2022 වසරින් පසුව ප්‍රථම වතාවට ඩො.මි. 50 ක දේශීය ඩොලර් බැඳුම්කර නිකුත් කරලා


දේශීය වාණිජ බැංකුවලින් ඩොලර් එක්රැස් කිරීම සඳහා 2022 වසරින් පසුව ප්‍රථම වතාවට ඇමෙරිකානු ඩොලර් මිලියන 50 ක වටිනාකමින් යුත් දේශීය ඩොලර් බැඳුම්කර ප්‍රමාණයක් රජය නිකුත් කර ඇත.
වසරේ සිට වසර තුන දක්වා කල් පිරෙන බැඳුම්කර එම බැඳුම්කරවලට අයත්වන අතර එහි පොලී අනුපාත තරගකාරී ලංසු ක්‍රමය යටතේ තීරණය කරනු ලබයි. දේශීය වාණිජ බලපත්‍රලාභී බැංකුවලට පමණක් එළැඹෙන 3 වැනිදා සිට 10 වැනිදා දක්වා බැඳුම්කර ලබා ගැනීමට හැකියාව පවතී.
මෙම කෙටිකාලීන ද්‍රවශීලතා මෙවලම සඳහා ඇමරිකානු ඩොලර් වලින් නියම කරන ලද පොලී අනුපාත, දේශීය බදු රෙගුලාසිවලට යටත්ව, භාණ්ඩාගාරය විසින් සෑම මාස හයකට වරක් හෝ වාර්ෂිකව ගෙවනු ලැබේ. 2017 අංක 12 දරන විදේශ විනිමය පනතට අනුව මහ බැංකුවේ අවසරය ලබා ගැනීමෙන් පසු භාණ්ඩාගාරය පසුගිය 21 වැනිදා ඩොලර් බැඳුම්කර නිවේදනය නිකුත් කළේය.
බැඳුම්කර වෙන්දේසියේදී අවම ආයෝජනය ඇමරිකානු ඩොලර් 1,000,000 ක් වනු ඇති අතර එය ඇමරිකානු ඩොලර් 100,000 ගුණාකාර වලින් ඉහළ දමා ගත හැකිය. බැඳුම්කර ලබා ගන්නා මෙරට බලපත්‍රලාභී දේශීය වාණිජ බැංකුවලට නිව්‌යෝර්ක්හි ෆෙඩරල් රිසර්ව් බැංකුවේ මෙරට මහ බැංකු ගිණුමට ගෙවීම් සිදුකර ඇත.