BOI ආයෝජන සංසදය 2026 මාර්තු 30 දා


ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය මගින් සංවිධානය කරන Sri Lanka Investment Forum  2026 ලබන මාර්තු 30 වැනිදා කොළඹ සිනමන් ලයිෆ් හෝටලයේදී පැවැත්වීමට නියමිතව ඇතැයි පවසයි. Investing in Sri Lanka’s Green and Connected Future යන තේමාව යටතේ මෙය සංවිධානය වෙයි.  
ඒ අනුව හරිත අනාගතය හැඩගැස්වීම යටතේ පුනර්ජනනීය බලශක්ති සංවර්ධන දිශානතියන්, හරිත පරිවර්තනය සඳහා ආයෝජනය සහ හරිත මූල්‍ය වැඩසටහන් පිළිබඳව මෙහිදී සාකච්ඡා කිරිමට නියමිතව තිබේ. 
මීට අමතරව සේවා අංශය, නිෂ්පාදන අංශය, ලෙෂර් සහ විනෝදාස්වාදය සහ යටිතල පහසුකම් යන තේමා යටතේ තවත් සැසි කිහිපයක්ද සංවිධානය කෙරෙන බව ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සඳහන් කරයි.