
ශ්‍රී ලංකාවේ Hygienic disposable භාණ්ඩ නිෂ්පාදනයේ ප්‍රමුඛයකු ලෙස සිය ස්ථානය යළිත් තහවුරු කරමින් ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය විසින් පිරිනමන ISO 9001:2015 තත්ව සහතිකය හිමිකරගැනීමට Global Consumer Products පුද්ගලික සමාගම පසුගියදා සමත්විය.
මේ සමග ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ සහතිකලත් (ISO 9001:2015) soft tissues, oxo-biodegradable, LDPE සහ HDPE කසළ උර මෙන්ම food care නිෂ්පාදනයේ යුතු එකම ලාංකික සමාගම බවට ද Global Consumer Products සමාගම පත්විය.
සිය නිෂ්පාදනවල ප්‍රමිතිය තවදුරටත් සහතික කිරීමට සඳහා සෑම ආනයනික ටිෂූ කඩදාසි ඇණවුමක්ම Bureau Veritas ආයතනයේ තත්ව පරීක්ෂාවකින් අනතුරුව වෙළෙඳපොළට නිකුත් කිරීමට ද සමාගම කටයුතු කරයි. එහිදී ටිෂූ කඩදාසිවල පී.එච්. අගය, දියවෙන සුළු බව සහ අනෙකුත් ප්‍රමිති ගණනාවක් පිළිබඳ සලකා බැලේ.
මීට අමතරව FLEXEE cling film සහ GUARDIAN Aluminium Foil නිෂ්පාදනවලට ද කර්මාන්ත තාක්ෂණ ආයතනයේ සහතිකය ලැබී ඇති අතර ජාත්‍යන්තර KOSHER සහතිකය ද හිමිව තිබේ.
″ISO 9001:2015 සහතිකය මගින් පාරිභෝගික අවශ්‍යතාවලට සරිලන උසස් තත්වයේ නිෂ්පාදන සැපයීමටත්, පාරිභෝගික තෘප්තිය ඉහළ නැංවීමටත් අප සතු කැපවීම මැනවින් ප්‍රදර්ශනය කෙරෙනවා. ආරම්භයේ පටන්ම අප සමාගම නිෂ්පාදන ක්‍රියාවලි කළමනාකරණයට, සම්පත් ප්‍රශස්තකරණයට සහ ආයතනික අභ්‍යන්තර පාලන කටයුතුවලට මූලික අවධානයක් ලබාදුන්නා. එහි ප්‍රතිඵලය වූයේ උසස් තත්වයේ නිෂ්පාදන පාරිභෝගිකයන් වෙත ලබාදීමයි. විශිෂ්ටත්වය වෙනුවෙන් අප සතු කැපවීම මෙවැනි තත්ව සහතිකයෙන් පිළිබිඹු වෙනවා. ප්‍රමිතිය, අප සමාගම් සංස්කෘතියේ මූලිකාංගයක් ලෙස සැලකීම නිවැරදියි , යනුවෙන් Global Consumer Products සමාගමේ කර්මාන්තශාලා ප්‍රධානී මොහිදීන් සාජිත් මහතා පැවසුවේය.

