

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් ආයතනයේ මොබිලිටි අංශය වන හේලීස් මොබිලිටි ලිමිටඩ්, සිය නවතම JAECOO J5 HEV රථය ලාංකික වෙළෙඳපොළට හඳුන්වා දී ඇත.
මේ වන විට ලංකාව තුළ නව බලශක්ති වාහන (NEV) සඳහා වන ඉල්ලුම ශීඝ්‍රයෙන් වර්ධනය වෙමින් පවතින පසුබිමක, පාරිභෝගිකයන්ගේ කාලීන අවශ්‍යතාව සපුරාලමින් උසස් තාක්ෂණයෙන් යුත් හයිබිඩ් SUV වාහන පෙළ පුළුල් කිරීම මෙම නව හඳුන්වාදීමේ ප්‍රධාන අරමුණයි.
නව පරපුරේ නාගරික ජීවන රටාවක් ගත කරන සහ සංචාරය සඳහා වැඩි උනන්දුවක් දක්වන ලාංකිකයන් වෙනුවෙන්ම සැලසුම් කර ඇති JAECOO J5 HEV රථය, දියුණු ස්මාර්ට් හයිබි්‍රඞ් තාක්ෂණයකින් සමන්විතය. ඉහළම ආරක්ෂාව, උපරිම සුවපහසුව මෙන්ම ඉන්ධන කාර්යක්ෂමතාව සහ ඉහළ ක්‍රියාකාරීත්වය මැනවින් සමබර කරන මෙම මෝටර් රථය, නාගරික මාර්ග තදබදයකදී මෙන්ම දුර බැහැර ධාවනයේදී ද ඉතා සුමට අත්දැකීමක් සහතික කරයි.
JAECOO J5 HEV රථයේ ඇති ප්‍රධානතම අංගය වන්නේ එහි ඇති 1.5L Turbo GDI එන්ජිමයි. එය දියුණු විදුලි මෝටරයකින් සහ සුවිශේෂී හයිබිඩ් ගියර් පද්ධතියකින් (DHT) සමන්විත වන අතර, අශ්ව බල 221ක සහ නිව්ටන් මීටර 295ක උපරිම බලයක් ලබා දෙයි. මේ නිසා, තත්පර 7.9ක් වැනි කෙටි කාලයකදී පැයට කිලෝමීටර 0 සිට 100 දක්වා වේගයක් කරා ළඟා වීමේ හැකියාව පවතී.
මෙම හයිබිඩ් පද්ධතියෙන් ලීටරයකට කිලෝමීටර 18.9ක (කිලෝමීටර 100කට ලීටර 5.3ක) කැපී පෙනෙන ඉන්ධන කාර්යක්ෂමතාවක් ලබා දෙන අතර, ඉන්ධන ටැංකිය සම්පූර්ණයෙන්ම පිරවූ පසු කිලෝමීටර 950කට වඩා වැඩි දුරක් ධාවනය කළ හැකිය. මේ හේතුවෙන් දෛනික ධාවනයේදී ඉන්ධන පිරිවැය සැලකිය යුතු ලෙස අඩු කරගැනීමට පාරිභෝගිකයන්ට අවස්ථාව ලැබේ.
මෙම නව හඳුන්වා දීම පිළිබඳව අදහස් දක්වමින් Hayleys Fentons Limited හි කළමනාකාර අධ්‍යක්ෂ හසිත් ප්‍රේමතිලක මහතා මෙසේ ප්‍රකාශ කළේය.
"JAECOO J5 HEVරථය මෙරටට හඳුන්වා දීම හරහා නවීන තාක්ෂණයෙන් පිරිපුන්, අනාගතයට ගැළපෙන මෝටර් රථ විසඳුම් ලංකාවට ලබා දීම වෙනුවෙන් අප සතු කැපවීම තවදුරටත් තහවුරු වෙනවා. ඉහළ ක්‍රියාකාරීත්වය මෙන්ම උපරිම කාර්යක්ෂමතාව අපේක්ෂා කරන, නවීන ජීවන රටාවක් ගත කරන සැමට JAECOO J5 HEV රථය වඩාත් ගැළපෙනම තේරීමක් වනු නොඅනුමානයි.”
රුපියල් මිලියන 19.9ක මිලකට හඳුන්වා දෙන JAECOO J5 HEV රථය, කොළඹ පිහිටි OMODA & JAECOO ප්‍රධාන ප්‍රදර්ශනාගාරයෙන් හෝ ඕනෑම Hayleys Mobility ප්‍රදර්ශනාගාරයකින් දැන් මිලදී ගත හැකිය.
මෙම සුවිශේෂී සමාරම්භය සනිටුහන් කරමින් Hayleys Mobility වෙතින් විශේෂ හඳුන්වාදීමේ දීමනාවක් ද පිරිනැමේ. මෙහිදී මුල්ම පාරිභෝගිකයන් 100 දෙනා සඳහා රුපියල් මිලියනයක සුවිශේෂී වට්ටමක් හිමිවන අතර, අනාගතයට ගැළපෙන නව පරපුරේ හයිබිඩ් වාහනයක හිමිකරුවන් වීමට බලාපොරොත්තු වන අයට මේ හරහා අගනා අවස්ථාවක් හිමිවනු ඇත.

