

ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි (ප්‍රයිවට්) ලිමිටඩ් (DPMC) පස් වසරක විරාමයකින් පසු KTM මෝටර් සයිකල් යළි හඳුන්වා දීමට පියවර ගෙන ඇත. එය මෝටර් සයිකල් ක්ෂේත්‍රයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරයි. පසුගියදා බත්තරමුල්ලේ පිහිටි DPMC ප්‍රදර්ශනාගාරයේ දී මෙම නවතම KTM මෝටර් සයිකල් මාදිලි පෙළ එළිදැක්වූ අතර එමගින් මෙරට පාරිභෝගිකයන්ට ගෝලීය මට්ටමේ ගමන් පහසුව සලසා දීමට සමාගම සතු කැපවීම යළිත් තහවුරු විය. මෙම පියවරෙන් මෙරට Premium යතුරුපැදි කාණ්ඩයේ නව ප්‍රබෝධයක් ඇති කරන අතර ලොව ප්‍රමුඛතම සන්නාමයක් මෙරට වෙත යළි පිවිසීම සංකේතවත් කරයි.
ආනයන සීමා පැනවීමට පෙර DPMC විසින් KTM මෝටර් සයිකල් 3,000කට ආසන්න සංඛ්‍යාවක් සාර්ථකව අලෙවි කර තිබූ අතර පසුගිය වසර පහක කාලය තුළ නව ආනයන කටයුතු තාවකාලිකව අත්හිටවා තිබුණ ද දැනට පවතින මෝටර් සයිකල් සඳහා DPMC ලබා දුන් විශිෂ්ට අලෙවියෙන් පසු සේවාව සහ තාක්ෂණික සහය හේතුවෙන් පාරිභෝගික විශ්වාසය අඛණ්ඩව රැකගැනීමට එම සමාගමට හැකි විය. ගෝලීය වශයෙන් යුරෝපයේ අංක එකේ රේසිං මෝටර් සයිකල් සන්නාමය වන KTM, MotoGP සහ Dakar Rally වැනි ජාත්‍යන්තර තරගාවලි හරහා තහවුරු කළ සිය රේසිං උරුමය සහ ඉංජිනේරු විශිෂ්ටත්වය ලංකාවට රැගෙන එනයි. මෙවර හඳුන්වා දුන් Duke 160, Duke 250 සහ Adventure 390 X යන මාදිලි ත්‍රිත්වය ඒ සඳහා කදිම උදාහරණයකි. මෙම සෑම මාදිලියක්ම ක්‍රියාකාරීත්වය, වේගය සහ නවීන තාක්ෂණය යන අංගවලින් සමන්විතය.
KTM මෝටර් සයිකල් ආක්‍රමණශීලී පෙනුමකින් සහ WP APEX USD සස්පෙන්ෂන්, 6-speed ගියර් පද්ධතිය සහ දියර සිසිලන එන්ජින් වැනි නවීන තාක්ෂණික අංගවලින් සමන්විත වේ. තවද තෝරාගත් මාදිලි අනුව Supermoto ABS, Ride-by-wire, Slipper clutch සහ Quickshifter+ වැනි උසස් පහසුකම් මෙන්ම නවීන TFT වර්ණ සංදර්ශක හරහා රියදුරුට උපරිම ආරක්ෂාවක් සහ උද්යෝගිමත් ධාවන අත්දැකීමක් ලබා දෙයි. KTM හි මෙරට එකම බලයලත් බෙදාහරින්නා ලෙස DPMC දැනටමත් දිවයින පුරා සිය ප්‍රදර්ශනාගාර සහ සේවා ජාලය ව්‍යාප්ත කිරීමට සැලසුම් කර ඇති අතර, විශේෂයෙන් උතුරු සහ නැගෙනහිර පළාත් වෙත ද මෙම සේවා ව්‍යාප්ත කරමින් පුහුණු තාක්ෂණික කණ්ඩායම් සහ අව්‍යාජ අමතර කොටස් ලබා දීමට සමාගම පූර්ණ සූදානමින් සිටියි.

