DFCC බැංකුවේ, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සංවර්ධන ඒකකය සංවිධානය කරන ප්‍රමුඛතම වැඩසටහන් අතුරින් එකක් වනDFCC ව්‍යාපාර හමුව’ තඹුත්තේගම සහ කෑගල්ල ප්‍රදේශවල ජීවත් වන, කෙසෙල් වගාකරුවන්ගේ සහ කුඩා ව්‍යාපාර හිමියන්ගේ කුසලතා සහ දැනුම වර්ධනය කිරීමට පසුගියදා පවත්වන ලදී. මෙම වැඩසටහන හරහා වෙළෙඳපොළ අවස්ථා පිළිබඳ පුළුල් අවබෝධයක් සහ ප්‍රායෝගික ක්‍රමෝපාය පිළිබඳ දැනුම ලබා දෙමින්, කලාපීය ආර්ථික වර්ධනයට ඔවුන්ව සම්බන්ධ කරලීමට කටයුතු කරන ලදී.
රාජාංගනය A-Park (පුද්.) සමාගම සමඟ එක්ව පවත්වන ලද මෙම වැඩමුළුව, ගොවීන්ට සහ ව්‍යවසායකයන්ට මූල්‍ය සාක්ෂරතාව, ව්‍යවසායකත්ව සංවර්ධනය සහ තිරසාර ව්‍යාපාරික පිළිවෙත් පිළිබඳ මඟපෙන්වීම ලබා දෙන ලදී. න්‍යායාත්මක දැනුමෙන් ඔබ්බට යමින්, මූල්‍ය පහසුකම් සඳහා ඇති සීමිත ප්‍රවේශය, වෙළෙඳපොළ සම්බන්ධතා ගොඩනඟා ගැනීමේ දුෂ්කරතා සහ මෙහෙයුම් නවීකරණය කිරීමේ අවශ්‍යතාව වැනි පොදු අභියෝග සඳහා ප්‍රායෝගික විසඳුම් ලබා දීමට මෙම වැඩසටහන මගින් කටයුතු කෙරිණි.
මේ පිළිබඳව අදහස් දැක්වූ DFCC බැංකුවේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර බැංකුකරණ අංශයේ උප සභාපති, ප්‍රදීප් ද අල්විස් මහතා මෙසේ පැවසීය: “රටේ ප්‍රගතියේ ආරම්භක පියවර තැබීමට, එනම් බිම් මට්ටමින්ම දායක වීමට ලැබීම අපට මහත් සතුටක්. ‘ව්‍යාපාර හමුව’ හරහා අප ලබා දෙන්නේ මූල්‍ය පහසුකම් පමණක්ම නෙවෙයි. ගොවීන්ගේ සහ සුළු ව්‍යවසායකයන්ගේ ආත්ම විශ්වාසය ගොඩනැංවීමට, ජීවනෝපාය ශක්තිමත් කිරීමට සහ ඔවුන් ජාතික ආර්ථික වර්ධනයට සක්‍රීය දායක කිරීමට අවශ්‍ය සහයෝගය අප ලබා දෙනවා. මෙලෙස තඹුත්තේගම කෙසෙල් වගාකරුවන්ට සහ කෑගල්ලේ ව්‍යවසායකයන්ට සහාය වීම යනු, ග්‍රාමීය ආර්ථිකයේ මූලයන් පෝෂණය කිරීමක්. එමගින්, ප්‍රජාවටත්, අනාගත පරපුරටත් සෞභාග්‍යමත් අනාගතයක් උදා කිරීම අපගේ ඒකායන අරමුණයි.”
තවද මේ සඳහා සහභාගී වූ පිරිස්වලට, පොකුරු පියල් පදනම් කරගත් ව්‍යාපාර සංවර්ධනය, තිරසාර කෘෂිකර්මය සහ මූල්‍ය සැලසුම්කරණය වැනි විෂයයන් පිළිබඳව විශේෂඥයන් විසින් මෙහෙයවන ලද සැසිවාර සඳහා සහභාගී වීමටද අවස්ථාව හිමි විය. මෙමඟින් ලැබෙන ප්‍රායෝගික දැනුම, ගතික වෙළෙඳපොළේ වඩාත් ඵලදායීව තරඟ කිරීමටත්, තම ප්‍රජාවගේ, තරගකාරී ආර්ථික රටාවට ඔරොත්තු දීමේ හැකියාව වර්ධනය කිරීමටත් ඔවුන්ට උපකාරී වනු ඇත.

