වෙනස් අදහස් සහිත තරුණයෙක්
ඬේඬේ ගේ මව පසුව කුමක් කීවත් ඈ මුලදී වර්ජිලියෝ මොරාලෙස් ප්‍රිය කළ බව කිව යුතුය. ඈ සාලයේ වාඩි වී තරුණ වෛද්‍යවරයා හා කතා බහ කළාය. එක්සත් ජාතින්ගේ සංවිධානයේ ට්රයගිව් ලයි ගේ පැමිණීම අගනුවර පෙළපාළි, රජයේ වැඩපිළිවෙළ වැනි නොයෙක් දේවල් ඔවුනගේ කතාබහට ලක්විය. විටෙක මිනර්වාගේත් ඔහුගේත් කතාබහට කන්දී සිටි අම්මා මෙම කතාබහ