IMG-LOGO

2025 නොවැම්බර් මස 27 වන බ්‍රහස්පතින්දා


’අපේක්ෂාවේ වේදිකා මංගල්‍යය’ අගමැතිනියගේ ප්‍රධානත්වයෙන්

(යොහාන් භාසුර)

බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක ටවර් හෝල් රඟහල පදනම 5 වැනි වරට සංවිධානය කළ "අපේක්ෂාවේ වේදිකා මංගල්‍යය"  ‘ටවර් නාට්‍ය උළෙල’ ටවර් හෝල් රඟහල පදනමේ සභාපති අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිගේ ප්‍රධානත්වයෙන්  මරදාන ටවර් හා එල්ෆින්ස්ටන් රංග ශාලා කේන්ද්‍ර කරගනිමින් අද (12) ආරම්භ විය.

නාට්‍ය රසවිඳීම සඳහා ගුණාත්මක ප්‍රේක්ෂකාගාරයක් නිර්මාණය කිරීම, නාට්‍යකරුවන්ගේ ආදායම් මට්ටම වැඩිදියුණු කිරීම, නාට්‍ය ප්‍රවර්ධනය කිරීම හා නාට්‍ය පිළිබඳ පුළුල් සමාජ කථිකාවතක් ගොඩනැඟීම අරමුණු කරගනිමින් මෙම උළෙල සංවිධානය කරයි.

මෙවර නාට්‍ය උළෙලේදී පුරා දින 10ක් තුළ දිගු නාට්‍ය 14ක්, කෙටි නාට්‍ය 12ක් හා ළමා නාට්‍ය 08ක් වශයෙන් නාට්‍ය 34ක් දර්ශන වාර 68ක්  වේදිකාගත කිරීමට නියමිතය.

නාට්‍ය උළෙල පැවැත්වෙන දින 10 පුරාවට ටවර් කලා ශිල්පීන් දෙපළක් බැගින් ශිල්පීන් 20 දෙනකුට ජීවිතයේ එක් වරක් පමණක් හිමිවන ‘ටවර්’ උපහාර සම්මානය හා මූල්‍යමය තිළිණ පිරිණැමෙන අතර එහි පළමු සම්මාණය ප්‍රවීණ කලාකරු විජේරත්න වරකාගොඩ මහතා වෙත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය ප්‍රදානය කළාය. 



අදහස් (3)

’අපේක්ෂාවේ වේදිකා මංගල්‍යය’ අගමැතිනියගේ ප්‍රධානත්වයෙන්

එක මිටකට, සැලසුමකට, රටම වලට Wednesday, 12 February 2025 08:00 PM

අහිංසක නළුවො අල්ලගෙන මොන ජල්ලියක් නටන්න හදනවද දන්නේ නෑ. ඇමරිකන් සල්ලි එන එක නතර වුනෙත් නෑනේ. ඒවා තවම එනවා. ඒ නිසා කෝකටත් පරිස්සමෙන්. අළුත් ව්‍යවස්ථාවකදී බුදුදහමට ප්‍රමුඛස්ථානය නැති කරන්න ඕන කියල ලාල් විජේනායක කමි‍ටුවේදී යෝජනා කරපු කෙනා තමයි දැන් අගමැති.

:       21       17

randil dunuwille Thursday, 13 February 2025 08:23 AM

අවුලක් නෑ පාඩුවේ ඉන්න

:       2       1

saman Thursday, 13 February 2025 11:22 AM

පළමු කමෙන්ට් එක දාපු එකා තමන්ගේ ජීවිතේ බුදු දහමට ප්‍රමුඛස්ථානය දෙනවාද කියන එක නම් හොයන්නම වෙනවා

:       4       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 141 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 224 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1080 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site