IMG-LOGO

2025 ඔක්තෝබර් මස 31 වන සිකුරාදා


‘සිපෙට්කෝ ඉන්ධන අළෙවියෙන් කෝටි 1,070 ක ලාභයක් ලබයි

(යොහාන් භාසුර)

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මෙම වසරේ පළමු මාස අට තුළ ඛනිජ තෙල් පිරවුම්හල් ජාලය හරහා වෙළෙදාම් කිරීම තුළින් රුපියල් බිලියන 10.7 ක් හෙවත් රුපියල් කෝටි 1,070 ක ලාභයක් ලැබූ බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී. ජේ.ඒ.එස්. ද එස්. රාජකරුණා මහතා අද (25) පැවසීය.

දෙමටගොඩ පිහිටි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථා මූලස්ථානයේ ඊයේ (25) පෙරවරුවේ පැවැති විශේෂ මාධ්‍ය හමුවේදී එහි සභාපති ජේ.ඒ.එස්. ද එස්. රාජකරුණා මහතා එසේ පැවසීය.

ලංකා ඛනිජ තෙල් සංස්ථාව මෙම වසරේ පළමු මාස අට තුළ රුපියල් බිලියන 22.13 ක් හෙවත් රුපියල් කෝටි 2,213 ක ලාභයක් ලැබූ බවත් ඉන් සියයට 47 ත් 50 ත් අතර ප්‍රතිශතයක් ඉන්ධන මිල වැඩිකිරීමෙන් ලැබූ ලාභයන් නොවන බවත් රාජකරුණා මහතා මහතා කීය.

එම ලාභයෙන් රුපියල් මිලියන 500 ක් පසුගියදා ආණ්ඩුවට දුන් බව කී රාජකරුණා මහතා මෙම විශාල ලාභයට ප්‍රධානම හේතුව නිවැරදි මූල්‍ය පාලනය බව ද ඒ මහතා සඳහන් කළේය.

ගුවන් යානා ඉන්ධන අළෙවි කිරිමෙන් මෙම මාස අට තුළ රුපියල් මිලියන 4,107 ක ලාභයක් ලැබූ බව කී සභාපතිවරයා පැවසුවේ පසුගිය වසරට සාපේක්‍ෂව ගුවන් යානා ඉන්ධන මීටර මිලියන 32.6 ක අළෙවිය ඉහළ ගොස් ඇති බවත්ය.

ඉන්ධන ගැනීට පමණක් මෙරටට පැමිණි ගුවන් යානාවලට පමණක් ලීටර මිලියන 2.7 කින් ඉහළ ගිය බවත් සිංගප්පූරුව සහ ඩුබායිවල පවතින ගුවන්යානා මිලට ගැළපෙන ආකාරයට මෙරට ගුවන්යානා ඉන්ධන මිල සකස් කර තරගකාරී මිලක් ඉදිරිපත් කිරීමෙන් මෙම වර්ධනය ළගාකරගත් බවත් රාජකරුණා මහතා සඳහන් කළේය.

ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ ලිහිසි තෙල් අළෙවි සියයට 40 කින් ඉහළට ගෙන ඒමට වර්තමාන පරිපාලනයට හැකිවී ඇති බව කී සභාපතිවරයා පැවසුවේ ලිහිසි තෙල් අළෙවියෙන් පසුගිය මාස අට තුළදී රුපියල් මිලියන 209 ක ලාභයක් ලැබීමට හැකිවූ බවත්ය.

වර්තමාන පරිපාලනය මීට මාස 12 කට පෙර පරිපාලනය භාරගන්නා විට ලීටර 70,000 ක්ව පැවැති ලිහිසි තෙල් අළෙවි මීටර ලක්‍ෂ 4 ක් දක්වා ගෙන ඒමට හැකිවූ බව ද ඒ මහතා සඳහන් කළේය.

ඛනිජ තෙල් සංස්ථාව ඩොලර් මිලියන 100 ක පමණ සංචිතයක් එදිනදා නැව් කටයුතු සඳහා පවත්වාගෙන යන බවත් එම සංස්ථාවේ සියලු සංවර්ධන කටයුතුවලට එහි මුදල් පමණක් වියදම් කරන බවත් ඒ මහතා කීය.

මෙරට ඛනිජ තෙල් ක්ෂේත්‍රයේ දියුණුව සඳහා තොග පවත්වාගෙන යෑමට තෙල් ටැංකි ස්ථාපති කිරීම, බෙදුම්කරුවන්, ඉන්ධන ඇනවුම්කිරීම සහ ඉන්ධන මිලදීගැනීමේ ටෙන්ඩර් ක්‍රමවේදය ඩිජිටල්කරණය, ඉන්ධන ප්‍රවාහන කිරීමේ නළ පද්ධති සංවර්ධන සහ සේවක පුහුණුව ආදි සංවර්ධන ව්‍යාපෘති රැසක් ක්‍රියාත්මක කරන බව ද රාජකරුණා මහතා මහතා වැඩි දුරටත් සඳහන් කළේය. ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සාමාන්‍යාධිකාරී ආචාර්ය මයුර නෙත්තිකුමාරගේ මහතා ද මෙම විශේෂ මාධ්‍ය හමුවට සහභාගි විය.

 



අදහස් (6)

‘සිපෙට්කෝ ඉන්ධන අළෙවියෙන් කෝටි 1,070 ක ලාභයක් ලබයි

maalaka Thursday, 25 September 2025 01:34 PM

ඒ කොහොමද ?මෙච්චර කල් පාඩු උනානේ

:       3       26

ගුණරත්න Thursday, 25 September 2025 01:44 PM

රනිල්ලාට පින්සිද්ධ වෙන්න තමයි ඔය ලාභ ලැබෙන්න හේතුව. රනිල්ලා විදුලිය බලමණ්ඩලය, තෙල් සංස්ථාව මේ ආයතන දෙකටම අලුත් මිල සූත්‍ර හැඬුවා දීලා ලාභය වැඩි කර දුන්නා. දැන් උන් කියවනවා නිවැරදි මූල පරිපාලන කතා, එත් ඇත්ත හේතුව නිවැරදි පීල්ලේ දැම්මේ රනිල්ලා කියන එක. ඒ දවස් වල කාංචනාගේ කොමිස් එක නැත්නම් මිල අඩු කරන්න පුළුවන් කියපු උන්ම ලැජ්ජාවක් නැතිව ලාභ ගැන කියවනකොට අපට නම් හිනැහි.

:       31       17

රනේ Thursday, 25 September 2025 03:05 PM

හොරු නැති රටක මහිම.

:       11       17

සරත් Thursday, 25 September 2025 03:37 PM

ඉතින් ඔච්චර ලාභ නම් තෙල් මිල අඩුකරපන්කෝ. දැන් ඔය දත කට මැදගෙන ඉන්නේ බෝනස් ගන්න වෙන්නැති.

:       3       18

Mgr Mohammed Thursday, 25 September 2025 05:37 PM

ආණ්ඩුවට ලාභ මහජනතාවට ආලාභ.

:       2       14

අරවින්ද මොණරවිල Thursday, 25 September 2025 07:20 PM

හොරා කෑම නාස්තිය, දූෂණය නවත්වලා ලැබෙන ආදායම ජනතාවට සහන සලසන්න යොදන්න... එහෙම නැත්නම් ඒකෙන් ඇති වැඩක් නැහැ.

:       6       10

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1766 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1451 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 520 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site