IMG-LOGO

2025 ඔක්තෝබර් මස 15 වන බදාදා


ගඟක් සනහා මලක් පිපුණා...

 

යොවුන් විය එළැඹෙනවාත් සමඟම හිතේ උපදින ආදරය පිළිබඳව බොහෝ දෙනා විවිධ කතා කියුවත්,මත පළකරත් ඒ ආදරය තමයි ජීවිතය ජීවත් කරවන ආදරය වන්නේ.

ඇත්තටම දෙහදක් එකට බැඳෙනවා කියන්නෙම අපූර්වතම හැඟීමක්.

තරුණ වයසේ පසුවන දෙදෙනකු ආදරයෙන් බැඳීම අලුත් දෙයක් නොවෙයි.එහෙම බැඳෙන හැම ආදරයක් ම විවාහයකින් කෙළවර විය යුතු ත් නැහැ.මොනතරම් ආදරය කළත් ඒ ආදරය විවාහයකින් කෙළවර වන්නේ සංසාරයෙන් ආ බැඳීමක් මතයි.

ආසියාතික සමාජය ඇතුළේ විවාහය කියන්කේ ජීවිතයේ වැදගත්ම ,වටිනාම අවස්ථාව කියා බොහෝ දෙනකු හැඳින්වූවත් අද වෙද්දි ඒ මතය සාමාන්‍යකරණය වී අවසන්.විවාහය කියන්නෙත් ජීවිතයේ එක් අවස්ථාවක් බව බොහෝ දෙනා පිළිගන්න කාරණාවක්.නමුත් විවාහය තුළින් ගොඩනැගෙන ජීවිතයේ නැවුම් බව සදාකාලිකයි.

අද වෙද්දි අපේ සමාජය ඇතුළේ දික්කසාදවීම් ඉහළ අගයක් ගන්නේ හිතාගන්න බැරි තරම් වේගයෙන් එසේ දික්කසාදය පතන බොහෝ දෙනා විවාහයට එළඹිලා තියෙන්නෙත් වසර ගණනාවක් ආදරය කරලා දැන හැඳිනගෙන ඉතා උත්කර්ෂවත් ලෙස විවාහ මංගල උත්සවත් අරගෙන.නමුත් එක වහලක් යටට වී ජීවිතය ගෙවද්දි ඔවුන්ට ඔවුන්ගේම නොගැලපීම් වැටහිම් මත ඉතා කෙටි කාලයකින් දෙපසට වනවා.

ගොඩක් වෙලාවට අපේ රටේ විවාහ කටයුත්තකදි තාමත් බලන්නේ කුලගොත්,වත් පොහොසත්කම් ,රූ සොබාව ආදී දේවල්.මෙි දේවල් මොනතරම් තිබුණත් විවාහයේදි වඩාත් වැදගත් වන්නේ එකිනෙකා පිළිබඳව ඇති අවබෝධය වගෙම සම අදහස්.ඒ වගේම එකානෙකාට ගෞරව කිරීමත් විවාහ ජීවිතය අලුත් කරනවා.

ගඟක් කිව්වා ගලායන්නට
බැරිලු එක සේ බෝ දුරක්
මලක් ඇසුවා විල් දියේ මිස
පිපෙනු කෙලෙසද.එහි මලක්....

හිතත් ඇත්නම් පිපෙන්නට හැකි
ගලක් මත හෝ වී මලක්
ගඟක් මුමුණනු මලට ඇසුණා
හිත⁣ට දී පසුතැවීමක්...

ගඟක් සනහා මලක් පිපුණා
සසර එක්කර බැඳීමක්
ගලායන ගඟ තවත් නොතැවෙන්
පිපෙමි වී එහි සියපතක්...

ගායනය - හර්ෂණ දිසානායක / ලක්ෂණා ලක්මිණී
සංගීතය - දර්ශන වික්‍රමතුංග 

අලුත් පරපුරේ ගී පද රචිකාවන් අතරේ කවි කමද දෝතට ගෙන නිර්මාණකරණයේ යෙදන අමාලී ඇහැළියගොඩ දවසින් දවස ශක්‍යතා ඔප් නංවන බව වඩාත් පැහැදිලි වන්නේ ඇයගේ ගීත නිර්මාණ රස විඳීම තුළින්.ගීතයකට උචිත ගීතමය බස් වහර,ගීතයේ ආකෘතිය මැනවින් හදාරා තම නිර්මාණ මත ඒ සියල්ල සෙමින් දිග හරින්නේ බොහොමත්ම පරෙස්සමින්. හුදු ප්‍රේමය ,විරහවෙන් තොර අත්දැකීම් ඇය තම නිර්මාණ තුළින් විහිදා පෑම ද අගය කළ යුතුමයි.

"ජීවිතේ අතිශය වෙහෙසකාරී ගමනක ආදරය කියන්නෙ ගිමන් නිවන හැඟීමක් මට. 
අතිශය කාර්යබහුල තරුණයෙක් විවාහ වෙන්න තරුණියකට ගේන විවාහ යෝජනාවක් පිළිබඳව තමයි මේ ගීතයෙන් කියැවෙන්නෙ.
ඇය ප්‍රාර්ථනා කරන්නෙ වැවක් මැද මලක් වෙන්න මිසක වේගයෙන්  ගලන් යන ගඟක් මැද පිපෙන්න නොවෙයි.
නමුත්,
ඔහුගේ ආදරයට ඇයට පිටුපාන්න බැරි වනවා. ඒ තරම් ඒ ආදරය, රැකවරණය ඇගේ සිතුවිලි වෙනස් කරනවා..
ඔවුන් විවාහ වෙනවා..
තාමත් ගඟ වේගයෙන් ගලාගෙන යනවා..
ඒත් තවත් පොහොට්ටු තුනක් එක්ක පිපිලා ඒ ආදරේ විඳිනවා..ඇත්තටම මම මේ ගීතයෙන් කියන්නෙ මගේ ආදරය,ජීවිතය.දැන් ඒ ආදරණීය ජීවිතයට  අවුරුදු 15කට කිට්ටු යි.
ඒ තරුණයා අමිල ජයසේකර තරුණිය අමාලී ඇහැළිය⁣⁣ගොඩ නම් මම.
එදා මං ගත්ත තීරණය කොයිතරම් නිවැරදිද කියලා  අද දවසේත් සතුටු වනවා.
මොකද අමිල තාමත් පියෙකුගේ සැමියෙකුගේ වගකීම් සියල්ල ඉටුකරමින් ප්‍රේමවන්තයෙක් විදියට මට ආදරේ කරනවා.ඒ නිසා
මට තාම දැනෙන්නේ මම පෙම්වතියක් විදියට."

ඒ තමයි යුග ජීවිතයට පත්වන සෑම ගැහැනියකගේම මුවින් නැගිය යුතු කතාව.හැම ගෘහයක් ඇතුළෙම ජීවිතය ගෙවෙද්දි පැන නගින ගැටලුවලට දෙදෙනාම එකතුවෙලා පිළියම් සොයලා ,ඒවාට මුහුණ දීලා මේ එදා පෙම්වතියමැයි..මේ එදා පෙම්වතාමැයි කියා සිතන්න පුළුවන්නම් ජීවිතය මොනතරම් සොඳුරුයි ද?

විවරණය: සුජිත් ප්‍රසංග



අදහස් (0)

ගඟක් සනහා මලක් පිපුණා...

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 710 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 882 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 372 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site