JXG (ජනශක්ති සමූහ ව්‍යාපාරය) හි අනුබද්ධ සමාගමක් වන First Capital Holdings (සමූහය), 2025 සැප්තැම්බර් 30 වැනි දිනෙන් අවසන් වූ මාස හය සඳහා විශිෂ්ට කාර්යසාධනයක් වාර්තා කර තිබේ. එම කාලපරිච්ඡේදය සඳහා සමාගමේ බදු පසු ලාබය රුපියල් බිලියන 3.43 ක් වූ අතර එය පෙර වසරේ අදාළ කාලපරිච්ඡේදයේදී වාර්තා වූ රුපියල් මිලියන 897ට සාපේක්ෂව කැපීපෙනෙන වර්ධනයකි.
මෙම ප්‍රතිඵල සම්බන්ධයෙන් අදහස් දක්වමින් කළමනාකාර අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී ඩිල්ෂාන් විරසේකර මහතා පැවසුවේ, මෙම කාර්යසාධනය මගින් සමූහයේ ක්‍රමෝපාය විධිමත් ලෙස ක්‍රියාවට නැංවීම, වෙළෙඳපොළ ප්‍රවණතාවලට කඩිනමින් ප්‍රතිචාර දැක්වීම සහ ලංකාවේ ප්‍රාග්ධන වෙළෙඳපොළවල ප්‍රධාන අංශ තුළ අඛණ්ඩව පෙරමුණ ගැනීමට සමත් වීම මැනවින් පිළිබිඹු වන බවයි. 2025/26 පළමු අර්ධය තුළ සමූහයේ මෙහෙයුම් වියදම්වලට පෙර ශුද්ධ වෙළෙඳ ආදායම රුපියල් බිලියන 5.46 ක් වූ අතර එය පෙර වසරේ අදාළ කාලපරිච්ඡේදයේ වාර්තා වූයේ රුපියල් බිලියන 1.88 ක් වශයෙනි. මෙය සමූහයේ විවිධාංගීකරණය වූ ව්‍යාපාර ආකෘතියේ ශක්තිය සහ හිතකර වෙළෙඳපොළ අවස්ථාවලින් ප්‍රයෝජන ගැනීමට ඇති හැකියාව මැනැවින් නිරූපණය කරන ප්‍රතිඵලයකි.
මෙම සමාලෝචනයට අදාළ කාලපරිච්ඡේදය තුළ, දෙවැනි කාර්තුව අවසානයේ රජයේ සුරැකුම්පත් මගින් ලැබුණු ප්‍රතිලාභවල සුළු වර්ධනයක් තිබියදීත්, 2025 මැයි මාසයේ ප්‍රතිපත්ති පොලී අනුපාතිකය පහළ දැමීමෙන් පසු පසු පොලී අනුපාතවල සාමාන්‍ය පහත වැටීමක් නිරීක්ෂණය විය. මෙම මූල්‍යමය පසුබිම විශේෂයෙන් කොටස් වෙළෙඳපොළේ ගනුදෙනු සඳහා ධනාත්මක තත්වයන් ඇති කළ අතර එහි ප්‍රතිඵලයක් ලෙස ප්‍රාථමික අලෙවිකරු සහ ආයතනික ගනුදෙනු සුරැකුම්පත් අංශ සමූහයේ සමස්ත වෙළෙඳ ආදායමට වැඩිම දායකත්වයක් ලබා දුන් අංශ දෙක බවට පත් විය.
2025 සැප්තැම්බර් 30 වන දිනෙන් අවසන් වූ පළමු මාස හය සඳහා සමූහයේ ප්‍රාථමික අලෙවිකරු අංශය රුපියල් බිලියන 1.57 ක බදු පසු ලාබයක් වාර්තා කළ අතර එය පෙර වසරේ අදාළ කාලසීමාව තුළ වාර්තා වූයේ රුපියල් මිලියන 578 ක් වශයෙනි.
මෙම ප්‍රතිඵල අතරට රජයේ සුරැකුම්පත්වලින් ලැබුණු රුපියල් බිලියන 1.81 ක වෙළෙඳ ලාබයක් සහ රුපියල් මිලියන 988 ක ශුද්ධ පොලී ආදායමක් (2024/25 පළමු මාස හය - රුපියල් මිලියන 396 ක වෙළෙඳ ලාබයක් සහ රුපියල් මිලියන 834 ක ශුද්ධ පොලී ආදායමක්) ඇතුළත් වේ.
ආයතනික මූල්‍ය උපදේශන අංශය සහ ආයතනික ගනුදෙනු සුරැකුම්පත් අංශය 2025 සැප්තැම්බර් 30 දිනෙන් අවසන් වූ මාස හය සඳහා රුපියල් බිලියන 1.81 ක බදු පසු ලාබයක් වාර්තා කර ඇති අතර, එය පෙර වසරේ පළමු මාස හය තුළ වාර්තා වූ රුපියල් මිලියන 264ට සාපේක්ෂව කැපීපෙනෙන වර්ධනයකි. ක්‍රමෝපායික මූල්‍ය විසඳුම් සඳහා ක්‍රමයෙන් ඉහළ යන ඉල්ලුම මෙන්ම සිය සේවාදායකයන් හා කොටස් හිමිකරුවන් සඳහා වටිනාකම් නිර්මාණය කිරීම කෙරෙහි සමූහය යොමු කර ඇති අඛණ්ඩ අවධානය මෙමගින් මැනැවින් පිළිබිඹු වේ.
මේ අතර ධන කළමනාකරණ අංශය 2025 සැප්තැම්බර් 30 වන දිනෙන් අවසන් වූ මාස හය සඳහා රුපියල් මිලියන 48 ක බදු පසු ලාබයක් (2024/25 පළමු මාස හය - රුපියල් මිලියන 49) වාර්තා කර ඇති අතර, කළමනාකරණය යටතේ ඇති වත්කම් Assets Under Management (AUM)] 2025 සැප්තැම්බර් 30 වන දින වන විට රුපියල් බිලියන 99 ක් (2025 මාර්තු 31 - රුපියල් බිලියන 112) ක් විය.
සමාගමේ කොටස් තැරැව්කාර අංශය පෙර වසරේ අදාළ කාලපරිච්ඡේදය තුළ වාර්තා වූ රුපියල් මිලියන 6 ට සාපේක්ෂව 2025 සැප්තැම්බර් 30 වන දිනෙන් අවසන් වූ මාස හය සඳහා රුපියල් මිලියන 116 ක බදු පසු ලාබයක් වාර්තා කර ඇති අතර එය ආයෝජක සහභාගීත්වය අලුත් වී ඇති බවට සහ වෙළෙඳපොළ ආකල්ප වැඩිදියුණු වී ඇති බවට පැහැදිලි දර්ශකයකි.
මෙම ශක්තිමත් කාර්යසාධනය හේතුවෙන් සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය විසින් 2025 ඔක්තෝබර් මාසයේදී 2025/26 මූල්‍ය වර්ෂය සඳහා කොටසකට රුපියල් 7.00 ක් බැගින් වූ අන්තර්වාර ලාභාංශ ගෙවීමක් ප්‍රකාශයට පත් කළ අතර, එහි වටිනාකම රුපියල් බිලියන 2.84 ක් විය.
මෙම ප්‍රතිඵල සම්බන්ධයෙන් අදහස් දක්වමින් First Capital Holdings PLC සමාගමේ සභාපති රාජේන්ද්‍ර ත්‍යාගරාජා මහතා මෙසේ පැවසීය. “මෙම වසරේ කාර්යසාධනය මගින් අපගේ ක්‍රමෝපායෙහි සාර්ථකත්වය සහ අපගේ කාර්ය මණ්ඩලයෙහි ශක්තිය මැනැවින් පිළිබිඹු වනවා. වේගයෙන් වෙනස් වන වෙළෙඳපොළක් තුළ දිගින් දිගටම පැහැදිලි දැක්මකින් හා විශ්වාසයකින් යුතුව අපගේ පාර්ශ්වකරුවන්ට දීර්ඝකාලීන ප්‍රතිලාභ හිමි කර දෙමින් තිරසාර වර්ධනයක් ළඟා කරගැනීම අපගේ අරමුණයි. මෙම ප්‍රතිඵල මගින් ශ්‍රී ලංකාවේ ප්‍රාග්ධන වෙළෙඳපොළේ ඇති මූලික අවස්ථා කෙරෙහි අප තබා ඈති විශ්වාසය මෙන්ම රටේ මූල්‍ය සේවා ක්ෂේත්‍රයට අප ලබාදෙන දායකත්වය තවදුරටත් පුළුල් කිරීමට අප තුළ ඇති අධිෂ්ඨානශීලී කැපවීම තවදුරටත් ශක්තිමත් වේවි.”
සමූහයේ ඉදිරි ගමන සම්බන්ධයෙන් කළමනාකාර අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී ඩිල්ෂාන් විරසේකර මහතා මෙසේ අදහස් දැක්වීය. ”අපගේ සෑම ව්‍යාපාරික අංශයක්ම ක්‍රමෝපායික කාර්යක්ෂමතාවක් සහ නවෝත්පාදන සංස්කෘතියකින් පන්නරය ලබමින් ශක්තිමත් මෙහෙයුම් ප්‍රවණතාවක් පෙන්නුම් කරමින් සිටිනවා. ඉදිරියටත් අපගේ විශේෂඥතාවෙන් ආයෝජකයන්ට සහ සමාගම්වලට දීර්ඝකාලීන වටිනාකම් සහ අවස්ථා ග්‍රහණය කරගැනීමට අත්වැලක් වෙමින්, ප්‍රාග්ධන වෙළෙඳපොළ අවකාශය තුළ අපගේ නායකත්වය තවදුරටත් තහවුරු කරගැනීම අපගේ අරමුණයි.”

