ශ්‍රී ලංකාවේ විශාලතම සහ ශක්තිමත්ම රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සමාගම (SLIC) 2025 ජාතික සැපයුම්දාම විශිෂ්ටතා සම්මාන (National Supply Chain Excellence Awards) උළෙලේදී, ‘සේවා සැපයුම් කාණ්ඩය යටතේ හොඳම සැපයුම් භාවිතයන් පෙන්නුම් කළ ආයතනය‘ ලෙස ගෞරවනීය ඇගයුම් සම්මානයට පාත්‍ර විය. කර්මාන්ත අමාත්‍යාංශය සහ සැපයුම් හා ද්‍රව්‍ය කළමනාකරණ ආයතනය (Institute of Supply and Materials Management - ISMM) එක්ව සංවිධානය කරනු ලැබූ මෙම සම්මාන උළෙල, ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පිහිටි, මොනාක් ඉම්පීරියල් හෝටලයේදී පසුගියදා වර්ණවත් අයුරින් පැවැත්විණි.
විනිවිදභාවය, අනුකූලතාව සහ මෙහෙයුම් කාර්යක්ෂමතාව සඳහා දක්වන ලද අඛන්ඩ කැපවීම, ප්‍රසම්පාදන කළමනාකරණයේදී SLICහි ආදර්ශමත් වූ කාර්ය සාධනය, මෙම ගෞරව සම්මානය ලබාගැනීමෙන් මැනවින් පිළිබිඹු වේ. නිර්දේශිත වූ ආයතන 24 ක් අතරින් තෝරා ගන්නා ලද SLIC හි ප්‍රසම්පාදන අංශය, එහි ශක්තිමත් පාලන රාමුව සහ ජාතික ප්‍රසම්පාදන මාර්ගෝපදේශවලට අනුකූලවීම, එහි සැපයුම්දාමය පුරා වගකීම් සහිත හා තිරසර භාවිතය සහතික කිරීමෙන් පැසසුමට ලක් කෙරිණි.
මෙම සම්මාන උළෙල, 2025 ජාතික සැපයුම්දාම දිනය සැමරීමේ උත්සවයට සමගාමීව ක්‍රියාත්මක වූ අතර, එය උදෑසන සම්මන්ත්‍රණයකින් සහ ඇගයුම් සම්මාන ප්‍රදානෝත්සවයක් ඇතුළු පුළුල් වැඩසටහනකින් සමන්විත විය. ISMM විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන මෙම වැඩසටහන හරහා නිෂ්පාදන, සේවා සහ වෙළෙඳ ක්ෂේත්‍රයේ පවතින විශිෂ්ට ක්‍රියාදාම අගය කරමින්, අති විශාල, විශාල, මධ්‍යම සහ කුඩා ව්‍යවසාය කාණ්ඩ යටතේ සම්මාන ප්‍රධානය කරන ලදී.

