
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ආයෝජන සමාගමක් වන First Capital Holdings PLC, ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනය විසින් සංවිධානය කරන ලද 60 වැනි සංවත්සර TAGS ((Transparency, Accountability, Governance and Sustainability) සම්මාන උළෙලේදී ආයෝජන බැංකුකරණ කාණ්ඩයේ රන් සම්මානය ඇතුළු සම්මාන කිහිපයකින් පිදුම් ලැබීමට සමත් විය.
ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනය විසින් කොළඹ කොටස් වෙළෙඳපොළ සමග එක්ව සංවිධානය කරන ලද මෙම “Diamond Chapter” TAGS සම්මාන උළෙල කොළඹ Shangri-La හෝටලයේදී පැවැත්විණි. මූල්‍ය සහ මූල්‍ය නොවන ආයතනික වාර්තාකරණයේ විශිෂ්ටත්වය ඇගයීම මෙම සම්මාන උළෙලේ මූලික අරමුණ විය.
2025 සම්මාන උළෙලේදී First Capital Holdings PLC සමාගම ආයෝජන බැංකුකරණ කාණ්ඩයේ රන් සම්මානය හිමිකර ගැනීමට සමත් විය. First Capital Treasuries PLC සමාගම Sustainability කාණ්ඩයේ රිදී සම්මානය හිමි කරගත් අතර, First Capital Money Market Fund විසින් Unit Trusts කාණ්ඩයේ රන් සම්මානය හිමිකරගන්නා ලදි. First Capital Holdings PLC වෙත Integrated Reporting සහ Reporting යන කාණ්ඩ දෙකෙහිම සහතිකපත් හිමි වූ අතර, First Capital Treasuries PLC සමාගමට Integrated Reporting කාණ්ඩයේ සහතිකපතක් හිමි විය.
JXG සමූහයේ තිරසාරත්ව වාර්තාකරණ ක්‍රියාවලිය නියාමන අවශ්‍යතා සපුරාලන බවත්, වාර්තාකරණයේ විශිෂ්ටතම ක්‍රමවේදවලට අනුකූල බවත් මෙමඟින් තහවුරු වේ. සමාගමේ පාරිසරික, සමාජයීය හා ආයතනික පාලන (ESG) වැඩසටහන් විධිමත්ව ලේඛනගත කර ඇති අතර, ව්‍යුහගත හා සමාලෝචන-පාදක ක්‍රමවේද ඔස්සේ වාර්තාකරණය සිදු කර ඇත. මීට අමතරව සමාගම සිය අවදානම්, අවස්ථා සහ දීර්ඝකාලීන ක්‍රමෝපායික ප්‍රමුඛතා පැහැදිලි විනිවිදභාවයකින් යුක්තව සන්නිවේදනය කර තිබේ. තවද ඉහළම තලයේ වාර්තාකරණ ප්‍රමිති අනුගමනය කිරීමට දක්වන උනන්දුව හා කැපවීම පිළිබිඹු කරමින් First Capital සමාගම දිගින් දිගටම TAGS Compliance ලාංඡනය ප්‍රදර්ශනය කරයි. ලාංඡනය ප්‍රදර්ශනය කරයි.
First Capital Holdings PLC හි කළමනාකාර අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී ඩිල්ෂාන් වීරසේකර මහතා මෙසේ පැවසීය. “2025 TAGS සම්මාන උළෙලේදී ආයෝජන බැංකුකරණ කාණ්ඩයේ රන් සම්මානය දිනාගැනීම අපගේ කණ්ඩායම ලැබූ සුවිශේෂී ජයග්‍රහණයක්. First Capital හි විශිෂ්ටත්වය අර්ථ දැක්වෙන්නේ මූල්‍ය කාර්යසාධනයෙන් පමණක් නොව, අපගේ වාර්තාකරණයෙන් පිළිබිඹු වන පැහැදිලි බව, අඛණ්ඩතාව සහ වගවීම මගිනුයි. මෙය අපගේ ආයතනික පාලනය ක්‍රමවේදවල ශක්තිය සහ අපගේ කොටස්කරුවන් අප කෙරෙහි තබා ඇති විශ්වාසය යළි තහවුරු කරන ජයග්‍රහණයක් ලෙස අප දකිනවා.”

