IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


පිරිවෙන් අඩුපාඩු කඩිනමින් විසඳන්න ජනපතිගෙන් උපදෙස්

දිවයින පුරා පිරිවෙන්වල අධ්‍යාපනය ලබන භික්ෂුන් වහන්සේලාට සහ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට අවශ්‍ය සියලූම ඩෙස් පුටු ආදී පහසුකම් කඩිනමින් ලබාදීමේ වැඩපිළිවෙළක් කි‍්‍රයාවට නංවන ලෙස ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා අදාළ නිලධාරින්ට ඊයේ (30) උපදෙස් දුන්නේය.

ජාතික බෞද්ධ බුද්ධි මණ්ඩලය ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ දී ඊයේ (30) රැස්වූ අතර එහිදී මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ අවධානය යොමු කිරීමෙන් පසු මෙම තීරණය ගනු ලැබිණි. 

බොහෝ පළාත්වල පිරිවෙන් අධ්‍යාපනය ලබන භික්ෂුන් වහන්සේලාට අවශ්‍ය ඩෙස් පුටු පවා නොමැතිකම බරපතල ගැටලූවක් බව මෙහිදී අනාවරණය විය.

මෙම මැයි මස ශී‍්‍ර ලංකාවේදී උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට නියමිත ජාත්‍යන්තර වෙසක් උත්සවයේ සංවිධාන කටයුතු පිළිබදව ද මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක් කෙරිණි.

ඒ හා සමගාමීව දිවයින පුරා විහාරස්ථානවල පවතින පුස්කොළ පොත්වල නාමාවලියක් සකස්කර සංරක්ෂණය කිරීමේ වැඩපිළිවෙළක් පිළිබඳව ද අවධානය යොමු විය.

එමෙන්ම බුද්ධ ජයන්ති ග‍්‍රන්ථ මාලාව සංරක්ෂණය කර අන්තර්ජාලයට එක් කිරීම, ධර්මාචාර්ය විභාගය සමත්වූවන්ට රැකියා ලබාදීමේ ක‍්‍රමවේදයක් සකස් කිරීම, භික්ෂුන් වහන්සේලා රාජ්‍ය සේවයට ඇතුළත්වීමේදී මතුවන ගැටලූ, සිල් මෑණිවරුන්ගේ අධ්‍යාපනය සඳහා නිශ්චිත වැඩපිළිවෙළක් කි‍්‍රයාවට නැංවීම, පිරිවෙන් ගුරුවරු පුහුණු කිරීමේ ආයතනයක් හා ථේරවාදී බෞද්ධ මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීම යන කරුණු පිළිබඳව ද මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක් විය.

මහාචාර්ය කොටපිටියේ රාහුල අනු නා හිමි, මහාචාර්ය ගල්ලෑල්ලේ සුමනසිරි හිමි, ආචාර්ය අකුරැටියේ නන්ද හිමි, මහාචාර්ය අගලකඩ සිරිසුමන හිමි, මහාචාර්ය විජිතපුර විමලරතන හිමි, මහාචාර්ය ඔක්කම්පිටියේ පඤ්ඤාසාර හිමි, මහාචාර්ය නාබිරිත්තන්කඩවල ඥාණරතන හිමි, ආචාර්ය කඩවත්ගම පියරතන හිමි ප‍්‍රමුඛ මහා සංඝරත්නය මෙම අවස්ථාවට වැඩම කර සිටියහ.



අදහස් (1)

පිරිවෙන් අඩුපාඩු කඩිනමින් විසඳන්න ජනපතිගෙන් උපදෙස්

sathyayaa Monday, 03 April 2017 12:51 AM

අර කවුද කිව්වලු "කඩිනමින්" කියල දේශපාලකයින් කියන වචනයේ නියම තේරුම ගන්න කඩි ගුලක් ළඟටම ගිහිල්ල උන් කරන දේ බලා ඉන්න ඕනේ කියල. ඔහොම යන කොට කඩින්ගේ නමින් සෑයවල් පවා ඉදිවෙන්න ඉඩ තියෙනවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 574 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 285 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1085 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site