ශ්‍රී ලංකාවේ සාමාන්‍ය රක්ෂණ ක්ෂේත්‍රයේ විශ්වසනීය ප්‍රමුඛයා වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ජෙනරල් ලිමිටඩ් (SLIC General), 2026 වසරේ ශ්‍රී ලංකාවේ අංක 1 වඩාත් ආදරණීයම (Most Loved) සාමාන්‍ය රක්ෂණ සන්නාමය ලෙස ගෞරව ඇගයීමට පාත්‍ර වී ඇත.
LMD – The Voice of Business සඟරාව මගින් පිරිනමන ලද මෙම ගෞරව ඇගයීම තුළින්, පාරිභෝගිකයන් SLIC General කෙරෙහි අඛණ්ඩව දක්වන දැඩි විශ්වසනීයත්වය, පිළිගැනීම සහ දිගු කාලීන සබඳතාව මනාව පෙන්නුම් කරයි. එමෙන්ම ශ්‍රී ලංකාව පුරා විසිරී සිටින ජනතාවගේ ජීවිත සහ ව්‍යාපාර සුරක්ෂිත කිරීම වෙනුවෙන්, විශිෂ්ට සේවා සැපයීම, නවෝත්පාදනය සහ විශ්වසනීයත්වය පවත්වා ගැනීම උදෙසා සමාගම විසින් දක්වනු ලබන අසමසම කැපවීම පිළිබඳව ද මේ තුළින් මනාව තහවුරු වේ.
රක්ෂණ ක්ෂේත්‍රයේ සිය ප්‍රමුඛස්ථානය අඛණ්ඩව පවත්වාගෙන යමින්, දිවයින පුරා සිටින ජනතාවගේ ජීවිත සුරක්ෂිත කිරීමට, ප්‍රජාව සවිබල ගැන්වීමට සහ විශ්වසනීය රක්ෂණ විසඳුම් ඉදිරිපත් කිරීමට SLIC General නිරතුරුව කටයුතු කරයි. එමෙන්ම, මෙම ජයග්‍රහණය හරහා සන්නාමය ශක්තිමත් කිරීමට සහ දිගුකාලීන පාරිභෝගික සබඳතා වැඩිදියුණු කිරීමට සාමූහිකව දායකත්වය ලබා දුන් සේවකයන්, අලෙවි කණ්ඩායම්, ව්‍යාපාරික හවුල්කරුවන් සහ පාර්ශවකරුවන්ගේ කැපවීම ද ඇගයීමට ලක් කෙරෙනු ඇත.
මෙම පිළිගැනීමෙන් රක්ෂණ ක්ෂේත්‍රයේ මෙරට සිටින ප්‍රමුඛතම රක්ෂකයා ලෙස SLIC General හට හිමි ස්ථානය තවදුරටත් බලගැන්වෙන අතර, සියලුම පාරිභෝගික සේවා ස්ථාන හරහා ඉහළම ප්‍රමිතීන් පවත්වා ගනිමින් නිෂ්පාදන, සේවා සහ පාරිභෝගික අත්දැකීම් තවදුරටත් වැඩිදියුණු කිරීමට සමාගම කටයුතු කරයි.
වර්තමානය වන විට, මෙම බැඳීම ස්ථාවරව වර්ධනය වී ඇත. ඒ අනුව, 2025 වසරේදී රුපියල් බිලියන 30.3 ක දළ ලිඛිත වාරික ආදායමක් සහ සියයට 20.2ක වෙෙළඳපොළ ප්‍රතිශතයක් හිමිකර ගනිමින්, ශ්‍රී ලංකාවේ සාමන්‍ය රක්ෂණ ක්ෂේත්‍රයේ අවිවාදිත වෙෙළඳපොළ ප්‍රමුඛයා ලෙස SLIC General සමාගම තවදුරත් අඛණ්ඩව රැඳී සිටියි.

