IMG-LOGO

2025 නොවැම්බර් මස 06 වන බ්‍රහස්පතින්දා


‘‘මේ ගෙවන්නේ අසීරුතම කාලයේ අවසානයයි‘‘

(අංජුල මහික වීරරත්න)

ලාංකිකයන් මෙි ගෙවමින් සිටින්නේ තමා කලින් සඳහන් කළ අසීරුතම සති තුනක කාලය බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කොළඹ දී අද (29) පැවසීය.

ඉන් පසුව එළැඹෙන කාලය මීට වඩා ක්‍රම ක්‍රමයෙන් හොඳ අතට හැරෙනු ඇතැයි තමා බලාපොරොත්තු වන බවද අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේය.

පුවත්පත් කතුවරුන් සමග කොළඹ අග්‍රාමාත්‍ය කාර්යාලයේ පැවති සාකච්ඡාවක දී රනිල් වික්‍රමසිංහ මහතා මේ බව කීය.

දැනට පෙට්‍රල් නැවක් පැමිණීමට නියමිත ආසන්නතම දිනය ජූලි 22 බව කී අග්‍රාමාත්‍යවරයා ඉන්දියාව සමඟ සාකච්ඡා කොට ඊට පෙර ඉන්ධන නැවක් හෝ දෙකක් ගෙන්වා ගැනීමට උත්සාහ ගනිමින් සිටින බවද සඳහන් කළේය.

ඩීසල් ලබා ගැනීමට මුදල් තිබුනත් රුසියා යුක්රේන අර්බුදය නිසා නැව් සොයා ගැනීමේ අර්බුදයක් පැන නැගී තිබෙන බවද අග්‍රාමාත්‍යවරයා කීය.

ලංකාවේ දැන් සිදුවී ඇති ආර්ථික කඩාවැටීම 1969 වසරේ කෝපි ආර්ථිකය කඩා වැටීමෙන් වූ තත්ත්වයටත් වඩා දරුණු තත්වයක් බව ද අග්‍රාමාත්‍යවරයා එහිදී පැහැදිලි කළේය.

ඩීසල් හා පෙට්‍රල් අර්බුදය හදිසි තත්ත්වයක් නොවේ යැයි ද මාස ගණනාවක සිට තෙල් නැව් ගෙන ඒමෙි කළමනාකරණ දුර්වලතාවය නිසා සිදු වූ දෙයක් බව ද සඳහන් කළ අග්‍රාමාත්‍යවරයා ඉන්දියාවෙන් මුදල් ලබාගෙන ඉන්ධන නැව් කිහිපයක් ගෙන්වා ගැනීමට සාකච්ඡා කරන බවද සඳහන් කළේය.

දැනට ලංකාව සතුව තිබෙන්නේ ඩීසල් මෙට්‍රික් ටොන් එකොළොස් දහසක් පෙට්‍රල් මෙට්‍රික් ටොන් හත් දහසක් සහ දැවිතෙල් මෙට්‍රික් ටොන් තිස් දහසක් බව ද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කීය.



අදහස් (7)

‘‘මේ ගෙවන්නේ අසීරුතම කාලයේ අවසානයයි‘‘

saman Wednesday, 29 June 2022 08:07 PM

ඔව්, ලංකාවේ ඉතිහාසය ජනතාවට මූණ දෙන්න වුණ ප්‍රසන්නම දේශපාලන ඔලුගෙඩි මාරුවයි. පේන තෙක් මානෙක සහනයක් පේන්න නැත.

:       2       8

චමින්ද Thursday, 30 June 2022 06:38 AM

කෝපි ආර්ථිකය කඩාවැටුනෙ 1969 නොවෙයි 1869 කියලා නිවැරැදි කරන්න ලංකාවට තේ හඳුන්වා දුන්නේ එක්දහස් අටසිය හැට ගණන්වල කෝපි ආර්ථිකය කඩාවැටීමත් සමගයි...

:       0       0

sachith Thursday, 30 June 2022 07:34 AM

එතකොට ඉතුරු සති දෙකයි...? ඊට පස්සේ එන සති දෙකයි...?

:       0       0

ranjith Thursday, 30 June 2022 07:57 AM

තවමත් ජනතාව ගොනාට අන්දන්න නොහැකිය. කිව්ව කෙනාවත් දශමයකින්වත් සිදුවන බවක් පේන්න නෑ. තිබුණාටත් වඩා අන්තයටම පිරිහෙන බවයි පේන්නේ...

:       0       0

Sunil Thursday, 30 June 2022 09:02 AM

මේ ගෙවෙන්නේ 69 වියැති මගේ ජීවිතයේද අති දුෂ්කර කාලයක් බව සැබවි. මේ නායකයින් තවත් බලයේ සිටින තුරු එළෙසම පවතිනු ඇත..

:       0       5

gampila Thursday, 30 June 2022 11:11 AM

ඔය හන්දනේ ලියවිලා තියෙන්නේ... ඔහේගෙ අන්තිම කාලය කියලා නේද?

:       0       6

pakeer Thursday, 30 June 2022 01:44 PM

මේ එක නැවෙන් හැමදේටම තෙල් ගේනවා තමයි කතාව...

:       0       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 151 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2048 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1575 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site