2026 වර්ෂයට ගෑස් සැපයුම් ටෙන්ඩරය Geo Gas සමාගමට


නිමල කොඩිතුවක්කු


ලිට්‍රෝ ගෑස් ලංකා සමාගමේ ද්‍රව පෙට්‍රෝලියම් වායු (LP Gas) සැපයීම සඳහා වන ප්‍රසම්පාදනය ප්‍රදානය කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.
ලිට්‍රෝ ගෑස් ලංකා සමාගම වෙත 2026 වර්ෂය සඳහා අවශ්‍ය ද්‍රව පෙට්‍රෝලියම් වායු (LP Gas) සපයා ගැනීම සඳහා ප්‍රසම්පාදක මාර්ගෝපදේශ - 2024 හි විධිවිධාන පරිදි ද්විත්ව කවර ක්‍රමවේදය යටතේ තාක්ෂණික හා මූල්‍ය ලංසු කැඳවා තිබේ. ඒ අනුව, ලංසුකරුවන් 05 දෙනකු විසින් ලංසු ඉදිරිපත් කර ඇති අතර, ලංසු 02 ක් තාක්ෂණික ඇගයීමෙන් අනතුරුව මූල්‍ය ලංසු ඇගයීම සඳහා සුදුසුකම් ලබා ඇත. 
ඒ අනුව, අදාළ ලංසු සම්බන්ධයෙන් ඉහළ මට්ටමේ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුව සහ ප්‍රසම්පාදන අභියාචක මණ්ඩලය විසින් ඉදිරිපත් කරනු ලැබ ඇති නිර්දේශ මත පදනම්ව, 2026 ජනවාරි මාසයේ සිට මාස 12න කාලයක් සඳහා ද්‍රව පෙට්‍රෝලියම් වායු මෙට්‍රික්ටොන් 380,000 (±20%ක්) ලිට්‍රෝ ගෑස් ලංකා සමාගම් වෙත සපයා ගැනීම සඳහා වන ප්‍රසම්පාදනය, Geo Gas Trading S./වෙත ප්‍රදානය කිරීම පිණිස මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධඛ්‍යා අමාත්‍ය වශයෙන් ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.