IMG-LOGO

2025 මැයි මස 05 වන සඳුදා


හමුදාව ශක්තිමත්

රණවිරුවන්ට ජනපතිගේත් ජාතියේත් ගෞරවය

(ආරියරත්න රණබාහු)

අපේ ආරක්ෂක හමුදා ජාතික ආරක්ෂාව පිළිබඳ කාර්යයේදී යුද්ධ කිරීමට මෙන්ම සමාජ සුබ සාධනය රටේ සංවර්ධනය ආදී කටයුතුවලදී තමන්ගේ වගකීම සහ යුතුකම් ඉටු කිරීමට නිරතුරුව කැපවී සිටින්නේ යැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා 8 වැනි ජාතික රණවිරු සමරු උත්සවය අමතමින් ඉකුත් සිකුරාදා (19) ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේදී පැවසීය.

ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පාර්ලිමේන්තු ක්‍රීඩා පිටිය අසළ රණවිරු ස්මාරකය අභියසදී පැවති මෙම උත්සවය සංවිධානය කරනු ලැබුවේ ආරක්ෂක අමාත්‍යාංශය සහ රණවිරු සේවා අධිකාරිය විසිනි.

ජනාධිපතිවරයා මෙසේද කීය.
අපේ රටේ නිදහස සාමය ස්වාධීනත්වය භෞමික අඛණ්ඩතාව වෙනුවෙන් දිවි පූජා කරමින් ත්‍රස්තවාදය අවසන් කරමින්, ජාතියේ නිදහස සහ නිදහස් සමාජයක් රට තුළ ස්ථාපිත කළ ශ්‍රේෂ්ඨ රණවිරුවන් සිහිපත් කිරීමේ ජාතික දිනය අදයි. අපේ රටේ 1948 සිට සෑම වසරකම පෙබරවාරි මාස 4 වැනිදා බි්‍රතාන්‍ය පාලනයෙන් නිදහස ලබාගත් දිනය ලෙස අප සමරනවා. 70 දශකයේ මැද භාගයේ ආරම්භ වූ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන්ගේ ම්ලේච්ඡ ක්‍රියා පරාජය කරන්නට දිවි හිමියෙන් කටයුතු කළ ජීවිත පරිත්‍යාග කළ ආබාධිත වූ ඒ ශ්‍රේෂ්ඨ රණවිරුවන් සිහිකිරීම වෙනුවෙන් අද දවස ජාතික රණවිරු දිනය නමින් නම්කරලා අපි සමරනවා. රටක් වශයෙන් ගත්විට අපිට වසර දහස් ගණනක ඉතිහාසය පුරා ආක්‍රමණවලට මුහුණ දීමේ සහ ආක්‍රමණවලින් අපේ රට බේරාගැනීම පිළිබඳ අත්දැකීම් බහුලයි.

1948 බි්‍රතාන්‍ය පාලනයෙන් අපේ රට නිදහස් කරගෙන සාමකාමී ලෙස ඉතා ස්වයංපෝෂිත රාජ්‍යයක් ලෙසින් ඉදිරියට යනකොට තමයි 70 දශකයේ මැද භාගයේ මේ රට දෙකඩ කරන්න ම්ලේච්ඡ ඊලාම් ත්‍රස්තවාදීන් යුද්ධයක් ආරම්භ කළේ ඒ යුද්ධය ඔබ අපි දන්නා පරිදි වසර 30 ක් පමණ ඇදී ගියා. අපි එවැනි යුද්ධයකට සූදානම්වී සිටි රටක් නොවෙයි. එහෙත් අපේ ත්‍රිවිධ හමුදා ඇතුළු ආරක්ෂක අංශය ඒ සඳහා වීරත්වයෙන් මුහුණ දුන්නා. ඇතැම් අවස්ථාවල අපේ තාවකාලික පසුබැසීම්  සිදුවුණා. ඇතැම් අවස්ථාවල අපට සිදුවුණා. අපේ රට දෙකඩවීම වැළැක්වීම සඳහා ඉන්දියාවට ආරාධනා කරන්න යුද සහාය ලබාගැනීමට ඉන්දීය යුද හමුදාව ලක්ෂකට ආසන්න ප්‍රමාණයක් අපේ රටට පැමිණියත් ඔවුන්ටත් පුළුවන් වුණේ නැහැ. ඒ කාලසීමාව තුළ ත්‍රස්තවාදය පරාජය කරන්න. එහෙත් මේ මාතෘභූමියේ උපන් ශ්‍රේෂ්ඨ රණවිරුවන්ට පුළුවන්කම ලැබුණා සිය ජීවිත පූජා කරමින් අපේ මෘතෘභූමිය නිදහස් කරගන්න.

මේ කාලසීමාවේ රණවිරුවන් සහ සිවිල් ජනතාව ලක්ෂයකට ආසන්න සංඛ්‍යාවක් මියගියා. ආබාධිත වූ ශ්‍රේෂ්ඨ රණවිරුවන් අදත් ඔවුන්ගේ නිවෙස්වල ඔවුන්ගේ භාරකරුවන් සමඟ අපේ හමුදා සුබසාධන මධ්‍යස්ථාන තුළ සිටිනවා. යුද්ධය සිහිපත්වන සෑම අවස්ථාවකම ඔවුන්ගේ ශ්‍රේෂ්ඨ සටන්කාමීත්වය තුළ ජීවිත පූජා කළ අවස්ථා අතපය අහිමිව ආබාධිත වූ අවස්ථාත් සිය දරු පවුල් අසරණ වූ ඛේදනීය තත්ත්වයත් ඒ සියල්ල මැනවින් අධ්‍යනය කළවිට සැමවිටම ශ්‍රී ලංකා ජනරජයත් මුළු මහත් ලාංකික ජනතාවත් මුළු මහත් ජාතියත් අද ඒ රණවිරුවන්ට ගෞරවය පිරිනමනවා.

නව තාක්ෂණය තුළ ලෝකයේ දියුණු රටවල්වල තිබෙන යුධ උපක්‍රම ශිල්පීය ඥානයන් සමග උසස් ප්‍රමිතියකින් යුත් ගුණාත්මක සේවාවක් ලෙස ආරක්ෂක සේවාව පවත්වාගෙන යාම සඳහා අපි රජය විදියට සැමවිටම කටයුතු කරනු ලබනවා. යුද්ධය අවසන්වී වසර අටකට වැඩියි. එම කාල සීමාව තුළ පසුගිය රජයත් මගේ රජයේ කාල සීමාවත් ගත්විට රණවිරු සුබසාධනය වෙනුවෙන් අප විසින් කරන ලද කාර්යයන් රාශියක් තිබෙනවා.

ගෙවීගිය වසර දෙකහමාර තුළ අපේ වර්තමාන රජය රණවිරු සුබසාධනය සඳහා විශේෂ වරප්‍රසාද පහසුකම් දීමනා රාශියක් ලබා දී තිබෙනවා. ත්‍රිවිධ හමුදාවේ සේවය කරන කාර්ය මණ්ඩලවගේම සුබ සාධන කඳවුරුවල සිටින ආපදාවන්ට ලක්වූ රණවිරුවන් සඳහා අප විසින් කරන ලද කාර්යයන් මෙතකැයි කියා කීමට පුළුවන් කමක් නැහැ. ඒ සියලු වගකීම් සහ යුතුකම් අපි රජයක් විදියට ඉටුකර තිබෙනවා. නිවාස ඉදිකිරීම් සඳහා පසුගිය වසර ගණනාවක් තුළ තිබූ වැඩපිළිවෙළ අපි තව තවත් විධිමත් කරමින් කාර්යක්ෂම කරමින් සෑම රණවිරුවෙකුටම නිවෙසක් ලබා දීමේ ජාතික කාර්යය මේ වනවිට ඉටුකරගෙන යනවා. එක් පැත්තකින් රණවිරු සේවා අධිකාරිය තවත් පැත්තකින් මේ සඳහා තිබෙන විවිධ ආයතන අමාත්‍යාංශ, මේ සම්බන්ධයෙන් කටයුතු කරන පරිත්‍යාගශීලීන් දානපතීන් සෑම කෙනෙක්ම මේ වගකීම යුතුකම නිසිලෙස ඉටුකරනු ලබනවා.

ඇතැම් විවේචකයින් දෝෂාරෝපණය කරන අය ආරක්ෂක හමුදා විවේචනය කරන අය ආරක්ෂක හමුදා සාමාජිකත්වය පිළිබඳව සැමවිටම විවේචන එල්ල කරමින් අපේ හමුදාව වැඩියි. ඉවත් කළ යුතුයි. කියා එවැනි චෝදනා කොතෙක් එල්ල කළත් ජාතික ආරක්ෂාව පිළිබඳව දරන්නාවූ වගකීම දරන රජය සැමවිටම ත්‍රිවිධ හමුදාව ශක්තිමත් කිරීමේ කාර්යය නොපිරිහෙලා ඉටුකරන බව මෙහිදී විශේෂයෙන් සඳහන් කරන්නට ඕනෑ. අපේ අතීත අත්දැකීම් සමඟ අපේ අනාගතය ගොඩනැගීම සඳහා කටයුතු කළ යුතුවෙනවා.

අපේ ත්‍රිවිධ හමුදාව ජාතික ආරක්ෂාව පිළිබඳ කටයුතු පමණක් නොවෙයි මත්ද්‍රව්‍ය මර්දන පුළුල් ජාතික වැඩපිළිවෙළ පොලිසිය සමඟ එක්ව සුවිශාල වූ කාර්යභාරයක් ඉටු කරනු ලබනවා. එහිදී නාවික හමුදාව විශේෂ කාර්යයක් ඉටු කරනු ලබනවා. ප්‍රධාන වශයෙන් අපේ රටට ගලාඑන නීති විරෝධී මත්ද්‍රව්‍ය රට ඇතුළට ඒම වැළැක්වීම සඳහා ගුවන් හමුදාව සහ යුද හමුදාව එම කටයුතුවලදී ඔවුන්ගේ අංශවලින් පුළුල් මෙහෙයක් ඉටුකරනු ලබනවා. රටේ සංවර්ධන කාර්ය තුළ ආර්ථික සංවර්ධනයේදී මහජන සුබසාධනයේදී ඉතා පුළුල් සේවාවක් අපේ ත්‍රිවිධ හමුදාව විසින් ඉටුකරනු ලබනවා.

පසුගිය වසරේ කෑගල්ල දිස්ත්‍රික්කයේ අරණායක ප්‍රදේශයේ ඇතිවූ නායයෑම ඒ වගේම සාලාව ප්‍රදේශයේ ඇති වූ පිපිරීම මෑත සිදුවූ මීතොටමුල්ල ප්‍රදේශයේ ඛේදවාචකය මේ සියලු ආපදාවන්හිදී යුද හමුදාව පොලිසිය ප්‍රමුඛව ත්‍රිවිධ හමුදාව විසින් විශාල මෙහෙයක් ඉටු කරනු ලබනවා. මේ රටේ සෞඛ්‍ය සම්පන්න ජනතාවක් ගොඩනැගීමේ කාර්යයේදී ඩෙංගු මර්දනය වැනි පුළුල් වගකීම් රාශියක අපේ ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය යෙදී සිටිනවා. ආරක්ෂක හමුදාවල තත්ත්වය පිළිබඳව සේවාවන් පිළිබඳව කතා කිරීමේදී අපේ ආරක්ෂක හමුදා යුද්ධයක් තිබෙන අවස්ථාවලදී ජාතික ආරක්ෂාව පිළිබඳ කාර්යයේදී යුද්ධ කිරීමට පමණක් නොව සමාජ සුබසාධනය, රටේ සංවර්ධනය මේ තිබෙන සියලු කටයුතුවලදී ප්‍රමුඛ ලෙස තමන්ගේ වගකීම් සහ යුතුකම් ඉටු කරන බව පැහැදිලිව සඳහන් කරන්නට ඕන.

අද දවස ජාතික රණවිරු උළෙලට එක්වූ සියලු දෙනාට මගේ ගෞරවනීය ස්තුතිය පුදකරමින් මේ වැදගත් උත්සවය සංවිධානය කළ රුවන් විජයවර්ධන ආරක්ෂක රාජ්‍ය ඇමැතිවරයාත් රණවිරු අධිකාරියේ අනෝමා ෆොන්සේකා මහත්මිය ඇතුළු එම කාර්යය මණ්ඩලයත් ත්‍රිවිධ හමුදාව පොලිසිය සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව ඇතුළු අනෙකුත් සියලු රාජ්‍ය ආයතනත් සියල්ල දැක්වූ සියලු සහයෝගයන් අගය කරමින් ස්තුතිවන්ත වෙනවා. ජාතියේ නිදහස සාමය සඳහා අපේ රටට දේශපාලන ස්ථාවරත්වයත් සමග ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක ඉදිරියට යාමට රට බෙදෙන්න නොදී රට රැකගත් ඒ ශ්‍රේෂ්ඨ රණවිරුවන්ට ජාතියේ ගෞරවය මා පුදකරමින් ඔබෙන් සමුගන්නවා. තෙරුවන් සරණයි.

රණවිරු සේවා අධිකාරියේ සභාපති  අනෝමා ෆොන්සේකා මහත්මිය...
කුරිරු ත්‍රස්තවාදයෙන් මේ රට බේරා ගැනීමට දිවිදුන් රණවිරුවන් මෙන් අනෙකුත් සියලුම රණවිරුවන්ද ඔවුන්ගේ පවුල්වල ඥාති මිත්‍රාදීන් ද ඊට උරදුන් කොටස්කරුවෝ වෙති.

මේ ශ්‍රී ලංකාද්වීපයේ සතර දිග්භාගයේම ගස්වැල් කොළ පැහැවී ප්‍රාණවත් වීමට ඒ උදාර රණවිරුවන් හෙලූ රුධිරයෙන් මේ ධරණිතලය පෝෂණය වී ඇත. රටපුරා ගලන ගංගා දිය ඇළි ඒ අභීත රණවිරුවන් හෙලූ දහඩියෙන් පෝෂණයවී අලංකාරවී ඇත. අප සැවොම ආශ්වාස කරන වායුව ඒ විරෝදාර රණවිරුවන්ගේ ජීව වායුවෙන් පෝෂණයවී ඇත. සමස්ත ජාතියටම නව ජීවයක් ලැබීමට ඔබගේ ඒ රණවිරුවාගේ අමිල වූ පරිත්‍යාගය උපකාරීවී ඇත.

ඔබගේ සදාදරණීය රණවිරුවා මේ දේශය වෙනුවෙන් කළ ජීවිත පූජාව වෙනුවෙන් ශ්‍රී ලාංකික මුළු මහත් ජාතියේම කෘතගුණ ඔවුන්ට පිරිනැමේ. ශ්‍රී ලංකාවාසී අප ජාතිබේද කුලභේද නොසලකා සමගියෙන් දිවි ගෙවන සාමකාමී නිවහල් නිදහස් දේශයක දිවි ගෙවන වැසියෝ වන්නෙමු.

අපගේ මෘතභූමියේ නිදහස දිනා දුන්නේ අපගේ අභීත රණවිරුවෝය. ඒ රණවිරුවන්ට නායකත්වය දුන් වීරෝදාර සෙන්පතියන් නරපතියන් කළ විශිෂ්ට කැපවීම හා උදාරවූ පරිත්‍යාගවල ප්‍රතිඵල අප අද භුක්ති විදින්නෙමු. ඒ උතුම් රණවිරුවන් දිවිපුදා ආරක්ෂා කළ නිදහස ආරක්ෂා කර ගැනීමට සියලු භේද දුරලා අපි ඒකරාශී වෙමු.

අටවැනි ජාතික රණවිරු උත්සවය ආවරණය කිරීමට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ආරාධනය පරිදි ගිය දෙස් විදෙස් රූපවාහිනී සහ මුද්‍රිත මාධ්‍යවල කැමරා ශිල්පීන්ට ජනාධිපති ආරක්ෂක අංශයේ එක්තරා නිලධාරියකු දිගින් දිගටම කළ බාධා නිසා ඔවුන් මහත් දුෂ්කරතාවකට සහ අපහසුතාවයකට පත්වී තිබේ.

ඡායාරූප ශිල්පීන් යන යන තැනට ගිය ඔහු සහ ඔහුගේ අණලත් නිලධාරීන් ඒ කිසිදු ස්ථානයක සිට නිදහසේ අවශ්‍ය පරිදි ඡායාරූප ගැනීමට හෝ කැමරා ගත කිරීමට ඉඩ නුදුන් බව එම ශිල්පීහු පැවසූහ. ඔහුගේ නොයෙකුත් බාධා මැද අසීරුවෙන් තම කාර්යයේ නිරතවීම සිදුවු බවද ඔවුහු කීහ.

රජයේ එක්තරා රූපවාහිනියක් ඔස්සේ මෙම උත්සවය සජීවීව විකාශය කෙරෙන බවද එමගින් දර්ශන ගන්නා ලෙසද වරෙක ඔහු කියා ඇත.

රූපවාහිනීවලට එසේ කළ හැකි වුවද නිශ්චල ඡායාරූප ගන්නා මුද්‍රිත මාධ්‍යවල ඡායාරූප ශිල්පීන් ඒවා ගන්නේ කෙසේදැයි විමසූවිට ඔහු නිරුත්තරවී ඇති අතර ඒවා තමන් නොදන්නා බවද කියා ඇත.

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ කාලයේදී මෙම උත්සවය පැවතිවිට කිසිදු බාධාවකින් අපහසුතාවකින් තොරව මෙම කටයුතු කර ගැනීමට හැකි වු බවද සිහිපත් කළ එම ඡායාරූප මාධ්‍යවේදී පිරිස මෙම නිලධාරියා වත්මන් ජනාධිපතිවරයා පමණක් නොව මුළු මහත් රජයම දෝෂාරෝපණයට ලක්කිරීම සඳහා මෙසේ කටයුතු කරන්නේදැයි සැක කරන බවද කීහ.

 



අදහස් (0)

හමුදාව ශක්තිමත්

ඔබේ අදහස් එවන්න

 

 
 

දේශපාලන

අරගල සමයේ දේශාපාලන පොඩ්ඩෝ වන්දි ගත් හැටි ඇමති හෙළි කරයි
2025 මැයි මස 03 2725 0

2022 අරගල සමයේ සිදු වූ කලබලයත් සමග මැයි 9 වැනි දින සිදු වූ ගිනි තැබීම්වලින් නිවාසවලට වූ හානිය වෙනුවෙන් හිටපු ප්‍රාදේශීය සභා නගර සභා මන්ත්‍රීවරු 92 ක් රුපියල


‘ලූනූ බිකටත් පොර බදින්නේ නැතිව රට හදන්න එක්වන්න‘
2025 මැයි මස 02 593 3

ලූනු බිකටත් පොර බදින්නේ නැතිව රට ගොඩ නගන ගමනට එකතු වන්නැයි වෘත්තිය සමිති ව්‍යාපාරයට ආරාධනා කරන බව ජාතික ජන බලවේගයේ නායක ජනාධිපති අනුර කුමාර දිසානායක


‘‘ආර්ථිකය ආරක්ෂා කරන්න අපි සහාය දෙනවා‘‘
2025 මැයි මස 01 1714 10

වේදිකාවල බොරුවට කෑ මොර නොදී ඇමරිකා බදුවලින් රටේ කම්කරුවාට වන බලපෑම්වලට සහනයක් ලබාදෙමින් ශ්‍රමිකයන් ඇතුළු, රටේ ආර්ථිකය ආරක්ෂා කරන්න අපේ සහාය ලබාදෙනවා



වර්තමාන ආණ්ඩුව ජනතාවට බරක් නොවන බව ඔප්පු කළා
2025 අප්‍රේල් මස 17 967 9

වර්තමාන ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය සහ මැති ඇමතිවරු රටට සහ ජනතාවට බරක් නොවී වැඩ කළ හැකි බව ඔප්පු කරමින් සිටින බවත් දූෂණය, වංචාව සහ නාස්තිය නතර කර ඇති බව සියය


පච දේශපාලනය රජ වෙලා
2025 අප්‍රේල් මස 17 1207 23

මාලිමා ආණ්ඩුව යටතේ ගොවියා රජ කරවීම කෙසේ වෙතත් පච දේශපාලනය නම් රජ වී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 656 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 169 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1200 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site