HNB FINANCE දන්සල වෙසක් පහන් කූඩුව දා


ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ මූල්‍ය ආයතනයක් වන HNB FINANCE PLC වෙසක් පොහොය නිමිති කර ගනිමින් සංවිධානය කරන ලද සීනි සම්බෝල බනිස් දන්සැල මෙවරත් නාවල HNB FINANCE ප්‍රධාන කාර්යාලීය පරිශ්‍රය ඉදිරිපිටදී මහජනතාව සඳහා විවෘත කෙරිණි. දන්සැලට සමගාමීව දර්ශනීය වෙසක් පහන් කූඩුවක්ද ප්‍රදර්ශනය කෙරුණු අතර එය වෙසක් සතිය පුරා මහජන ප්‍රදර්ශනය සදහා විවෘත විය. 
වෙනත් වසරවල සේම මෙවර වෙසක් සැමරුමට සමගාමීවද ශාඛා මට්ටමින් HNB FINANCE කාර්ය මණ්ඩල සාමාජිකයන්ගේ නිර්මාණශීලිත්වය ඇගයීම සඳහා වෙසක් පහන්කූඩු තරගයක් සංවිධානය කරන ලද අතර එම වෙසක් නිර්මාණ HNB FINANCE ශාඛා පරිශ්‍ර ඉදිරිපස වෙසක් සතිය තුළ ප්‍රදර්ශනය කරන ලදි. එයට අමතරව ශාඛා මටට්මින්  දිවයින පුරා සංවිධානය කළ දන්සැල්ද පසුගිය වෙසක් සතිය තුළ දැකගත හැකි වීම විශේෂත්වයකි.