GV Auto ජාත්‍යන්තර මට්ටමේ විද්‍යුත් වාහන හඳුන්වා දෙයි


වර්තමානයේ ආර්ථික හා බලශක්ති ගැටලු‍වලට විසඳුමක් ලෙස Gavinro  සමූහ ව්‍යිපාරය විසින් සිය නවතම සමාගම වන   GV Auto හරහා නව විද්‍යුත් වාහන පෙළක් වෙළෙඳපොළට හදුන්වා දී තිබේ.
Gavinroසමූහ ව්‍යාපාරය වසර ගණනාවක් පුරා විවිධ ක්ෂේත්‍ර ඔස්සේ සිය අභිමානය විහිදුවා ඇත්තේ නවෝත්පාදනය සහ කාලීන වෙළෙඳපොළ අවශ්‍යතා හඳුනා ගැනීමේ දුරදක්නා හැකියාව නිසාවෙනි. වෙනස් වන වෙළෙඳපොළ ප්‍රවණතාවලට ගැළපෙන අනාගතයට සරිලන විසඳුම් ලබාදීමට ඇති එම කැපවීමෙහි තවත් එක් සාර්ථක පියවරක් ලෙස GV Auto සමාගම හඳුන්වා දෙන ලදී. මෙහි ප්‍රධානතම අරමුණ වන්නේ විද්‍යුත් වාහන භාවිතය වඩාත් පුළුල් පරාසයකින් ජනතාවට සමීප කරවීමයි.
Skywell, Skyworth සහ Keyton වැනි ලොව සුප්‍රසිද්ධ විද්‍යුත් වාහන සන්නාම රැසක්  GV Auto නියෝජනය කරයි. Fortune China 500 ලැයිස්තුවට ද ඇතුළත් Skyworth නිෂ්පාදන ඇතුළුව, සුඛෝපභෝගී SUV  රථ සහ වාණිජ වාහන රැසක් ඔවුන් සතුය. එමගින් තනි පුද්ගල පාරිභෝගිකයන්ට මෙන්ම ව්‍යාපාරවලට  අවශ්‍ය පූර්ණ විද්‍යුත් වාහන විසඳුම් සපයන ප්‍රධාන ආයතනයක් ලෙස GV Auto පෙනී සිටියි.
Gavinro සමූහ ව්‍යාපාරයේ කළමනාකාර අධ්‍යක්ෂ අභීත් දංගල්ල මහතා මෙසේ පැවසීය. ’විද්‍යුත් වාහන භාවිතය පරිසර හිතකාමී වගේම ලාභදායී මූල්‍යමය තීරණයක්. ඉන්ධන සහ නඩත්තු වියදම් අවම වීම නිසා මෙය දිගුකාලීන වාසි ගෙන දෙනවා. වර්තමාන ලංකාවට මෙය ඉතාමත් කාලෝචිත විසඳුමක් වන අතර, ව්‍යාපාරික ස්ථාවරත්වය වෙනුවෙන් ගත හැකි හොඳම පියවරක් ලෙසත් මෙය හඳුන්වන්න පුළුවන්.’’ 
විද්‍යුත් වාහන නිෂ්පාදනයේ ලොව ප්‍රමුඛයකු වන Skywell New Energy  සමූහය සමග එක්ව කටයුතු කිරීමට ලැබීම පිළිබඳව අප සතුටු වනවා. මගී ප්‍රවාහන රථ, බස් රථ, බර වාහන මෙන්ම නවීනතම රියදුරු රහිත තාක්ෂණය දක්වා පුළුල් පරාසයක නිෂ්පාදන ඔවුන් සතුයි. එමෙන්ම ජපානය, සිංගප්පූරුව සහ යුරෝපා සංගමය වැනි රටවලට වාහන අපනයනය කරන ප්‍රමුඛ සමාගමක් වන Keyton සමූහය සමග ඇති කරගත් නව සහයෝගීතාව පිළිබඳව ද අප බෙහෙවින් සතුටු වෙනවා. මෙම සබඳතා හරහා විශ්වාසනීය සහ ඕනෑම අවශ්‍යතාවකට ගැළපෙන වාණිජ වාහන විසඳුම් මෙරට වෙළෙඳපොළට ලබාදීමට අපට දැන් හැකියාව තිබෙනවා.”‍ 
මෙම සබඳතා හරහා විද්‍යුත් සහ වාණිජ වාහන යන ක්ෂේත්‍ර දෙකෙහිම නවෝත්පාදනවල පෙරමුණ ගැනීමට GV Auto ආයතනයට හැකියාව ලැබී තිබේ. එමගින් වෙනස් වන වෙළෙඳපොළ ඉල්ලු‍මට සරිලන පරිපූර්ණ නිෂ්පාදන පෙළක් ඉදිරිපත් කිරීමටත්, තිරසාර ආර්ථික වර්ධනයක් සඳහා සහය වීමටත් එම සමාගමට අවස්ථාව උදා වේ.
GV Auto ආයතනය පසුගියදා පැවැති ‘Motor EV Technology’ ප්‍රදර්ශනයට ද සහභාගී වූ අතර එමගින් අනාගත ප්‍රවාහන ක්ෂේත්‍රය වෙනුවෙන් ඔවුන් තුළ ඇති කැපවීම මැනවින් පෙන්නුම් කළේය. එහිදී ඔවුන්ගේ විද්‍යුත් වාහන පෙළ ප්‍රදර්ශනය කළ අතර තිරසාර ප්‍රවාහන විසඳුම් පිළිබඳව උනන්දුවක් දක්වන පාරිභෝගිකයන්, ව්‍යාපාරිකයන් සහ ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් සමග අදහස් හුවමාරු කර ගැනීමට ද එහි දී අවස්ථාව ලැබුණි.