
(විමුක්ති එස් රුද්‍රිගු)
ඇමෙරිකාවේ අරමුදල් මත ක්‍රියාත්මක වූ මෙරට ව්‍යාපෘති දෙකක් සඳහා මුදල් යෙදවීම නතර කිරීමට තීරණය කළ බව රජයේ කාර්යක්ෂමතා දෙපාර්තමේන්තුව(ඩොජ්) පසුගියදා ප්‍රකාශ කළේය.
ඩොජ් යනු ෆෙඩරල් අංශය මූල්‍ය අක්‍රමිකතා සෙවීම සඳහා ජනපති ට්‍රම්ප් පිහිටවූ ආයතනය වන අතර එහි ප්‍රධානීත්වය ලොව අංක එකේ ධනවතා වන ඊලෝන් මස්ක් විසින් හොබවනු ලබයි.
අරමුදල් යෙදවීම නාස්තියක් යැයි සැලකූ ගෝලීය ව්‍යාපෘති 199 ක් නවතා දැමීමට ඇමෙරිකාව තීරණය කර තිබෙන බවත් අසියා ශාන්තිකර කලාපයේ යටතේ ශ්‍රී ලංකාවේ ව්‍යාපෘති දෙකක් තිබෙන බවත් ඩොජ් ආයතනය ප්‍රකාශ කළේය. එළෙස නවතා දැමූ මෙරට ව්‍යාපෘති දෙකෙන් එක් ව්‍යපෘතියක් ශ්‍රී ලංකාව දේශගුණික විපර්යාසවලට ඔරොත්තු දීම පිළිබඳව ක්‍රියාත්මක වූ ව්‍යාපෘතියක් බවත් අනෙක සන්නිවේදනය පිළිබඳ වැඩමුළු පැවැත්වීම සඳහා ක්‍රියාත්මක වූ ව්‍යාපෘතියක් බවත් ඩොජ් ආයතනය පැවැසුවේය.
මෙලෙස ඇමෙරිකානු ජනතාවගේ බදු මුදල් යෙදවීම නාස්තියක් ලෙස සැලකෙන ව්‍යාපෘති 199 නතර කිරීමට ඩොලර් මිලියන 250 ඉතිරි වන බවද ඩොජ් ආයතනය ප්‍රකාශ කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය ගමන්ම මාලිමාවේ ගෝඩ් මදර්වත් ආපහු ගෙන්නගන්න. එයා කරන්නේ රට විනාශ කරන්න බළලුන් ලවා කොස් ඇට බෑවීම
ඔය කියන ව්‍යාපෘති අපි ඉල්ලපුව නම් වෙන්න බැහැ, ඒවයින් රටට වැඩක් උනා කියන්නත් බැහැ, හැබැයි අපි පාසල් කාලෙ ඇදිහැස කියල සඳහන් පෙට්ටිවල බිස්කට් දුන්න ඒකත් ඔය ඇමරිකන් අධාර, ඒවගේ ඒව නතර කරන එක දුප්පත් රට වලට හානිකරයි, ලෝකෙ සම්පත් අනුව ධනවත් වෙලා ඉන්න අය දුප්පත් රටවලට අධාර කරන එක යුතුකමක්, යුක්රේන ,මැදපෙරදිග යුද්ධ වලට ඩොලර් පොම්ප කිරීම මුදල් නාස්තියක් වගේ පේන්නෙ නැද්ද ඔය මහත්මයට? මැදපෙරදිග සාමය ඇතිකරන්න නොහැකි වී ඇත්තෙ ඊශ්‍රායලයෙ මුරන්ඩුකම, ඒ ඇමරිකන් මූල්‍ය අධාර නිසා, ඉරානයට සමිභාදක, ඒ හේතුවෙන් අපි වගේ රටවල අපනයට තහනම් ඒව පේන්නෙ නැද්ද?
ට්‍රම්ප් ජනාධිපතිතුමා බලයට පත්වෙලා පසුවුණු කෙටි දින කීපය තුළ තීරණාත්මක තීරණ සැලකිය යුතු සංඛ්‍යාවකට අත්සන් තැබීමෙන් ඔහුගේ කාර්යක්ෂමතාවය මනාව පෙන්නුම් කරනවා.
අපේ රටට කිසියම් මුදලක් අහිමි වීම කණගාටුයි. නමුත් ඇමරිකානු ජනාධිපතිවරයා තම රටට දෙන "නායකත්වයට" ගරු කළ යුතුයි. අපේ රටේත් ඒ වගේ "නායකයෙක්" බිහි වේවා කියා බලාපොරොත්තු වෙමු. අපේ රටේ ආණ්ඩුවට රාජ්‍ය පාලනය කර ගැනීමට නොහැකි වෙමින් ඇත..! අපේ රටටත් මේ ආකාරයේ ඩෝජ් (Department of Government Efficiency) ආයතනයක් අනිවාර්යෙන්ම තිබිය යුතුයි.
යෝගා ඇමරිකාවෙන් කීයක් හරි ණයට අරං හරි ඔබලාව නාවන්න බේරෙ ඇල වගේ කක්කා ඇලක් හදන්න ඕනෑ... බේරේ ඇලේ ගුටි කකා ඔච්චර නාලත් මොවුන්ගේ මොලේ කලඳක් පෑදිලා නෑ යෝගා..
ආධාර වටිනවා, ඒත් ඒවා මුවාවෙන් රටරට වල සංස්කෘති වෙනස් කිරීමට තැත් කිරීම් නුසුදුසුයි. ට්‍රම්ප් එය දැන් කටයුතු කිරීම සතුටුයි.