2026 දී සමාගම් CSE හි ණයකර නිකුතුවලින් රුපියල් බිලියන 60ක් රැස් කරගෙන


මෙරට සමාගම් කොළඹ කොටස් හුවමාරුවේ සිදු කරන ණයකර නිකුතු හරහා 2026 වසරේ මේ දක්වා කාලය තුළ රුපියල් බිලියන 60 කට ආසන්න අරමුදල් රැස් කරගැනීමකට සමත්ව ඇතැයි වාර්තා වෙයි.  

එම හුවමාරුවේ ප්‍රධාන විධායක නිලධාරී රජීව බණ්ඩාරනායක මහතා පසුගියදා එහි සිදු කෙරුණු අබාන්ස් ෆිනෑන්ස් ණයකර කොටස් ලැයිස්තුගත කිරීමේ අවස්ථාවේදී අදහස් දක්වමින් මෙම කරුණු අනාවරණය කළේය. 

 “අද වනවිට සමාගම් තමන්ගේ අරමුදල් අවශ්‍යතාව වෙනුවෙන් ප්‍රාග්ධන වෙළෙඳපොළ යොදා ගැනීමේ වර්ධනයක් පෙන්නුම් කරනවා. එහිදී ආසන්න කාලයේදී වැඩි වශයෙන් ණයකර නිකුතු සිදු වුණා. 2024 වසරේදී මේ ණයකර හරහා රැස් කළ මුදල රුපියල් බිලියන 95 ක්. 2025 දී එය රුපියල් බිලියන 113 ක් වුණා. 2026 මේ දක්වා එය රුපියල් බිලියන 60ක්.’  

මේ අතර 2025 වසරේදී කොළඹ කොටස් හුවමාරුව තුළ නව ණයකර ලැයිස්තුගත කිරීම් 22ක් දැකගත හැකි වූ බවත්, එහිදී නව සමාගම් තුනක් ඒ හරහා ලැයිස්තුගතවීම සිදු වුණු බවත් රජීව මහතා සඳහන් කරයි.  

 “මූලික මහජන කොටස් නිකුතු, ලංකාවේ පලමුවරට සිදුකළ GSS+ ණයකර නිකුතු, ෂරියා නීතියට අනුකූල ණයකර උපාංග සහ ඉහළ ඵලදාවක් සහිත බැඳුම්කර ඒ අතර පැවතුණා.