IMG-LOGO

2025 සැප්තැම්බර් මස 14 වන ඉරිදා


ටෙලිනාට්‍ය කර්මාන්තයේ දියුණුවට ආණ්ඩුවෙන් අතහිත

(යොහාන් භාසුර)

ටෙලිනාට්‍ය කර්මාන්තයේ අභිවෘද්ධිය වෙනුවෙන් අවශ්‍ය යටිතල පහසුකම් සහ අනෙකුත් සේවා උපරිම අයුරින් සම්පාදනය කිරීමට රජය ක්‍රමවත් වැඩපිළිවෙළක් සැලසුම් කර ඇතැයි සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

ටෙලි නිර්මාණවේදීන්ගේ සංසදයේ (ටෙ.ලි.නි.ස) විධායක සභිකයින් සමග ජනමාධ්‍ය අමාත්‍යංශයේදී පැවති සාකච්ඡාවකදී අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා එසේ පැවසීය.  

හරවත් සහ ගුණාත්මක ටෙලි නාට්‍ය නිර්මාණ ප්‍රේක්ෂකයන්ට දායාද කිරීම අරමුූණ කර එම ක්ෂේත්‍රයේ නිරත වුවන්ගේ දැනුම, හැකියාව සහ නිර්මාණශීලීත්වය ප්‍රවර්ධනය කිරීමට වැඩසටහන් සම්පාදනය කර ඇති බව කියන අමාත්‍යවරයා ටෙලි නාට්‍ය රූපගත කිරීමේදී  අවශ්‍ය  වන රාජ්‍ය ආයතන සතු දර්ශන තලයන් ඉතා සහනදායී ගාස්තුවකට දීම, ටෙලි නාට්‍ය නිෂ්පාදන ක්‍රියාවලිය ආරම්භයේ සිටම යම් ප්‍රමිතිගත ක්‍රමවේදයකට කිරීම සහ ටෙලි නාට්‍ය  සමාජ මාධ්‍ය තුළින් විකාශය කිරීමේ දී උපයන ආදායමෙන් යම් සාධාරණ ප්‍රතිශතයක් නිෂ්පාදන පාර්ශවය වෙත ලබාදීමට කඩිනම් වැඩපිළිවෙළක් සකස් කරන බව ද සඳහන් කළේය.

ටෙලි නිර්මාණවේදීන්ගේ සංසදයේ වත්මන් සභාපති චන්දන ලියනගුණවර්ධන,  ප්‍රධාන ලේකම් සුනිල්  කොස්තා, ප්‍රධාන සංවිධායක රාජා රණසිංහ, උප සභාපති පරාක්‍රම නිරිඇල්ල සහ විධායක සභික රවීන්ද්‍ර ගුරුගේ යන මහත්වරු ඇතුළු නිර්මාණවේදීන් පිරිසක් සහ ජනමාධ්‍ය අමාත්‍යංශයේ නිලධාරීහූ මෙම අවස්ථාවට සහභාගී වුහ.



අදහස් (4)

ටෙලිනාට්‍ය කර්මාන්තයේ දියුණුවට ආණ්ඩුවෙන් අතහිත

බද්රානි Wednesday, 12 February 2025 05:08 PM

පහුගිය කාලේ "රන්මිණි තැන්න" කියලා නාඩගම් ගම්මානයක් මහජනතාවගේ බදු මුදලින් හැදුවා නේද..? ඒකට මොකද වුනේ..? සමහරක් නිළියන්ට එතැන නිදා ගත්තාම පාලකයින්ගේ රූපේ මැවිලා පේනවාලු... සමහරක් නළු නිලියෝ ඔය ගම්මානේ ඇතුලේම පාලකයින්ට ආවඩන්න කඩ දමාගත්තා අපි දැක්කා... සමහර මෝඩ ජෝකර්ලා තානාපති කම් වලටත් කෙල හලාගෙන හිටියලු නේද...? පුළුවන් කාලේ ජොලි අවසානයේ අසනීපෙටත් රජයෙන් සහ මහජනතාවගෙන් හිඟාකන නාඩගම් කාරයින් රැලක් තමයි ලංකාවේ ඉන්නේ... දක්ෂ කලාකරුවන්ට ලංකාවේ තැනක් නැහැ. මුදලට කෑදර නලා කාරයින් පෞද්ගලික රුපවාහිනී චැනල් බඩ පිනුම් ගහනවා...

:       3       10

SANATH Wednesday, 12 February 2025 06:35 PM

අතහිත දෙන්න කළින් ලංකාවේ ප්‍රචාරය වීමට ඇති ටෙලි ගැනත් මොලේ ඇතිව බලන්න. සමහරක් ටෙලි ළමයි එක්ක බලන්න පුළුවන්ද?

:       0       0

රුවන් Thursday, 13 February 2025 09:01 AM

ලංකාවේ සිනමා, නාට්‍ය කර්මාන්තය වැටිලා. ගොඩන්න එක ප්‍රයෝගික නෑ. ඊට වඩා හොදයි Netflix වගේ සමාගම් එක්ක ගනුදෙනු කරනා එක.

:       0       2

Kamal Koyrala Thursday, 13 February 2025 04:31 PM

රාජ්‍ය ආයතන දර්ශන තල කාගෙද තියෙන්නේ? රාජ්‍ය සේවකයන්ට රඟපෑමට වරම්.. ශෝක් අනේ... නාට්‍යය රූගත කර අවසන් වුණාම දර්ශන තලය යථා තත්වයට පත්කිරීමට ජනතා බදුමුදලත් වෙන් කරන්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 362 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 103 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 791 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site