2025 ඒකාබද්ධ වාර්තාකරණ විශිෂ්ටතා සම්මාන උළෙලේදී ලංකාවේ හොඳම වාර්තා අතරට NDB බැංකුවට පිළිගැනීමක්



ආයතනික වාර්තාකරණයේ සිය ප‍්‍රමුඛත්වය තවදුරටත් තහවුරු කරමින්, 2025 වසරේ කීර්තිමත් CMA ඒකාබද්ධ වාර්තාකරණ විශිෂ්ටතා සම්මාන උළෙලේදී NDB බැංකුව නැවත වරක් ගෞරවයට පාත‍්‍ර විය. පසුගියදා සිනමන් ලයිෆ් හෝටල් පරිශේයේදී පැවති මෙම වසරේ සම්මාන උළෙලේදී, NDB බැංකුව ශ‍්‍රී ලංකාවේ හොඳම ඒකාබද්ධ වාර්තා දහය අතරට පිළිගැනීමට ලක් වූ අතර, හොඳම ඒකාබද්ධ වාර්තාව මෙන්ම බැංකු අංශය කාණ්ඩයේ අනුශූරතාව ද හිමිකර ගත්තේය.

ශ‍්‍රී ලංකා සහතිකලත් කළමනාකරණ ගණකාධිකාරීවරුන්ගේ ආයතනය විසින් සංවිධානය කරනු ලබන වාර්ෂික CMA ඒකාබද්ධ වාර්තාකරණ විශිෂ්ටතා සම්මාන උළෙල, ඒකාබද්ධ වාර්තාකරණයේ හොඳම භාවිතය ඉදිරියට ගෙන යාම සඳහා කැප වූ රටේ බිහිවී ඇති වඩාත්ම ගෞරවනීය වේදිකාවකි. මූල්‍ය හා මූල්‍ය නොවන කාර්ය සාධනය, දිගුකාලීන උපාය මාර්ග, පාලනය සහ ගෝලීය වශයෙන් පිළිගත් ඒකාබද්ධ වාර්තාකරණ මූලධර්ම සමඟ පෙළගැස්වීමේදී පාර්ශවකරුවන්ගේ සහභාගීත්වය ඇතුළත් වන පරිදි, විවිධ ආයතන ඔවුන්ගේ වටිනාකම් නිර්මාණය කිරීමේ හැකියාව කෙතරම් ඵලදායී ලෙස ප‍්‍රකාශ කරන්නේද යන්න මෙම සම්මාන උළෙල මගින් ඇගයීමට ලක් කෙරේ.

මෙම ඇගයීම පිළිබඳව අදහස් පළ කරමින්, උප සභාපති - මූල්‍ය, අසාම් අහමාත් මෙසේ පැවසීය. හොඳම ඒකාබද්ධ වාර්තා දහය අතරට ශේණිගත වීම සහ බැංකු අංශයේ අනුශූරතා සම්මානය හිමි වීම NDB බැංකුවේ විනිවිද පෙනෙන, අදාළ සහ උසස් තත්වයේ වාර්තාකරණය සඳහා වන අපගේ ඇති අඛණ්ඩ කැපවීමට හොඳම සාක්ෂියකි. අපගේ වාර්ෂික වාර්තාව හුදෙක් ව්‍යවස්ථාපිත අවශ්‍යතාවකින් ඔබ්බට ගොස් එය අපගේ උපායමාර්ගික දිශානතිය, කාර්ය සාධනය සහ වටිනාකම් නිර්මාණය ආදී කරුණු සියලූ කොටස්කරුවන්ට සහ පාර්ශවකරුවන්ට විවෘතව සහ පැහැදිලිව සන්නිවේදනය කරන මාධ්‍යයකි. ජාත්‍යන්තර ප‍්‍රමිතීන්ට අනුකූලව සහ පාර්ශවකරුවන්ගේ අපේක්ෂා සියල්ලට අවධනය යොමු කරමින් අපගේ වාර්තාකරණය තවදුරටත් පරිපූර්ණ කිරීම වෙනුවෙන් මෙම පිළිගැනීම අපව දිරිමත් කරයි.’

‘CMA සම්මාන උළෙලේදී NDB බැංකුවේ අඛණ්ඩ කැපවීම, වගවීම සහ ශක්තිමත් තොරතුරු වාර්තාකිරීම කෙරෙහි අපගේ ඇති නොසැලෙන අවධානයද අවධාරණය කරයි. බැංකුවේ ඒකාබද්ධ වාර්තාකරණ රාමුව තිරසාරභාවය, අවදානම් කළමනාකරණය, පාලනය, ඩිජිටල් පරිවර්තනය සහ දිගුකාලීන වටිනාකම් නිර්මාණය සඳහා අපගේ ඇති පරිපූර්ණ කැපවීම පිළිබිඹු කරයි. එමගින් අපගේ උපායමාර්ගවලට අනුව අපගේ ගනුදෙනුකරුවන්ට, ප‍්‍රජාවට, සේවකයන්ට මෙන්ම කොටස් හිමියන්ට විශිෂ්ටත්වයෙන් යුතුව සේවය සැලසීම අවධාරණය කෙරෙයි’ යනුවෙන් ඔහු තවදුරටත් පැවසීය.

මෙවැනි පිළිගැනීම් මගින් ශ‍්‍රී ලංකාවේ වඩාත්ම විශ්වාසදායක මූල්‍ය ආයතනයක් ලෙස NDB බැංකුවේ ස්ථාවරය නැවත තහවුරු කරන අතර, ජාතියේ මූල්‍ය ක්ෂේත‍්‍රයේ ප‍්‍රගතිය මෙහෙයවන අතරම විනිවිදභාවය සහ වගකිවයුතු බැංකුකරණ සංස්කෘතියක් පෝෂණය කිරීමට කැපවී සිටී.