

NeenOpal සමාගම, Amazon Web Services (AWS) සමග එක්ව, දේශීය ව්‍යවසායක නායකයන්, තාක්ෂණීය වෘත්තීයවේදීන්, කර්මාන්ත විශේෂඥයන් සහ ඉහළ ව්‍යාපාරික ප්‍රධානීන් රැසකගේ සහභාගිත්වයෙන් පෑවැත්වූ 2026 AI Catalyst Symposium Sri Lanka සම්මන්ත්‍රණය පසුගියදා කොළඹ දී සාර්ථකව පැවැත්වීය. මෙය කෘත්‍රිම බුද්ධිය (AI) පිළිබඳ පර්‌යේෂණාත්මක මට්ටම ඉක්මවා සාර්ථකව ක්‍රියාත්මක කිරීම හරහා මැනිය හැකි ව්‍යාපාරික ප්‍රතිඵල ලබාගැනීම පිළිබඳව සාකච්ඡා කළ වැදගත් වේදිකාවක් බවට පත්විය.
“AI Ambition සිට AI Execution දක්වා” යන තේමාව යටතේ පැවති මෙම සම්මන්ත්‍රණය, වර්තමානයේදී ආයතන මුහුණ දෙන අතිශය වැදගත් අභියෝගයක් වන AI විසඳුම් විශාල පරිමාණයෙන් ක්‍රියාත්මක කිරීම සහ AI හා සිදු කරන ආයෝජන සැබෑ ව්‍යාපාරික වටිනාකමක් බවට පරිවර්තනය කිරීම කෙරෙහි අවධානය යොමු කළේය.
ලෝකය පුරාම ආයතනික අධ්‍යක්ෂ මණ්ඩල මට්ටමේ සාකච්ඡාවල AI ප්‍රධාන මාතෘකාවක් බවට පත්ව ඇති නමුත්, බොහෝ සංවිධාන තවමත් පර්‌යේෂණාත්මක ව්‍යාපෘති සහ සංකල්ප සාධන (Proof of Concept) මට්ටමට සීමා වී ඇත. මෙම සම්මන්ත්‍රණය එම පරතරය පිරවීම අරමුණු කර ගනිමින්, න්‍යායාත්මක සාකච්ඡා සහ AI පිළිබඳ අධික ප්‍රචාරණයෙන් ඉවත්ව, ප්‍රායෝගික රාමු, පාලන ආකෘති, ක්‍රියාත්මක කිරීමේ උපායමාර්ග සහ සැබෑ අත්දැකීම් මත පදනම් වූ විසඳුම් කෙරෙහි අවධානය යොමු කළේය.
AI මගින් මෙහෙයවන පරිවර්තනය සාර්ථකව අත්කරගන්නා ආයතන සහ තවමත් පර්‌යේෂණාත්මක මට්ටමේ රැඳී සිටින ආයතන අතර වෙනස තීරණය කරන මූලික සාර්ථකත්වයේ සාධක පිළිබඳව කර්මාන්ත නායකයෝ සිය අදහස් හුවමාරු කර ගත්හ.AI හි සැබෑ වටිනාකම තාක්ෂණය තුළ නොව, ව්‍යාපාරික ක්‍රියාවලි පරිවර්තනය කිරීම, තීරණ ගැනීම වැඩිදියුණු කිරීම, මෙහෙයුම් කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සහ තිරසාර තරගකාරී වාසියක් නිර්මාණය කිරීමේ හැකියාව තුළ පවතින බව ඔවුහු අවධාරණය කළහ.
AI ව්‍යාපෘති පරීක්ෂණ මට්ටමේ සිට නිෂ්පාදන පරිසරයට ගෙන යාම, AI භාවිතයට ආයතනවල සූදානම ගොඩනැගීම, ආයෝජන ප්‍රතිලාභ (ROI) පාලන හා ආරක්ෂක රාමු ශක්තිමත් කිරීම, AI බලගැන්වූ වැඩ ප්‍රවාහ මගින් මෙහෙයුම් කාර්යක්ෂමතාව වැඩිදියුණු කිරීම සහ ව්‍යවසාය ස්වයංක්‍රීයකරණයේ Agentic AI හි වර්ධනය වන භූමිකාව අවබෝධ කර ගැනීම යන ප්‍රධාන මාතෘකා පිළිබඳ ගැඹුරු සාකච්ඡා මෙම සම්මන්ත්‍රණයේදී සිදු විය.
නිෂ්පාදන, සිල්ලර වෙළෙඳාම, ලොජිස්ටික්ස්, බැංකු හා මූල්‍ය සේවා සහ සෞඛ්‍ය සේවා වැනි කර්මාන්තAI ක්‍රියාත්මක කිරීම හරහා දැනටමත් මැනිය හැකි ව්‍යාපාරික ප්‍රතිඵල ලබාගෙන ඇති ආකාරය ද කථිකයෝ විමර්ශනය කළහ. AI පරිවර්ථනය ඉදිරියට ගෙන යාම සහ ආයතන වේගයෙන් වෙනස් වනAI -සක්‍රීය ව්‍යාපාරික පරිසරයක තරගකාරීව පවත්වා ගැනීම සඳහා නායකත්වයේ වගකීම් පිළිබඳවද විශේෂ අවධානය යොමු විය.
ශ්‍රී ලංකාවට ව්‍යවසාය මට්ටමේ AI භාවිතය වේගවත් කරමින් කලාපීය සහ ගෝලීය වෙළෙඳපොළේ සිය තරගකාරීත්වය ශක්තිමත් කර ගැනීම සඳහා ඇති අවස්ථා මෙම සම්මන්ත්‍රණයේදී මූලික වශයෙන් අවධානය යොමු කළේය. AI සඳහා ව්‍යූහගත උපායමාර්ග සකස් කිරීම, සේවක සූදානම සඳහා ආයෝජනය කිරීම, ශක්තිමත් පාලන යාන්ත්‍රණ ස්ථාපිත කිරීම සහ බලපෑමක් ඇති ව්‍යාපාරික භාවිත අවස්ථා ප්‍රමුඛත්වයට පත් කිරීමේ අවශ්‍යතාව විශේෂඥයෝ අවධාරණය කළහ.

