IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


විද්‍යාපීඨ සිසුන්ගෙන් පාලනාධිකාරියට චෝදනාවක්

(ඩයනා උදයංගනී)

කොවිඩ් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන සහ නිරෝධායන මධ්‍යස්ථාන ලෙස පවත්වාගෙන ගිය ගුරු විද්‍යා පීඨ කිහිපයක නේවාසිකාගාරයන්හි තිබූ සිසුන්ගේ පොත් පත්, ඇඳුම් පැළඳුම් ආදිය විනාශවීම සම්බන්ධයෙන් සොයාබලා සිසුන්ට සාධාරණයක් කිරීම වෙනුවට එම තොරතුරු හෙළිදරව් කළ සිසුන්ට එරෙහි විනය පියවර ගැනීමට විද්‍යාපීඨ පාලනාධිකාරයන් පියවර ගනිමින් සිටින බවට එම සිසුහු චෝදනා කරති.

මෙම විනය පරීක්‍ෂණ අනිද්දා (8) සිට ආරම්භ වන බව එම විද්‍යාපීඨ ආරංචි මාර්ග පවසයි.

පුලතිසිපුර, රුවන්පුර, සියනෑ ආදී විද්‍යාපීඨවල පවත්වාගෙන ගිය නිරෝධායන මධ්‍යස්ථානවල රැඳී සිටි ඇතැම් පිරිස් විසින් විනාශ කිරීම නිසා එම සිසුන්ට විශාල පාඩුවක් සිදුව ඇති බවත්, එසේ විනාශ වී ඇත්තේ ඇතැමුන්ගේ දෙමාපියන් ණය වී රැගෙන දුන් භාණ්ඩ බවත් ඔවුහු පවසති.

එබැවින් සිසුන්ට සාධාරණයක් කරන්නැයි ඉල්ලා සිටිය ද පීඨාධිපතිවරුන් ඒ සම්බන්ධයෙන් සිසුන් සමඟ සාකච්ඡා කිරීම පවා ප්‍රතික්‍ෂේප කරන තත්වයක් මතුව ඇති බව සිසුහු සඳහන් කරති.

සීමිත සිසුන් පිරිසකට හෝ මේ ගැන සාකච්ඡාවකට අවස්ථාවක් දී තමන්ට සාධාරණයක් කරන්නැයි අධ්‍යාපන බලධාරීන්ගෙන් තමන් ඉල්ලා සිටින බවද සිසුහු පවසති.

විද්‍යා පීඨයක කථිකාචාර්යවරයකු ලංකාදීපයට පැවසුවේ තම විද්‍යා පීඨයේ පමණක් කෝටි එකහමාරක පමණ දේපල නිරෝධායනය වූ පිරිස් විසින් විනාශ කර ඇති බවයි.

මේ සිදුකළ හානිය වෙනුවෙන් එක් සිසුවකුට අවම වශයෙන් රුපියල් 20,000ක හෝ වන්දියක් ලබාදීම සුදුසු බව ඔහු සඳහන් කළේය.

ඇතැම් සිසුන්ගේ පොත්පත් ආදිය ද විනාශ කර දමා ඇති බවත්,  එයින් සිසුන්ට සිදුවූ පාඩුව පියවීම පවා කළනොහැකි බවත් එම ආචාර්යවරයා කීවේය.

මේ සම්බන්ධයෙන් ලංකාදීපය කළ විමසුමකදී අධ්‍යාපන අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙක් පැවසුවේ පුලතිසිපුර විද්‍යාපීඨයෙන් හැර සෙසු විද්‍යාපීඨවලින් මෙවැනි හානි සිදුකිරීමක් ගැන අමාත්‍යාංශය වෙත පැමිණිලි ලැබී නොමැති බවයි.

පුලතිසිපුර විද්‍යාපීඨයේ විනාශයක් සිදුවූ බව පිළිගන්නේ යැයි කී එම ප්‍රකාශකයා එම හානිය සම්බන්ධයෙන් පියවරක් ගන්නා ලෙස නිරෝධායන මධ්‍යස්ථාන පවත්වාගෙන ගිය යුද හමුදාව වෙත අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයාගේ අත්සනින් ලිඛිතව දැනුම් දී තිබෙන බව ද ඔහු පැවසීය.

අනෙකුත් විද්‍යාපීඨවල එතරම් හානියක් වී නොමැති බව පීඨාධිපතිවරුන් පවසා ඇතැයිද එම ප්‍රකාශකයා කීවේය.

කෙසේ වෙතත් විද්‍යාපීඨවලින් පැමිණිල්ලක් ලැබුණොත් සොයාබලා පියවර ගත හැකි බව ඔහු සඳහන් කළේය. 



අදහස් (2)

විද්‍යාපීඨ සිසුන්ගෙන් පාලනාධිකාරියට චෝදනාවක්

අප්පුහාමි Monday, 06 December 2021 06:54 PM

සිසුන් බියට පැමිණිලි කරන්නෙ නැහැ. පීඨාධිපතිලා තනතුරු රැකගෙන සිටීමට බොරු කියනවා ඇත්තටම මේවාට මෙම ස්ථාන දෙනවිට සැලසුම් කිරීමෙන් තොරව හම්බන්තොට ගුවන් තොටේ වී ගබඩා කලා වගේ වැඩ කලාම ඔහොම වෙනවා නිළධාරින් ගේ ප්‍රකාශ නින්දිතයි.දැන් ආරංචි ලැබිලා නිසා අමාත්‍යාංශයේ නිළධාරින් පරීක්ෂා කරල සිසු සිසුවියන් සදහා සාධාරණයක් කලොත් හොදයි

:       0       0

Sunil Tuesday, 07 December 2021 07:22 AM

ලිඛිතව දැනුම් දුන්නාම සියල්ල හරි යයි. සෙවණ දෙන ආයතනත් විනාශ කරන ජාතියක් අපි...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 585 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 287 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1089 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site