IMG-LOGO

2025 සැප්තැම්බර් මස 19 වන සිකුරාදා


හිටපුු ජනාධිපති සහෝදරයාගේ කෝටියක මුද්දක් නැති වෙලා

(නිමල් ජයරත්න)

රුපියල් කෝටියකට අධික  වටිනා පවුම් 6 ක් බරති රන් මුද්දක් හා ඇමෙරිකන් ඩොලර් පන්දහක් සහ මුදලින් රුපියල් ලක්ෂයක් සොරකම් කිරීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ සහෝදරයකු වූ චමින්ද සිරිසේන මහතා පැමිණිල්ලක් කළ බව පොළොන්නරුව පොලීසිය කියයි.

පොලොන්නරුව ඇතුමල්පිටිය ප්‍රදේශයේ පිහිටි නිවසේදී නිල් මැණික් ඔබ්බන ලද මුදුව සහ මුදල් සොරකම් කර ඇති බවට පැමිණිල්ලක් සිදුකර ඇති බව පොලොන්නරුව පොලිසිය කියයි.

පවුම් හයක මුද්ද සහ මුදල් කවුරුන් සොරකම් කළේද යන්න මෙතෙක් තහවුරු වී නොමැති බවද ඒ පිළිබඳ පරීක්ෂණ පවත්වන පොලොන්නරුව පොලිසිය සඳහන් කරයි.

 



අදහස් (20)

හිටපුු ජනාධිපති සහෝදරයාගේ කෝටියක මුද්දක් නැති වෙලා

prasanna Monday, 29 May 2023 07:09 PM

මොවුන්ට කොහෙන්ද මේ තරම් මුදල්? IMF යන්නේ නැතිව මෙයා ගාවට නේ යන්න තිබ්බේ...

:       5       62

Bamunuarachchi Monday, 29 May 2023 09:12 PM

මෝඩයෝ නියම ජෙප්පෙක් වගේ තිබෙන මිනිසාට ඊර්ෂා කරන්න එපා. මමත් මගේ පුතාට පවුම් 6 මාලයක් එයාගේ උපන්දිනේට දුන්න. මුද්ද රුපියල් කෝටියක් උනේ රුපියලේ වටිනාකම අඩු නිසයි. හිටපු ජනාධිපති නොවෙයි රටේ ඕනා තරම් මිනිස්සු රත්තරන් පළදිනවා. ජෙප්පොත් එක්ක එකතු වෙලා ලේ සැලෙන විප්ලවයක් කලොත් අන්න තිබෙන එකාගෙන් උදුරාගෙන පොහොසත් වෙන්න පුළුවන්.

:       12       7

Sunil Monday, 29 May 2023 07:43 PM

කොහොම සල්ලි කන්දරාවක්ද?

:       3       52

Rata Perata Monday, 29 May 2023 08:11 PM

දුප්පත් මිනිස්සුන්ගේ සල්ලි එකතු කරලා මෙදා මේ ජනපති දඩය ගෙවන්න සල්ලි නෑ කියලා..

:       4       50

Siri Monday, 29 May 2023 08:12 PM

මේ මහත්තයාගේ රස්සාව මොකද්ද? මෙතරම් මුදලක් හරි හම්බ කලේ කොහොමද කියලත් සොයලා බැලුවොත් නරකද?

:       2       53

Somaris Monday, 29 May 2023 08:32 PM

අරයානම් කීවේ ඔයාලා හරි දුප්පත් කියලා...

:       1       47

Bamunuarachchi Monday, 29 May 2023 09:16 PM

ඇයි මේ හිටපු ජනාධිපති කෙනෙක් ගැන කියන්නේ. ජනාධිපතිලා කී දෙනෙක් හිටියාද? කෝටියක් වටිනා මුදු මාල දමන මිනිස්සු රට කොපමණ ඉන්නවාද? මොකක්ද මෙතන තිබෙන විශේෂත්වය. ජෙප්පෝ කුලප්පු වෙලා කමෙන්ට්ස් දානවා. පව්!

:       7       4

rangana Monday, 29 May 2023 09:21 PM

සරල ජනාධිපතිගෙ අහිංසක සහෝදරයෝ ...ආදයම් බදු එකේ මහත්වරුන්ට අරගලේ අයගෙ ෆයිල් හොයල බලල ඉවර වෙලා නිදහසක් තිබ්බොත් හොයල බලන්න පුළුවන් ..

:       0       4

Ruhunu Monday, 29 May 2023 09:31 PM

අයියගෙන් පොඩ්ඩක් අහල බැලුවෙ නැද්ද.

:       0       4

ගමේ එකාලා Monday, 29 May 2023 11:05 PM

පොහොට්ටුවෙම එකෙක් ගන්ඩ ඇති .වැඩිපුරම හොර දූෂිතයෝ ඉන්නේ පොහොට්ටුවෙනේ රත්තරන් ?

:       0       4

විපරමා Monday, 29 May 2023 11:18 PM

ඩේසි ආච්චි ගේ මැණික් මල්ලට වැටුනාවත්ද?

:       0       4

බද්‍ර යව්වන Tuesday, 30 May 2023 04:48 AM

අපෙ සිරිසෙන උන්නහෙට බනින්න එපා. ඔය මැණික් ගල් මිනිහ පොලොවෙන් මතු වෙනකොට අරන් අපුවා!

:       0       8

Rohana Tuesday, 30 May 2023 07:15 AM

ඔහු සතුව රුපියල් කෝටියකට වඩා වටිනා මුද්දක් තිබේ නම් ඔහුගේ ආදායම කොපමණද? අපට සිතාගත හැකි විය.

:       0       1

සසර Tuesday, 30 May 2023 07:22 AM

දෙමාපියනි ඔබේ දරුවා අදම දේශපාලනයට යොමු කරන්න ඔහුට සුභ අනාගතයක් හිමි කර දෙන්න පේනවනේ සිරිසේන ගේ මල්ලිගේ වත්කම.

:       0       8

Bunny Preena Tuesday, 30 May 2023 09:24 AM

මුද්ද කොහෙද තිබ්බෙ කියන එකවත් හරියට මතක නැතිවද !!??

:       0       3

wathsala Tuesday, 30 May 2023 09:47 AM

මෙයාලට මෙච්චර සල්ලි කොහෙන්ද???????????

:       0       4

සෙනෙවිරත්න Tuesday, 30 May 2023 11:33 AM

බමුණු කිියන මන්ද මානසිකයට ජේවීපී භීතකාව තදබල ලෙස වැලඳී ඇත.මොහුට පෙනෙන ආකාරයට මොහුගේ මතය නිවැරැදි වන අතර අන්මත දරන සියල්ලම ජවිපෙ බවයි. වසර හැත්තෑවත් කල වරද නොපිළිගන්නා අය මන්ද මානසිකයෙක් නොවේද?

:       0       2

fairoos Tuesday, 30 May 2023 12:43 PM

මේ වගේ හොරකම් සහ පැමිණිලි කීයක්නම් තියනවද .ඒත් පත්තරේ දාන්නේ ජිටපු ජනාධිපති ගේ මල්ලිගේ විතරයි

:       0       0

P.d goonawardena Tuesday, 30 May 2023 02:07 PM

එහෙම හරි ඕව ජනතාවට යා යුතුයි....

:       0       1

අරගලේ අලයා Wednesday, 31 May 2023 04:30 PM

නෑ...නෑ.... එයාලගෙ පවුලේ නෙමේ.... අනිත් එකේ....

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31363 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13583 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11013 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 127 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 999 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 283 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site