IMG-LOGO

2025 ඔක්තෝබර් මස 23 වන බ්‍රහස්පතින්දා


නීතිවිරෝධීව රන් මාල ගෙන ආ 9ක් අල්ලයි

(කටුනායක ටී.කේ.ජී.කපිල )
රුපියල් දෙකෝටි අසූ ලක්ෂයක් පමණ වටිනා රත්තරන් මාල තොගයක් තායිලන්තයේ සිට නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන ආ  ශ්‍රී ලාංකික ගුවන් මගීන් 9දෙනෙකු කටුනායක ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තයේදී අද (03) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.  

මොවුන් ගම්පහ, නිට්ටඹුව, කිරිදිවැල, යක්කල සහ ගල්කිස්ස යන ප්‍රදේශවල පදිංචි ව්‍යාපාරිකයනි පිරිසකි.

ඔවුන් අද (03) අලුයම 2.30ට තායි ගුවන් සේවයේ ටී.ජී.- 307 සහ ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 407 දරන ගුවන් යානා දෙකෙන් තායිලන්තයේ බැංකොක් නුවර සිට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.

ඔවුන් මෙම සාදා නිම නොකළ රන් මාල තොගය යළි රන් ව්‍යාපාරිකයන් වෙත විකිණීමේ අදහසින් මෙරටට ගෙනැවිත් ඇති අතර, කිලෝග්‍රෑම් 04ක් පමණ වන මෙම මාල තොගය සිය ගමන් මලු වල සගවා ගෙන පැමිණ තිබුණි.

මේ වනවිට මෙම මාල තොගය සහ ඒවා නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ ගුවන් මගීන්ද වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ගුවන් තොටුපළ රේගු නිලධාරීන් වෙත බාරදී තිබේ.



අදහස් (9)

නීතිවිරෝධීව රන් මාල ගෙන ආ 9ක් අල්ලයි

indika Saturday, 03 August 2019 07:12 AM

හරි ලොකු වැඩක් කරලා වගේ කට්ටියම ෆොටෝ එකට මුහුණ දාගෙන ඉන්නේ...

:       15       48

rihan Saturday, 03 August 2019 07:39 AM

අනේ රත්තරන් කන්ද...

:       0       1

buddhika Saturday, 03 August 2019 07:50 AM

රන් මාල පෙනුනට කුණු කඳු එනවා පේන්නේ නැහැ. ෆොටෝ වලට එන්න ඕනෑ රෙදිත් නැතිව...

:       0       106

saman Saturday, 03 August 2019 09:06 AM

බෑග් එකක් අස්සේ තියන රන් මාල හොයන කස්ටම් එකේ මහත්වරුන්ට ඇයි දෙයියනේ අච්චර ලොකු කුණු කන්ටේනර් අල්ලන්න බැරි...?

:       0       210

Bamunuarachchi Saturday, 03 August 2019 10:14 AM

ෂාහ්... මගුල් ෆොටෝ එකකට වගේ කට්ටිය ලස්සනට ඉන්නවා. හිනාවෙන්න කියන්න අමතක වෙලා...

:       0       3

Ruchira Sunday, 04 August 2019 02:02 AM

ඔය ෆොටෝ එකේ ඉන්නේ CID මහත්වරු... රේගු නිලධාරීන් නෙමේ...

:       0       0

රිස්වාන් Saturday, 03 August 2019 10:29 AM

ලංකාවේ පාර්ලිම්න්තු මන්ත්‍රීවරුන්ට වඩා වත්කම් ඇති අය මේ රේගු නිලධාරීන් බව දන්නවද?

:       0       4

nihal Saturday, 03 August 2019 09:31 PM

මේ රත්තරන් ගෙනැල්ලා තියෙන්නේ අපේ රට ඇතුළට.. නැතුව රටින් පිටකළා නොවෙයි.. බැංකු කොල්ලකරුවනි, නීතියට එහා හිතපල්ලා.

:       0       0

Uditha - London Sunday, 04 August 2019 07:37 AM

03 සෙනසුරාදා නිසා රේගුවේ කට්ටිය කැෂුවල් ඇඳලා නේද? හරි ලස්සනයි.

:       4       7

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1311 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1240 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 452 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site