දළ ලිඛිත වාරික අගය රු.මි. 384,963ක් දක්වා සියයට 19කින් ඉහළට
රක්ෂණ ක්ෂේත්‍රයේ වත්කම් රු.මි. 1,432,207ක් දක්වා සියයට 17.1කින් ඉහළට
භානුක අමරසිංහ
මෙරට රක්ෂණ ක්ෂේත්‍රයේ දළ ලිඛිත වාරික අගය සහ වත්කම් 2024 සිව්වැනි කාර්තුවට සාපේක්ෂව 2025 සිව්වැනි කාර්තුවේදී කැපී පෙනෙන වර්ධනයක් වාර්තා කර තිබේ. ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාව මගින් 2025 සිව්වැනි කාර්තුව සඳහා නිකුත් කළ කාර්යසාධන වාර්තාවේ මේ බව සටහන්ව තිබේ.
ඒ අනුව 2025 සිව්වැනි කාර්තුව වන විට මෙරට රක්ෂණ ක්ෂේත්‍රයේ දළ ලිඛිත වාරික අගය (GWP) රුපියල් මිලියන 384,963ක් ලෙස සටහන්ව ඇති අතර, එය 2024 සිව්වැනි කාර්තුවේ වාර්තා කළ රුපියල් මිලියන 323,543 හා සැසඳීමේදී සියයට 19ක ඉහළ යාමකි.

