IMG-LOGO

2024 ජුලි මස 18 වන බ්‍රහස්පතින්දා


සොරුන් නිසා ‍ජාතික රෝහලේ අනාරක්ෂිත තත්වයක්

(ඩයනා උදයංගනී)

රෝගීන් බැලීමට මෙන් කොළඹ ජාතික රෝහලට පැමිණෙන ඇතැමුන් එහි නේවාසිකව ප්‍රතිකාර ලබන රෝගීන්ගේ මුදල් පසුම්බි, ජංගම දුරකතන සහ රන් ආභරණ සොරාගෙනයාම හේතුවෙන් රෝහල තුළ දැඩි අනාරක්‍ෂිත තත්වයක් මතුව ඇතැයි වාර්තා වේ.

රෝහල අවට සිටින මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ පිරිස් මෙසේ පැමිණ රෝගීන් සතු දෑ සොරාගෙන යන බවට තොරතුරු ලැබී ඇති බවත්, ඇතැමුන් රෝහලේ සාත්තු සේවකයන් මෙන් සැරසී පැමිණ සොරකම් කරන බවත් එහි ප්‍රකාශකයෙක් පැවසීය.

දිනපතාම පාහේ මෙලෙස සොරකම් වාර්තා වන නිසා රෝහලේ දැනට පවතින පොලිස් මුරපොල වෙනුවට පොලිස් ඒකකයක් පිහිටුවන්නැයි ඉල්ලා රෝහල් බලධාරීන් ප්‍රදේශය භාර පොලිස් ප්‍රධානීන්ගෙන් ඉල්ලීම් කර ඇතත්, ඔවුන් මේ දිනවල පැවැත්වෙන උද්ඝෝෂණ නිසා රාජකාරී බහුල බව කියමින් ඔවුන් එය මගහරින බව ද එම ප්‍රකාශකයා සඳහන් කළේය.

ඒ හේතුවෙන් මහජන ආරක්‍ෂාව භාර ඇමතිවරයාගෙන් ද රෝහලේ ආරක්ෂාව තහවුරු කරදෙන මෙන් ලිඛිත ඉල්ලීමක් කර ඇතැයි ඔහු ප්‍රකාශ කළේය.

රෝහල් ඇතැම් කනිෂ්ඨ සේවකයන් ද මෙම සොරකම් සඳහා සහය දක්වන බවට තොරතුරු ලැබී ඇති බවත්, මෙම සිද්ධීන් සම්බන්ධයෙන් මරදාන පොලිස් ස්ථානයට දිගින් දිගටම පැමිණිලි කළත් තවමත් ප්‍රමාණවත් පියවර ගෙන නොමැති බව ද හෙතෙම පැවසීය.

මේ වන විට රෝහල් සේවකයන් විසින් සොරකමේ පැමිණි කිහිපදෙනකු අල්ලා පොලීසියට භාර දී තිබෙන බව ද එම ප්‍රකාශකයා කීය.

මේ සම්බන්ධයෙන් අප කළ විමසීමකදී කොළඹ ජාතික රෝහලේ අධ්‍යක්‍ෂ වෛද්‍ය කේ. වික්‍රමසිංහ මහතා පැවසුවේ රෝහලේ වාට්ටුවල ප්‍රතිකාර ලබන රෝගීන් සතු දෑ සොරාගෙනයාමේ සිදුවීම් විටින් විට වාර්තා වන බවත්, එම සියලු සිද්ධීන් සම්බන්ධයෙන් මරදාන පොලීසියට පැමිණිලි කිරීමට පියවර ගෙන ඇති බවත්ය.

ඇතැම් අවස්ථාවල පොලිස් නිලධාරීන් පැමිණ තොරතුරු සටහන් කරගෙන ගොස් ඇතැයි ද ඔහු සඳහන් කළේය.

සොරකම් කරන්නේ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන්ද නැතහොත් වෙනත් සංවිධානාත්මක කණ්ඩායමක් ද යන්න තමන් නොදන්නා බව ද අධ්‍යක්‍ෂවරයා කීවේය.



අදහස් (0)

සොරුන් නිසා ‍ජාතික රෝහලේ අනාරක්ෂිත තත්වයක්

ඔබේ අදහස් එවන්න

දියත

උපසම්පදා පිංකමට ගල් පෙරළයි
2024 ජුලි මස 18 609 0

කරුවලගස්වැව අලුත්ගම ලුම්බිණි විහාරස්ථානයෙ උප සම්පදා උත්සවයට සහභාගි වු පිරිසකට ඊයේ 16 දින සවස එල්ලවු ගල් හා පොලු මුගුරු ප්‍රහාරයකින් තුවාල ලැබු දෙදෙනක


බයිඩන්ට කොවිඩ්
2024 ජුලි මස 18 285 0

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්ට ’කොවිඩ් 19’ වයිරසය ආසාදනය වී ඇතැයි ධවල මන්දිරය පවසයි. 81 හැවිරිදි ජනාධිපතිවරයාට මීට පෙර ද ’කොවිඩ් 19’ ආසාදනය විය.


ලෝක උරුමයක් වූ මහා වංශය පුස්තකය
2024 ජුලි මස 17 514 0

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පුස්තකාලය සතු මහා වංශය පුස්තකය ලෝක උරුමයක් ලෙස නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීම යුනෙස්කෝ සංවිධානයේ අධ්‍යක්ෂ ජෙනරාල් අවුඩ්


අලුතෙන් හැදූ දුම්රිය නිවාස වැඩකට ගෙන නෑ
2024 ජුලි මස 17 464 0

රුපියල් කෝටි තිහකට ආසන්න මුදලක් වැය කර පොළොන්නරුව දුම්රිය ස්ථානයේ නිලධාරීන් සඳහා ඉදිකළ නිවාස සංකීර්ණයේ ව්‍යාපාරික කටයුතු සඳහා දෙවැනි මහලේ සහ පහත මාල


බදු පැහැර හැරී වැල්ලවත්තේ සමාගමකට සිතාසි
2024 ජුලි මස 17 472 0

භාණ්ඩ ආනයනය කර ශ්‍රී ලංකාවේ රේගුවට රුපියල් කෝටි 17කට අධික බදු ගෙවීම පැහැර හැරී වැල්ලවත්තේ පුද්ගලික සමාගමකට අගෝස්තු 26 වෙනි දින අධිකරණය ඉදිරියේ පෙනී සිට


ඔන්ලයින් ණය ගෙන පොලු තියලා
2024 ජුලි මස 17 967 0

කිසිදු ලේඛනයක් ඉදිරිපත් නොකර ජංගම දුරකථනය ඔස්සේ මාර්ගගත ක්‍රමයට ණය ලබාගෙන නොගෙවා පැහැර හැරි පුද්ගලයන් සියයකට අධික පිරිසකට එරෙහිව ඔන්ලයින් සමාගම් මග


මේවාටත් කැමතිවනු ඇති

වැලිබල් ෆිනෑන්ස්, ශක්තිමත් මූල්‍ය ප‍්‍රතිඵලයක් වාර්තා කරයි 2024 ජුලි මස 13 125 0
වැලිබල් ෆිනෑන්ස්, ශක්තිමත් මූල්‍ය ප‍්‍රතිඵලයක් වාර්තා කරයි

වැලිබල් ෆිනෑන්ස් ගෙවුණු වසර 17ක කාලය පුරාවට ශ‍්‍රී ලංකාවේ මූල්‍ය ආයතනයන් අතර ප‍්‍රමුඛස්ථානයක් හිමි කර ගනිමින් 2023/24 මූල්‍ය වර්ෂයේදී සිය මූල්‍ය විශිෂ්ටත

ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම” 2024 ජුනි මස 20 992 0
ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම”

බුදුරජාණන්වහන්සේගේ, ශිව දෙවියන්ගේ, ආදම්ගේ සහ ශාන්ත තෝමස් අපෝස්තුළුතුමාගේ පා සටහන යනාදී වශයෙන් විවිධ ආගමික සම්ප්‍රදායන් මුල් කරගනිමින් ශ්‍රී පාද ස්ථ

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 1873 1
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

Our Group Site