ගිනි රකුසාට බිලිවූ හුරුල්ලේ වලව්ව
අතීතයේ රජරටින් බිහිවූ ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයෙකි ඊ. එල්. බී. හුරුල්ලේ මැතිතුමා. එදා රජරට ජනතාව ඔහු හැඳින්වූයේ රජරට ගොවි කම්කරු නායක වශයෙනි. “රජරට මුළුල්ලේ පතළ නමකි හුරුල්ලේ” යන කියමන රජරට ජනතාවට එදා එය හොඳට හුරුපුරුදුය.
ඩී. එස්. සේනානායක, ඩඞ්ලි සේනානායක, ජෝන් කොතලාවල, ජේ. ආර්. ජයවර්ධන, ආර්. ප්‍රේමදාස, රනිල් වික්‍රමසිංහ යන ජන නායකයින් සමග උරෙනුර ගැටී ක්‍රියා කළ කිසිමදාක වාසිය තකා තම දේශපාලන ප්‍රතිපත්ති වෙනස් නොකළ එතුමා මුළු ජීවිතයම කැප කළේ ජනතා සේවය උ