හැඳුනුම්පත් සැකසීමේ තොරතුරු කෙටි පණිවිඩ සේවාවෙන් සාමාන්‍ය සේවාවන් යටතේ නිකුත් කෙරෙන ජාතික හැඳුනුම්පත් සැකසීම, කෙටි පණිවිඩ සේවාව මගින් ජංගම දුරකතනයට දැනුම්දීමට ඉදිරියේදී පියවර ගන්නා බව පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව පවසයි. 24 February 2020
කාන්තා දේශපාලන සහභාගීත්වය වර්ධනයට කෙටුම්පතක් සකසයි කාන්තා දේශපාලන සහභාගීත්වය තවදුරටත් වර්ධනය කෙරෙන අයුරින් මැතිවරණ පද්ධති ප්‍රතිසංස්කරණ පනත් කෙටුම්පතක් සැකැසීමට මාර්තු 12 ව්‍යාපාරය පියවර ගෙන ඇත. 24 February 2020
නයිජීරියානු රජයේ අත්අඩංගුවට පත් නාවිකයන් නිදහස්කරගන්න සාකච්ඡා නයිජීරියාවේදී නීතිවිරෝධී ලෙස නෞකාවලට තෙල් ලබා ගනිමින් ඉන්ධන ජාවාරමක නිරත වූවා යැයි කියන චෝදනා මත එරට ආරක්ෂක අංශ අත්අඩංගුවට ගත් ශ්‍රී ලාංකික නාවිකයන් හත්දෙනා නිදහස් කරගැනීම සම්බන්ධයෙන් නයිජීරියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය එරට ආර්ථික සහ මූල්‍ය අපරාධ කොමිසම සමඟ සාකච්ඡා කළ බව විදේශ සබඳතා අමාත්‍යාංශ කියා සිටී. 24 February 2020
ලවණ මුසු ජලය ලැබුණු කළුතර ජනතාව ජල බිලෙන් නිදහස් ලවණ මුසු වූ ජලය ලැබුණු කළුතර ප්‍රදේශයන්හි ජනතාව ජල බිල්පත් ගෙවීමෙන් නිදහස් කිරීම සඳහා ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයට දැනුම් දී ඇතැයි ජල සම්පාදන අමාත්‍ය වාසුදේව නානයක්කාර මහතා පැවසීය. 24 February 2020
රියදුරු අධිකරණයට බාරවන තුරු පාඨලීගේ නිවසේ සැඟව සිටි බව දන්වයි 2016 වර්ෂයේදී වැලිකඩ ප්‍රදේශයේ රිය අනතුරක් සිදුකළැයි කියන සිද්ධියට අදාළව හිටපු අමාත්‍ය පාඨලී චම්පක රණවක මහතාගේ රියැදුරු වන දිලූම් තුසිත කුමාර යන අය අධිකරණයට බාරවන තුරු සැකකාර හිටපු අමාත්‍යවරයාගේ බත්තරමුල්ලේ පිහිටි නිවසේ සැඟව සිට ඇතැයි නියෝජ්‍ය සොලිසටර් ජනරාල් දිලීප පීරිස් මහතා අද (24) අධිකරණයට ප්‍රකාශ කළේය. 24 February 2020
කිසිම දිස්ත්‍රික්කයක පොහොර හිඟයක් නැහැ මහ කන්නයේ වී වගාවට අවශ්‍ය පොහොර ප්‍රමාණවත් තරම් බෙදාහැර තිබෙන අතර වී වගා කෙරෙන කිසිදු දිස්ත්‍රික්කයක පොහොර හිඟයක් මතුව නැතැයි ජාතික පොහොර ලේකම් කාර්යාලය සඳහන් කරයි. 24 February 2020
මැලේසියානු අගමැති මහතීර් මොහොමඩ් ඉල්ලා අස්වීමේ ලිපිය බාරදෙයි මැලේසියානු අගමැති මහතීර් මොහොමඩ් මහතා සිය ඉල්ලා අස්වීමේ ලිපිය එරට රජු වෙත ඉදිරිපත් කර ඇතැයි වාර්තා වේ. 24 February 2020
පණීභාරතයන්ගේ 100 වැනි ජන්ම දිනය සැමරෙයි ’’ගුරු දේව පණීභාරත ’’ අභිනන්දන කෘතිය ජනගත කිරීම හා ඒ මහතාගේ සිය වැනි ජන්ම දිනය නිමිති කර ’’2020 ජාතික නර්තන දින සැමරුම් උත්සවය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (24) පැවැත්විණි. 24 February 2020
පාන් ඇතුළු බේකරි නිෂ්පාදනවල මිල අඩුවෙයි පාන් ඇතුළු සියලු බේකරි නිෂ්පාදනවල මිල අඩුකිරීමට සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය තීරණය කර තිබේ. 24 February 2020
හම්බන්තොට-කොළඹ අධිවේගයේ සුඛෝපභෝගී බස් සේවාව හෙට සිට දක්ෂිණ අධිවේගී මාර්ගයේ හම්බන්තොට-කොළඹ කොටසෙහි, ශ්‍රී ලංගම අධි සුඛෝපභෝගී බස් සේවා හෙට(25) සිට ආරම්භ වේ. 24 February 2020
දියේ ගිලී සිසුන් මියයාම පිළිබඳව සොයන්න ත්‍රිපුද්ගල කමිටුවක් ත්‍රිකුණාමලය , ගෝමරන්කඩවල මැදවච්චිය වැවේ දියේ ගිලී හාලිඇල ඌව විද්‍යා විද්‍යාලයේ සිසුන් 4 දෙනෙක් ජීවිතක්ෂයට පත්වීමේ සිද්ධිය පිළිබදව ඌව පළාත් අධ්‍යාපන අමාත්‍යංශය මට්ටිමින් පරික්ෂණයක් ආරම්භ කර ඇතැයි ඌව පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් සන්ධ්‍යා අඹන්වල මහත්මිය පැවසුවාය. 24 February 2020
දියේ ගිලී හිමිනමක් අපවත් වෙයි දෙනියාය, පල්ලේගම මෙදේරිපිටිය ප්‍රදේශයේ දෙමෝදර වළේ දිය නෑමට ගිය හිමිවරුන් පිරිසකගෙන් එක් නමක් ඊයේ (23) පෙරවරු 11.20 ට පමණ අපවත් වී ඇතැයි දෙනියාය පොලීසිය පවසයි. 24 February 2020
රන්ජන්ගේ කටහඬ වාර්තාව රස පරීක්ෂකගෙන් අද අධිකරණයට පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාගේ කඩහඬ පිළිබඳ වාර්තාව රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව අධිකරණයට අද (24) බාරදීමට නියමිතය. 24 February 2020
විදේශ ඇමති දිනේෂ් හෙට ජිනීවා නුවරට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ සැසිවාරයරය ඇමතීම සඳහා විදේශ ඇමති දිනේෂ් ගුණවර්ධන මහතා හෙට (25) උදෑසන ජිනීවා නුවර බලා පිටත්වීමට නියමිතය. 26 හා 27 දෙදින මානව හිමිකම් සැසිවාරය අමාත්‍යවරයා විසින් අමතනු ලබයි. 24 February 2020
පාස්කුදා ප්‍රහාරය -සී.අයි.ඩී.විමර්ශනවල ප්‍රගතිය සොයන්න කාර්ය සාධක බළකායක් පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් අපරාධ විමර්ශන කොට්ඨාසය (සී.අයි.ඩී) සිදුකරන විමර්ශනවල ප්‍රගතිය සොයා බැලීමට ආරක්ෂක අමාත්‍යාංශය කාර්ය සාධක බලකායක් පිහිටුවා තිබේ. 24 February 2020
නොරොච්චෝලේ අලුත්වැඩියා කර දින 10කින් කැඩිලා නොරොච්චෝල ගල් අගුරු බලාගාරය රුපියල් කෝටි 69 ක් ගෙවා මාස තුනක පමණ කාලයක් තිස්සෙ අලුත්වැඩියා කළද යළි ආරම්භ කොට දින 10කින් එය නැවත ක්‍රියා විරහිත වී ඇතැයි ලංකා විදුලිබල මණ්ඩල ආරංචි මාර්ග සඳහන් කරයි. 24 February 2020
වයිරසයෙන් මිය ගිය ගණන 2400 ඉක්මවයි කොරෝනා වයිරසයෙන් මිය ගිය පුද්ගලයන් සංඛ්‍යාව මේ වනවිට 2400 ඉක්මවා ඇතැයි ප්‍රංශ පුවත් සේවය පවසයි. 24 February 2020
අවන්හළක ගැටුමකින් අයෙක් මරුට- දෙදෙනකු රෝහලේ ඇල්පිටියේ අවන්හලකදී දෙපිරිසක් අතර වූ ගැටුමකින් එක් අයෙකු මියගොස් තවත් දෙදෙනෙකු තුවාල ලබා රෝහල් ගත කළ බව පොලීසිය කියයි. 24 February 2020
තුර්කියේ සිදුවූ භූ කම්පනයකින් 9 ක් මරුට තුර්කියේ නැගෙනහිර ඉරාන දේශසීමාව ආසන්නයේ සිදු වූ භූ කම්පනයක් හේතුවෙන් නවදෙනකු මියගොස් 37 දෙනෙකු පමණ තුවාල ලබා ඇතැයි වාර්තා වේ. 23 February 2020
‘‘අධිවේගී මාර්ගය තරම් විවේචනයට ලක්වූ වෙනත් ව්‍යාපෘතියක් රටේ නැහැ‘‘ අධිවේගී මාර්ගය තරම් විවේචනයට ලක්වූ වෙනත් ව්‍යාපෘතියක් මේ රටේ නැතුව ඇති. හරියට මහ ගහක් වගේ. ගහට කොටන්න එන පොරෝකාරයාටත් ගහ හෙවණ දෙනවා. ඒ වගේ තමයි මේ පාරත්” යැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (23) පැවසීය. 23 February 2020
නොදන්වා විදුලිය කැපීම ගැන හොයන්න පත්කළ කමිටු වාර්තා හෙට ලංකා විදුලිබල මණ්ඩලයේ නිලධාරින් පිරිසකගේ අවශ්‍යතාවය මත ඉකුත් 03 වැනිදා නොදන්වා විදුලිය කැපීමේ සිදුවීම සම්බන්ධයෙන් සොයාබැලීමට පත්කළ කමිටු දෙකේ වාර්තාව හෙට (24) විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයට ලබාදීමට නියමිතය. 23 February 2020
ඕමන්තේ රිය අනතුරකින් 5 ක් මරුට යාපනය නුවර ඒ 09 මාර්ගයේ වව්නියාව ඕමන්තේ පණ්ඩිකෙයිදකුලම් ප්‍රදේශයේදී අද (23) රාත්‍රී බස් රථයක් සහ වෑන් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් පුද්ගලයින් පස්දෙනකු ජීවිතක්ෂයට පත්ව තවත් 20 දෙනෙකු පමණ තුවාල ලබා රෝහල්ගත කර ඇතැයි ඕමන්ත පොලිසිය කියයි. 23 February 2020
පොලිස් කොස්තාපල්වරයාගේ ඝාතනයට සම්බන්ධ 5 ක් රිමාන්ඩ් කඩවත පොලිස් ස්ථානයට අනුබද්ධ රාජකාරි කළ පොලිස් කොස්තාපල්වරයා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණය වෙත ඉදිරිපත් කළ සැකකරුවන් පස් දෙනෙකු ලබන 03 වැනිදා දක්වා රිමාන්ඩ් ගත කිරීමට මහර වැඩ බලන මහේස්ත්‍රාත් රුසංකා සමරනායක මහත්මිය අද (23) වැනිදා නියම කළාය. 23 February 2020
‘‘ආණ්ඩුව බලයට එනවිට කී සුරංගනා කතා දැන් නෑ‘‘ ඉන්දියාවට ගොස් ණය කාලය අඩුකරගැනීමට හිඟමන් යදින අගමැතිවරයා පාර්ලිමේන්තුවට පැමිණ ණය සීමාව වැඩිකරගන්නට උදව් ඉල්ලන්නේ බුදුසරණයි කියාගෙන ලොරියක හොර හරක් පටවාගෙන යන ජාවාරමක් වාගේ යැයි මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම මහතා අද (23) පැවසීය. 23 February 2020
පිළිමතලාව - වත්තේගම අතර නව කාර්යාල දුම්රියක් පිළිමතලාව හා වත්තේගම අතර නව කාර්යාල දුම්රියක් හෙට (24) සිට ධාවනයට යොදවන බව දුම්රිය දෙපාර්තමේන්තුව පැවසීය. 23 February 2020
ජිනිවා යෝජනාව ගැන ලක් රජයේ තීරණය මානව හිමිකම් කවුන්සිලයට දැනුම් දෙයි ‘ශ්‍රී ලංකාවේ සංහිඳියාව‘ වගවීම හා මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීම’ පිළිබඳ 2019 මාර්තු 40/1 දරන යෝජනාවෙන් සිය සම අනුග්‍රහාය ඉවත් කරගැනීමට ශ්‍රී ලංකා රජය ගත් තීරණය විදේශ සබඳතා අමාත්‍යාංශයේ ලේකම් රවිනාථ ආර්යසිංහ මහතා ජනීවා නුවරදී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ සභාපතිනි එළිසබෙත් ටිචි ෆිෂ්ල්බර්ගර් මහත්මියට දැනුම් දී ඇත. 23 February 2020
බස් රථයක් - මෝටර් රථයක් ගැටී දෙදෙනෙක් මරුට හබරන පොලොන්නරුව ප්‍රධාන මාර්ගයේ හතේ කණුව දේවාල හන්දිය 39 කණුව ආසන්නයේදී අද (23) මෝටර් රථයක් සහ බස් රථයක් ගැටී දෙදෙනෙකු මියගොස් ඇතැයි මින්නේරිය පොලිසිය පැවසීය. 23 February 2020
නව අධිවේගී මාර්ගය ආවරණය කරන්න ගිය මාධ්‍යවේදීන්ට තහන්චි මාතර හම්බන්තොට නව අධිවේගී මාර්ගය විවෘත කිරීම සඳහා මාතර ගොඩගම පැවති සමාරම්භක උත්සවය ආවරණය කිරීමට දේශීය මාධ්‍යවේදීන්ට අද (23) අවස්ථාව හිමි නොවීය. 23 February 2020
මොරටුවේ ලී බඩු ආයතනයක ඇතිවූ ගින්න පැතිර යයි මොරටුව විල්ලෝරාවත්ත කිතලන්දලුව ප්‍රදේශයේ ලී බඩු නිෂ්පාදන ආයතනයක ඇති වූ ගින්න මේ වනවිට යාබද නිවාස කරා පැතිර ගොස් ඇතැයි මොරටුව නගර සභාවේ ගිනි නිවීමේ ඒකකයේ ස්ථාන භාර නිලධාරි දුල්සර කුමාර මහතා පැවසීය. 23 February 2020
කලාපොළ 2020 ඇරඹේ ජෝන් කීල්ස් සමූහයේ සහයෝගීතාව ඇතිව ජෝර්ජී කීට් පදනම සංවිධානය කරන ‘කලාපොළ 2020’ එළිමහන් කලා සල්පිල කොළඹ 07, ආනන්ද කුමාරස්වාමි මාවතේදී අද (23) පෙරවරුවේ ආරම්භ විය. 23 February 2020
සා.පෙ සෞන්දර්ය පරීක්ෂණයට යන්න බැරි වූ දරුවන්ට වෙනත් දිනයක් සාමන්‍ය පෙළ විභාගයේ සෞන්දර්ය ප්‍රයෝගික පරීක්ෂණවලට සභභාගී වීමට නොහැකි වූ සබරගමුව පළාතේ දරුවන්ට වෙනත් දිනයක් ලබා දෙන බව විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ පැවැසුවාය... 27 October 2026