවයි.
මෙම ආලේපන ඕනෑම මතුපිටක තදින් බැඳී ඇති මලකඩ මත සෘජුවම යෙදීමට හැකි වීම සුවිශේෂී ලක්ෂණයකි. ඒවා හුදෙක් මලකඩ ආවරණය කිරීම වෙනුවට විඛාදනය වළක්වන අතර එබැවින් මතුපිටවල් නිරන්තරයෙන් පිරිසුදු කිරීමට අවශ්‍ය නැත. ඒ තුළින් යටිතල පහසුකම් සහ කාර්මික මෙවලම්වල අක්‍රිය කාලය අවම කර ගැනීමට හැකියාව ලැබේ. නඩත්තු කටයුතු අතරතුර වුවත් ඒවා ක්‍රියාත්මක තත්වයේ තබා ගත හැක.
ඉහළ ආර්ද්‍රතාව, වෙරළබඩ ප්‍රදේශ, සහ නිරන්තරයෙන් වෙනස් වන කාර්මික වටපිටාවන්ගෙන් සංලක්ෂිත මෙරට දේශගුණික තත්වය මලකඩ බැඳීම ඉක්මන් කරයි. එය යටිතල පහසුකම් හිමිකරුවන් සහ මෙහෙයුම්කරුවන් මුහුණ දෙන ප්‍රධානතම අභියෝගවලින් එකකි. එවැනි තත්වයට මුහුණ දෙමින් ඉහළ කාර්යසාධනයක් සහතික කිරීමට හැකි අයුරින් නිෂ්පාදනය කර ඇති Axalta ආලේපන සඳහා ගෝලීය වශයෙන් ඉතා ඉහළ ඉල්ලුමක් තිබේ.
“යටිතල පහසුකම් හිමිකරුවන්ට ඉතා වැදගත් සාධකයක් ලෙස දිගුකාලීන ක්‍රියාකාරිත්වය හඳුන්වන්නට පුළුවනි. ලංකාවේ බලයලත් Axalta හවුල්කරු වශයෙන්, ගෝලීය වශයෙන් පිළිගත්, ගුණාත්මක බව තහවුරු කළ ආලේපන නිෂ්පාදන පාරිභෝගිකයන්ට ලබා දීමට Lankem Ceylon කැප වී සිටිනවා. එහිදී තිරසාරත්වය සහ පාරිභෝගිකයන්ට දැරිය හැකි මිල ගණන් ආදී කරුණු සම්බන්ධයෙන් අප ප්‍රමුඛ අවධානයක් යොමු කරනවා,” යනුවෙන් Lankem Ceylon සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ, සුරේන් ගුණවර්ධන මහතා සඳහන් කළේය.
“මලකඩ බැඳීම ලංකාවේ යටිතල පහසුකම් සහ කාර්මික ක්ෂේත්‍රය මුහුණදෙන ප්‍රධාන ගැටලුවලින් එකක්. Lankem සමග ඇති කර ගත් හවුල්කාරිත්වයෙන් උසස් ක්‍රියාකාරිත්වයක් සහිත Axalta ආලේපන දේශීය වශයෙන් මිලදී ගන්න පාරිභෝගිකයන්ට අවස්ථාව ලැබෙනවා. ඒ තුළින් කල් පවත්නා ආරක්ෂක විසඳුම් සඳහා ඇති ප්‍රවේශය ඉහළ නැංවීමට හැකි වීම සුවිශේෂී සන්ධිස්ථානයක්,” යනුවෙන් Axalta Coating Systems හි ව්‍යාපාර අධ්‍යක්ෂ - ප්‍රති නිමැවුම් සහ කාර්මික, දකුණු ආසියානු, Lokender Pal Singh පැවැසුවේය.

