BYD සහ එහි මෙරට බලයලත් බෙදාහරින ආයතනය වන John Keells CG Auto සමග එක්ව ඔවුන්ගේ සත්වැනි ප්‍රදර්ශනාගාරය රත්නපුරදී විවෘත කළේය. ඒ අනුව මෙම නව ප්‍රදර්ශනාගාරයෙන් ඉදිරියේදී රථ වාහන මිලදී ගැනීමට අමතරව අලෙවියෙන් පසු සේවාව හා අමතර කොටස් (3S පහසුකම) එකම වහලක් යටින් ලබාගැනීමේ අවස්ථාව ද BYD පාරිභෝගිකයන්ට ලබාදීමට සැලසුම් කර ඇත.
මෙම නව ප්‍රදර්ශනාගාරයෙන් ශ්‍රී ලංකාව පුරා වේගයෙන් වර්ධනය වන පරිසර හිතකාමී වාහන පිළිබඳව වැඩි වශයෙන් උනන්දුවක් දක්වන පාරිභෝගික ජනතාව සඳහා උසස් තත්වයේ සහ තිරසාර ගමනාගමන විසඳුම් ලබාදීමට BYD සහ JKCG Auto හි කැපවීම පෙන්නුම් කරයි.
N M I EV Solutions පෞද්ගලික සමාගම සමග එක්ව විවෘත කරන ලද මෙම රත්නපුර නව BYD ප්‍රදර්ශනාගාරය බටුගෙදර, ප්‍රධාන මාර්ගයේ පිහිටා ඇති අතර සබරගමුව පළාතේ ජනතාවට BYD හි නව බලශක්ති වාහන පරාසය වෙත ප්‍රවේශවීමට සහ ඒවා මිලදී ගැනීමට හැකියාව ඇත.
මෙම නව ප්‍රදර්ශනාගාරයේ SHARK 6, SEALION 6, DOLPHIN, SEALION 5 සහ විවිධ විදුලි වාහන මාදිලි ඇතුළුව BYD හි නවතම විදුලි සහ plug-in hybrid වාහන පරාසය ද සමන්විත වනු ඇත. එමෙන්ම BYD හි අනුමැතිය සඳහා සුදුසුකම්ලත් මෙන්ම නව බලශක්ති වාහන තාක්ෂණය පිළිබඳව නිශ්චිත පුහුණුවක් ලබා ඇති පළපුරුදු වෘත්තිකයන් මෙහි සේවය කරනු ලබයි.
BYD දැන් බස්නාහිර, දකුණ, මධ්‍යම, වයඹ, නැගෙනහිර සහ සබරගමුව යන පළාත්වල ක්‍රියාත්මක වේ. තවද මේ වනවිට කොළඹ, මීගමුව, ගම්පහ, කළුතර, කරාපිටිය, මාතර, තංගල්ල, පුත්තලම සහ මහනුවර ඇතුළු ප්‍රධාන නගර රැසක විදුලි වාහන Charge කිරීමේ මධ්‍යස්ථාන 21ක් BYD ස්ථාපනය කර ඇත.

