
ලංකා බැංකුව විසින් දිවයින පුරා 9,000 කට අධික සිය කාර්ය මණ්ඩල සාමාජික සාමාජිකාවන් සමග එක්ව QR ගෙවීම් සේවා ප්‍රවර්ධනය කිරීමේ වැඩසටහනක් පසුගිය දා දියත් කෙරිණි.
ගෙවීම් කටයුතු සිදු කිරීමට හා ලබා ගැනීමට පහසු, වේගවත් මෙන්ම ආරක්ෂිත විසඳුම් සපයන BOC Flex සහ Lanka QR සේවා මගින් ගනුදෙනුකරුවන් සහ ව්‍යාපාර භෞතික වශයෙන් මුදල් භාවිතයෙන් තොර ඩිජිටල් ගනුදෙනු ක්‍රමවේද වෙත යොමු කරවීමට කටයුතු කරන අතර, මෙමගින් වඩා ප්‍රශස්ත ඩිජිටල් අනාගතයක් වෙත ලාංකීය ජාතිය ගෙන යාම ලංකා බැංකුවේ අරමුණයි.

