News Updates
විසර්ජන පනත් කෙටුම්පතේ ණය ගැනීමේ සීමාව රුපියල් බිලියන 3740 දක්වා රුපියල් බිලියන 60කින් අඩු කෙරේ
දේශීය ආදායම් දෙපාර්තමේන්තුව එක් කාර්යාල පරිශ්‍රයක ස්ථාපනය කිරීමට රුපියල් මිලියන 2000ක්
විදුලි සංදේශ බදු පනත සංශෝධනයට
2026 ජනවාරියේ සිට නවීන බදු විගණන රාමුවක්
2026 අපේ සිට තීරු බඳු අනුපාත 0%,20%,20%,30% ලෙස ජාතික තීරු බදු ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරයි.
වාහන අලෙවියේදී සමාජ ආරක්ෂණ බද්ද අලෙවි කරන අවස්ථාව සඳහා ඉවත් කිරීමට යෝජනා
ආනයනික පොල්තෙල් සහ ෆාම් තෙල් මත අය වන විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද ඉවත් කර ඒ වෙනුවට වැට් ඇතුළු සාමාන්‍ය බදු ව්‍යුහයක්.
2025 සැප්තැම්බර් 30 වන විට ලියාපදිංචි බදු ගෙවන්නන්ගේ ගණන ලක්ෂ තුනකින් ඉහළට
විනිවිද භාවය කාර්යක්ෂමතාව මත පදනම් වූ නව බදු ක්‍රමයක්
සුදුසුකම් සපුරා ඇති මාස හයකට වැඩි කාලයක් රාජ්‍ය ආයතනවල සේවයේ නියුතු තාවකාලික අනියම් ආදේශක කොන්ත්‍රාත් සහ සහන පදනම මත සිටින සේවකයන් ස්ථිර කරයි.
දුම්රිය ගේට්ටු මුරකරුවන් සඳහා දැනට ගෙවන රුපියල් 7500ක මාසික දීමනාව රුපියල් 15000 දක්වා වැඩි කරයි.
විදුහල්පති දීමනාව රුපියල් 1500කින් වැඩි කරයි
දුෂ්කර පාසල්වල ගුරුවරුන් සඳහා ගෙවන දීමනාව රුපියල් 1500කින් වැඩිි කරයි
රාජ්‍ය සේවකයන්ගේ ආපදා ණය ගෙවීම් කාර්යක්ෂම කිරීම සඳහා රුපියල් මිලියන දස දහසක්
අග්‍රහාර රක්ෂණ දායකත්ව මුදල තවත් වැඩි කරයි
2016 ජනවාරි 1 දින සිට රාජ්‍ය සේවයට බැඳුණු නිලධාරීන්ගේ පත්වීමේ ලිපි වල විශ්‍රාම වැටුප පිළිබඳ සඳහන් වගන්තිය ඉවත් කර පවතින විශ්‍රාම වැටුප් ක්‍රමයට ඔවුන්ගේ හිමිකම තහවුර කරයි
රජයේ සේවකයන්ට ලබා දුන් දේපල ණය නව ව්‍යුහයක් යටතේ රුපියල් ලක්ෂ පනහ දක්වා ලබා ගැනීමට පියවර ගෙන ඇති අතර ඒ සඳහා රුපියල් මිලියන 500ක්
2026 ජනවාරි මාසයේ වැටුපේ සිට රාජ්‍ය අංශයට එම වැටුප් ගෙවීමට කටයුතු කරයි
රාජ්‍ය සේවක වැටුප් සංශෝධන දෙවන අදියර ක්‍රියාත්මක කිරීම සඳහා රුපියල් බිලියන 110 ක්
2016 ජනවාරි එක දින සිට රාජ සේවයට බැඳුණු නිලධාරීන්ගේ පත්වීමේ ලිපිවල විශ්‍රාම වැටුපිටිපාම පිළිබඳ සඳහන් වගන්තිය ඉවත් කර පවතින විශ්‍රාම වැටුප් ක්‍රමයට ඔවුන්ගේ හිමිකම තහවුර කරයි
රාජ්‍ය සේවක සහ විශ්‍රාමිකයන්ගේ වැටුප් සහ විශ්‍රාම වැටුප් ගැටලු විසඳීමට වැටුප් හා විශ්‍රාම වැටුප් කොමිෂන් සභාවක් ස්ථාපිත කෙරේ.
ලංකා සීනි පෞද්ගලික සමාගම ඇතුළු රාජ්‍ය ව්‍යාපාර 10ක හිඟ සේවක අර්ථ සාධක අරමුදල් ඇතුළු දීමනා ගෙවීම සඳහා රුපියල් මිලියන 5000ක්
රාජ්‍ය ආයතන වෙත සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ධුර කාලයේ අවසානයේ යලි භාරදීමේ පදනම මත ලබා දෙන වාහන සහ යන්ත්‍රෝපකරණ මිලදී ගැනීම සඳහා රුපියල් මිලියන 12500ක්.
රාජ්‍ය ආයතන වල ඩිජිටල්කරණය සඳහා රුපියල් මිලියන දහසක්
රාජ්‍ය සේවයේ බඳවා ගැනීම් සඳහා විභාග වලට ලියන්නැයි පාරේ සිටින සැමට ආරාධනා
රාජ්‍ය සේවයට 75000 ක් නිසි ක්‍රමවේද යටතේ බඳවා ගැනෙයි
වර්තමානයට අවශ්‍ය නොවන ආයතන දහතුනක් ඈවර කරයි
එකම අරමුණකින් ඇති රාජ්‍ය ආයතන ඒකාබද්ධ කරයි
වාණිජ නොවන සහ අරමුණු ඉටුකර ගැනීමට නොහැකි රාජ්‍ය ආයතන වසා දමයි
ළමා රැඳවුම් නිවාස වල සිට සමාජගත වූ දරුවන්ට නිවසක් ඉදිකර ගැනීම සඳහා මිලියන දෙකක ප්‍රතිපාදනයක්.
උතුරු නැගෙනහිර නිවාස 2500ක් ඉදිකිරීමට රුපියල් මිලියන 5000ක්
නාය යාමය අවදානම් කලාපවල ජීවත් වන ජනතාවට ආරක්ෂිත නිවාස ඉදිකිරීම සඳහා රුපියල් මිලියන 2000ක්
වතු කම්කරුවන් සඳහා නිවාස දෙදාහක් ඉදිකිරීමට මිලියන 4290ක්
කැලණි වලි දුම්රිය මාර්ග සංවර්ධනයට බාධා වන අනවසර ඉදිකිරීම් ඉවත් කිරීම සඳහා මිලියන 840 ක්
නාගරික වතු ජනතාවගේ නිවාස අවශ්‍යතා වෙනුවෙන් මිලියන 15000
සෑම පුද්ගලයකුටම ආරක්ෂිත නිවසක්. සෑම අයෙකුටම නිවසක් ලබාදීමේ ප්‍රවේශය යටතේ නව නිවාස 27000ක්. අඩු ආදායම්ලාභී නිවාස හැත්තදාහක් ඉදිකිරීමේ ව්‍යාපෘතියේ නිවාස දසදහසක් ඉදි කිරීම සඳහා තවත් මිලියන තුන්දහසක්.
වීදි සුනඛයන්ගේ රැකවරණය සහ සුරතල් සතුන් භූම දානය පහසුකම් ඇති කිරීමේ නියමු වැඩසටහනක් සඳහා රුපියල් මිලියන සීයක්.
පළාත් පාලන ආයතන වල යටි තල පහසුකම් සංවර්ධනයට රුපියල් මිලියන 500 ක්.
ඝන අපද්‍රව්‍ය කළමනාකරණ වැඩසටහන සඳහා මිලියන 900ක්.
රත්නපුර නගර සංවර්ධනයට රුපියල් මිලියන පන්සීයක්.
හැටන් නගරයේ තදබදය අවම කර සංවර්ධනය සඳහා රුපියල් මිලියන පන්සීයක්
යාපනය ඇහැලියගොඩ මඩකලපුව හලාවත මාතර ඇතුළු හඳුනාගත් නගර දහයක් සංවර්ධනයට සක්‍යතා අධ්‍යයනයට රුපියල් මිලියන 2000ක්
කටුනායක ගුවන්තොටුපළ සංවර්ධනයට ජයිකා ආයතනයේ එකඟතාව
වරාය මෙහෙයුම් ඩිජිටල්කරණයට
රේගු ක්‍රියාවලිය කාර්යක්ෂම කිරීම සඳහා නව වැඩපිළිවෙලක්.
රජයේ ආයතන විසින් ඉදිකර අතහැර දමා ඇති ඉදිකිරීම් 2700 ක් ඵලදායී ලෙස යොදා ගැනීම සඳහා කවුරුවත් සැලසුම්
බලශක්ති පරිවර්තන පනත ලබන වසරේ ගෙන එනවා
විදුලි සම්ප්‍රේෂණ සහ බෙදා හැරීමේ පද්ධති සුහුරු තාක්ෂණය ඔස්සේ දියුණු කෙරේ
මාර්ග ආරක්ෂණ වැඩසටහන සඳහා තවත් රුපියල් මිලියන දහසක්
සමුද්‍රීය මාර්ගය වැඩිදියුණු කිරීමේ ශක්‍යතා අධ්‍යයනය සඳහා මිලියන 330 ක්
රුවන් පුර අධිවේගී මාර්ගයේ ඉඩම් අත්පත් කර ගැනීමේ කටයුතු සඳහා මිලියන 1500ක්
කුරුණෑගල දඹුල්ල අධිවේගී මාර්ගය සඳහා ඉඩම් අත්පත් කර ගැනීම අවසන් කිරීමට රුපියල් මිලියන දහසක්
මාර්ග සංවර්ධනය සඳහා රුපියල් මිලියන 34200ක්. මධ්‍යම අධිවේගයේ පොතුහැර සිට ගලගෙදර දක්වා ඉදිකිරීම් වලට රුපියල් මිලියන 10500ක්
මාර්ග සංවර්ධනය සඳහා රුපියල් මිලියන 34200ක්
පෞද්ගලික අංශයේ ප්‍රවාහන සේවා සපයන්නන් වෙත රුපියල් මිලියන 2000ක අතිරේක ප්‍රතිපාදන
දුම්රිය සේවයට නව ඩීසල් බලවේග කට්ටල පහක් ලබා ගැනීමට රුපියල් මිලියන 3300 ක්
කාර්යක්ෂම ගමනාන්තයක් වැඩසටහන යටතේ පොදු ප්‍රවාහනය ශක්තිමත් කිරීම සඳහා රුපියල් මිලියන 67200ක්
හම්බන්තොට දිස්ත්‍රික්කයේ පානීය ජල අවශ්‍යතා සපුරාලීමට වැඩසටහනක්
දිස්ත්‍රික්ක කිහිපයක ප්‍රජා ජල සම්පාදන ව්‍යාපෘති වලට මිලියන 85700ක්
කළුගං මෝය වෙරළ ඛාදනය වැළැක්වීමට රුපියල් මිලියන 100ක්
මාතර නිල්වලා ලවන බාධකයේ ගැටලු විසඳීමට රුපියල් මිලියන දහසක්
ගංවතුර තර්ජනයට කෙටි කාලීන විසඳුම් සෙවීමට රුපියල් මිලියන 250ක්. ගංවතුර පාලනය සඳහා රුපියල් මිලියන 500ක්
වාරි කර්මාන්තය නගා සිටුවීමට මිලියන 91700ක්
චන්ද්‍රිකා තාක්ෂණයෙන් මත්ස්‍යයින් සිටින තැන් හඳුනා ගැනීමේ වැඩපිළිවෙළට මිලියන 100ක්.
පසු අස්වනු හානි අවම කිරීමට මිලියන පන්සියයක්.
ධීවර ජීවිතාරක්ෂක උපකරණ ලබාදීමට මිලියන 100ක්
වාලච්චේන ධීවර වරායේ වැඩිදියුණු කිරීම් සඳහා මිලියන 350ක්.
ධීවර වරාය කිහිපයක් ප්‍රතිසංස්කරණය සඳහා රුපියල් මිලියන 300ක්
අක්කර පහට අඩු පොල් ඉඩම් හිමියන් දිරි ගැන්වීමේ වැඩසටහනක් සඳහා රුපියල් මිලියන2500ක්
උතුරු පොල් ත්‍රිකෝණය කටයුතු සඳහා රුපියල් මිලියන 600 ක්
මිල්කෝ බඩල්ගම කර්මාන්ත ශාලාවේ ප්‍රතිසංස්කරණයට රුපියල් මිලියන 3000ක්
ගවයන් සහ සූකර අභිජනන වැඩසටහන සඳහා රුපියල් මිලියන දහසක්
දේශීය කිරි නිෂ්පාදනය ඉහළ නැංවීමට රුපියල් මිලියන දහසක්
2030 වන විට කිරි අවශ්‍යතාවයෙන් සියයට 75 ක් දේශීයව සපුරාලීමේ ඉලක්ක සඳහා ජාතික වැඩසටහනක්
දඹුල්ල ශීතාගාරයේ සූර්ය පැනල පද්ධතියක් ස්ථාපනයට රුපියල් මිලියන 250ක්
ලොකු ලූනු අර්තාපල් වැනි ආහාර භෝගවල ගබඩා පහසුකම් දියුණු කිරීමට රුපියල් මිලියන 1000ක්
ක්‍රීඩා සංස්කෘතිය ප්‍රවර්ධනය කිරීම සඳහා රුපියල් මිලියන 800 ක්.
චීන ආධාර යටතේ ඉදි කෙරෙන නිවාස ව්‍යාපෘතියෙන් මාධ්‍යවේදීන්ට නිවාස
ජන මාධ්‍යකරුවන්ගේ කුසලතා ඔප්නංවීම සඳහා රුපියල් මිලියන 100ක්
නාට්‍ය හා රංග කලාව සාහිත්‍යය ප්‍රවර්ධනය සඳහා රුපියල් මිලියන 50ක්
අලින්ගේ ජල මූලාශ්‍ර තහවුරු කිරීම සඳහා රුපියල් මිලියන 80ක්
සිවිල් ආරක්ෂක නිලධාරීන් පන්දහසක් වන ජීවී දෙපාර්තමේන්තුවට ස්ථිර පදනමින් අනියුක්ත කරයි
විදුලි වැට ඉදිකිරීම් කිරීම සඳහා රුපියල් මිලියන 300ක්
වනජීවී දෙපාර්තමේන්තුවේ කාර්යක්ෂමතාව වැඩි කිරීමට අත්‍යවශ්‍ය වාහන සහ සන්නිවේදන උපකරණ ලබාදීමට අනුමැතිය දී තිබෙනවා
විදෙස් ගත ලාංකිකයන්ට දායකත්ව විශ්‍රාම වැටුප් ක්‍රමයක්
කාන්තා ව්‍යවසායකයන් දිරිගැන්වීම සඳහා රුපියල් මිලියන 200ක්
වතුකම්කරු දවිමක වැටුප වැටුප 2026 ජනවාරි සිට රුපියල් 1550 දක්වා ඉහළ දමන්නට යෝජනා කරනවා. ඊට අමතරව රජයේ විසින් දිනකට රුපියල් 200ක පැමිණීමේ දීමනාවක් ලබා දෙනවා.
ප්‍රජා සංවර්ධන සභා පිහිටුවමින් ගම සංවර්ධනය සඳහා රුපියල් මිලියන 20750ක්
පාර්මේන්තු මන්ත්‍රීවරුන්ට විමධ්‍යගත ප්‍රතිපාදන සඳහා රුපියල් මිලියන දහයක්.
දඹුල්ල සහ දෙනියාය ප්‍රාදේශීය රෝහල් නැවත ස්ථාපනයට රුපියල් මිලියන දහසක්.
අඩු ආදායම්ලාභී තැලසීමියා රෝගීන්ට රුපියල් දස දහසක මාසික දීමනාවක්.
මූලික රෝහල් අසූ දෙක වසර පහකින් සංවර්ධනය සඳහා රුපියල් මිලියන 31000ක්.
ප්‍රාථමික සෞඛ්‍ය සේවා ආරෝග්‍ය මධ්‍යස්ථාන ස්ථාපනයට රුපියල් මිලියන 1500ක්
මූලික රෝහල් අසූ දෙක වසර පහකින් සංවර්ධනය සඳහා රුපියල් මිලියන 31000ක්.
ප්‍රාථමික සෞඛ්‍ය සේවා ආරෝග්‍ය මධ්‍යස්ථාන ස්ථාපනයට රුපියල් මිලියන 1500ක්
වසර පහක් ඇතුලත රෝහල් නවීකරණය කරනවා
රට පුරා රෝහල් පද්ධතිය විධිමත් කිරීමට කටයුතු කරනවා
රට පුරා වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන දියුණු කිරීමට මිලියන අටදාහක්
ආබාධිත දරුවන් අධ්‍යාපනයට යොමු කිරීම සඳහා රුපියල් පන්දහසක දීමනාවක්.
අඩු ආදායම් ලාභී උසස් අධ්‍යාපනය ලබන දරුවන්ට පන්දහසක දීමනාවක්.
මහපොළ ශිෂ්‍යාධාර දීමනාව 2500 කින් වැඩි කරනවා.ඒ අනුව මහපොළ දීමනාව රුපියල් දස දහස දක්වා වැඩි කරනවා. ශිෂ්‍යාධාර දීමනාව රුපියල් 9000 දක්වා වැඩිවෙනවා.
වෛද්‍ය පීඨ සංවර්ධනය සඳහා රුපියල් මිලියන එකොළොස්දාහක්
ඔටිසම් ඇතුළු ආබාධිත දරුවන්ගේ කටයුතු සඳහා දිවා සුරැකුම් මධ්‍යස්ථාන වෙනුවෙන් රුපියල් මිලියන 500ක්.
ආබාධිත දරුවන්ට අනෙක් දරුවන් සමගම අධ්‍යාපනය ලබන්නට අවස්ථාව ලබා දෙනවා.
රජයේ සේවය සඳහා සියයට තුනක් ආබාධ සහිත ප්‍රජාවෙන් බඳවා ගන්නවා
ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන සඳහා රුපියල් මිලියන 6500ක්.
කුඩු මුලිනුපුටා දැමීමේ ජාතික මෙහෙයුම සඳහා රුපියල් මිලියන 2000ක්
මත්කුඩු වසංගතය කිසිවක් නොදන්නා දරුවාගේ පාසල් බෑගයද ආක්‍රමණය කරනවා.
සෑම අතින් අතින්ම පිරිසිදු රටක් බිහි කිරීමේ කාරණය යථාර්තයක් කරනවා
පර්යේෂණ වාණිජකරණය සඳහා ආණ්ඩුවෙන් මූල්‍යාධාර
අස්වැසුම් පවුල්වල දරුවන්ට අන්තර්ජාල බ්‍රෝඩ්බෑන්ඩ් වව්චර් පත්
ඩිජිටල් සන්නිවේදන කුළුණු සඳහා වසර පහක බදු සහන ලබා දෙනවා
Al දත්ත මධ්‍යස්ථාන ස්ථාපනය කිරීම සඳහා දිරි ගැන්වීම්
කිව්.ආර් කේත වලින් රුපියල් 5000ට අඩු ගනුදෙනු වලට සේවා වියදම් අහෝසි කරනවා.
අපි යම් කැපකිරීමක් කර තාක්ෂණය රටට කැඳවාගත යුතුයි. ඒ සඳහා අප කටයුතු කරනවා.
එහි දිරි ගැන්වීමක් ලෙස online ගෙවීම් වලදී සේවා ගාස්තු අය කිරීම නතර කරනවා.
මුදල් නෝට්ටු රහිත සමාජයක් ප්‍රවර්ධනය කිරීම සඳහා රජයේ සියලු ගෙවීම් online කිරීමට කටයුතු කරනවා
පුරවැසියාගේ දත්ත සුරක්ෂිතතාව තහවුරු කරනවා
2026 මාර්තුවේ පළමු ඩිජිටල් හැඳුනුම්පත නිකුත් කරනවා.
ඩිජිටල් ආර්ථිකය නැංවීම සඳහා ඩිජිටල් ආර්ථික කවුන්සිලය පිහිටුවනවා.
ඩිජිටල් ආර්ථිකය නැංවීම සඳහා ඩිජිටල් ආර්ථික කවුන්සිලය පිහිටුවනවා.
රාජ්‍ය ආයතන ගෙවීම් විධිමත් කිරීම සඳහා ගව්පේ විධිමත් කරනවා.
බණ්ඩාරනායක ගුවන් තොටුපල පුළුල් කිරීමේ ව්‍යාපෘතිය ලබන වසරේදී අරඹනවා
අභ්‍යන්තර ගුවන් තොටුපළ සංවර්ධනය සඳහා රුපියල් මිලියන දහසක්.
සංචාරක නිපුණතා වෘත්තිකයන් බිහිකිරීම සඳහා රුපියල් මිලියනන 500ක්
බේරේ වැව සංවර්ධනය කර එය කොළඹ ආකර්ශනීය ස්ථානයක් බවට පත්කිරීමට කටයුතු කරනවා.ඒ සඳහා රුපියල් මිලියන 2500ක් යොදා ගැනීමට යෝජනා කරනවා.
ජලය ආශ්‍රිත සංචාරක කර්මාන්ත ප්‍රවර්දනයට රුපියල් මිලියන 3500ක්.
රජයේ තානායම් සංචාරක හෝටල් අත හැර දමා තිබෙනවා.ආයතන වල සේවකයන්ගේ වරප්‍රසාද රැකෙන අයුරින් ඒවා ඵලදායී ව්‍යාපෘති වල යොදවනවා.
හපුතලේ ප්‍රධාන සංචාරක ගමනාන්තයක් කිරීමට කටයුතු කරනවා.
බහුවිධ ණය පහසුකම් වෙනුවෙන් රුපියල් මිලියන 80,000 ක්
සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් සඳහා ණය ලබාදීමට රුපියල් මිලියන 5900ක්
කෘෂිකාර්මික ණය ලබාදීමට රුපියල් මිලියන 1500ක්
කර්මාන්ත සංවර්ධනය සඳහා තවත් රුපියල් මිලියන දහසක්
ජාත්‍යන්තර වෙළෙඳ ගිවිසුම් සමාලෝචනයට නව ක්‍රමවේදයක්
ජාතික තනි වෙළඳ කවුළුවක් ඇති කිරීම සඳහා රුපියල් මිලියන 2500 ක්
ජාතික සංවර්ධන සැලැස්ම සවිබල ගැන්වීම සඳහා අමතර රුපියල් මිලියන 250 ක්
ඇප රහිතව ව්‍යසායකයන්ට ණය ලබාදීම සඳහා දුන් පොරොන්දුව ඉටුකර තිබෙනවා.ඒ සඳහා රුපියල් මිලියන හත් දහස දක්වා තවදුරටත් මුදල් වෙන් කරනවා.
ඉඩම් තොරතුරු ඇතුලත් මධ්‍යම ඩිජිටල් පද්ධතියක් වෙනුවෙන් රුපියල් මිලියනය සීයක් වෙන් කරනවා
ආයෝජනය ගෙනෙන විදෙස් ආයෝජකයන්ට නේවාසික වීසා ක්‍රමයක්
ආයෝජන කලාප ආශ්‍රිත සේවා සංවර්ධනයට රුපියල් මිලියන දහසක්
කුරුණෑගල සහ ගාල්ලේ තාක්ෂණික ආයතන දෙකක් ගොඩනගා තිබෙනවා.මේ වන විට ඒවා අතහැර දමා තිබෙනවා.ඒවායේ ණය ගෙවා පෞද්ගලික අංශයේ ආයෝජන සඳහා විවෘත කරනවා
ක්‍රමෝපාය සංවර්ධන සහ වරාය නගර සංවර්ධන පනත ලබන වසරේ සංශෝධනය කරනවා.
ආයෝජන සඳහා අවශ්‍ය වන නීතිමය රැකවරණය ලබා දෙනවා
ආර්ථික වර්ධනයට රැකියා උත්පාදනයට සහාය වීම සඳහා ආර්ථික හා සමාජ යටිතල පහසුකම් කෙරෙහි ආයෝජනය කිරීම වැදගත් කාරණයක් රාජ්‍ය පෞද්ගලික හවුල්කාරීත්ව.
ආයෝජන හිතකර සමාජයක් ගොඩනගනවා
මෙවර අයවැය හිඟය 5.2 දක්වා අඩුවෙනවා.
සෘජු බදු සහ වක්‍ර බදු අනුපාතය සියයට 60-40 අනුපාතයට ගෙන ඒමට කටයුතු කරනවා.
රාජ්‍ය ආදායම දළ දේශීය නිෂ්පාදකයෙන් සියයට 20 මට්ටමට ගෙන ඒම අපේ අරමුණයි.
මේ නීති රාමුව අනාගත කම්පන රට ආරක්ෂා කරනවා. බදු ගෙවන හැම රුපියලකටම අප වග කියනවා
මූල්‍ය විනයක් ඇති රටක්,නීතිමය රාමුවක් ගෙන ඒමට කටයුතු කළා.
හැම පැත්තෙන්ම ආර්ථිකයේ ධනාත්මක සාධක පෙන්නුම් කරමින් සිටිනවා
පසුගිය වසරට සාපේක්ෂව රාජ්‍ය ආදායම රුපියල් බිලියන 900 කින් ඉහළ ගොස් තිබෙනවා
කොටස් වෙළඳපොළ දිනපතා වාර්තා තබමින් සිටිනවා
විරැකියාව 4.5 % සිට 3.8% දක්වා පහත වැටී තිබෙනවා
රාජ්‍ය ආයෝජන සියයට හතරකින් ඉහළ දැමීමට කටයුතු කරනවා
විරැකියාව පහත දමන්නට අපට හැකියාව ලැබුණා
2026 දී දළදේශීය නිෂ්පාදිතයට සාපේක්ෂව රාජ්‍ය ආදායම සියයට 15.3 දක්වා ගෙන ඒමට කටයුතු කරනවා.
විශේෂ රැකවරණය ලැබිය යුතු අය අඛණ්ඩව බලා ගැනීමට ශක්තිමත් සමාජ ආරක්ෂණ වැඩ පිළිවෙලක් සකස් කරනවා
ග්‍රාමීය දිළිඳු බව බව සඳහා පොහොසත් ගමක් බිහිකරනවා.
මේ වසරේ ඇමරිකා ඩොලර් මිලියන 1373 ක වාහන ආනයනය කර තිබෙනවා
ආර්ථික ඉලක්ක එකක්වත් අප අත හරින්නේ නැහැ.
වසරේ මේ දක්වා වාහන ආනයනයට ඇමරිකා ඩොලර් මිලියන 1133ක ණයවර ලිපි විවෘත කර තිබෙනවා.
2028 වසරේ ඉන්නෙත් අපි. ඒ ණය ගෙවන්නෙත් අපි.
පසුගිය වසරට සාපේක්ෂව මේ වසරේ විදේශ ණය සේවාකරණය ඇමරිකා ඩොලර් මිලියන 760 කින් ඉහළට.
ණය ගෙවීමට බැරි වෙනවා වැනි සාවද්‍ය ප්‍රකාශ තවදුරටත් ජනතාව පිළිගත යුතු නැහැ
අපි දැනටමත් 2024ට සාපේක්ෂව 2025 දී ණය වැඩි පංගුවක් ගෙවා තිබෙනවා.
ඒ නිසා කවුරුත් ණය ගෙවීම් ගැන බිය විය යුතු නැහැ.
අපේ ණය ප්‍රතිශතය සියයට 95 ඉලක්කයට දැනටමත් ලංවෙමින් තිබෙනවා
2025 වසරේදී ඇමෙරිකා ඩොලර් මිලියන 430කින් ආනයන වියදම ඉහළට
අපනයන ආදායම මසකට ඩොලර් බිලියන 2 ඉක්මවා තිබෙනවා.
නව තීරු බදු ප්‍රතිපත්තියක් හඳුන්වා දීමට ජාතික වෙළඳ කවුළුවක්.
ජාතික අපනයන සංවර්ධන සැලැස්ම මගින් අපනයන තරගකාරී කිරීමට මෙන්ම ගෝලීය අගය දාම සමඟ සම්බන්ධ වීමට කටයුතු කරමින් තිබෙනවා
රාජ්‍ය වාණිජ ව්‍යාපාර පනත පාර්ලිමේන්තුවට ගෙන එනවා.
පළමු අයවැයෙන් දැමූ අඩිතාලම දෙවැනි අයවැයෙන් තවත් ශක්තිමත් කරනවා
මහජනතාවට අපරාධයක් වංචා දූෂණ කර තිබේ නම් සහතිකව දඬුවම් දෙනවා.
එස් වැට් අවලංගු කර බදු යළි ගෙවීමේ ක්‍රමය විධිමත් කරනවා
මුදල් විශුද්ධිකරණයට එරෙහි රාමුව 2026 දී ශක්තිමත් කරනවා.
බදු සහන ලබාදීම් මුදල් අමාත්‍යංශ වෙබ් අඩවියේ පළ කරමින් විනිවිද භාවයක් ඇති කරනවා
මුදල් ශුද්ධිකරණයට එරෙහි රාමුව 2026 දී ශක්තිමත් කරනවා.
බදු සහන ලබාදීම් මුදල් අමාත්‍යංශ වෙබ් අඩවියේ පළ කරමින් විනිවිද භාවයක් ඇති කරනවා
2026 දී රාජ්‍ය වත්කම් කළමනාකරණ පනත සංශෝධනය කරනවා
වගකීම් ඉටු ඉටුකට ආපහු සත්වන නිලධාරීන්ට දඩ මුදල් පැනවීම සඳහා ජාතික විගණන පනත සංශෝධනය කළා
ක්‍රමෝපාය සංවර්ධන සහ වරාය නගර පනත සංශෝධනය කරනවා
ආයෝජනවල පැහැදිලි ප්‍රගතියක් අත්වී තිබෙනවා
එමෙන්ම ඩිජිටල් වත්කම් ප්‍රකාශ කිරීමේ පද්ධතියක් හඳුන්වා දෙනවා
අධිකරණ නිලධාරීන් සඳහා ආචාර ධර්ම පද්ධතියක් සකසනවා
වත්කම් හා උපයාගත් ධනය ප්‍රකාශ කිරීමේ ක්‍රමය වැඩිදියුණු කර තිබෙනවා.
රාජ්‍ය මූල්‍ය සඳහා ඩිජිටල් ප්‍රවේශය හඳුන්වා දෙනවා
යල් පැනගය නීති රීති නව නීති මගින් ප්‍රතිෂ්ඨාපනය කරනවා
අප කවුරුත් රාජ්‍ය සේවය ගැන සතුටු නෑ අප මේ තත්ත්වය වෙනස් කළ යුතුයි
රාජ්‍ය සේවකයන්ගේ වැටුප් අදියර තුනකින් වැඩිකර තිබෙනවා.
රාජ්‍ය අංශයේ ප්‍රතිසංස්කරණය කර නවීකරණය අවශ්‍යයි.
ආර්ථික වර්ධනයේ ප්‍රතිලාභ සැබෑ අවශ්‍යතාවයක් ඇති අයට ලබා දෙනවා
ඡන්ද රැස්වීමට ආවේ නැතිනම් සමෘද්ධිය කපන ඉතිහාසයක් තිබුණා ඒ තත්ත්වය අවසන් කරනවා
2026 වසරේදී අඩු ආදායම්ලාභීන් සමාලෝචනයට ලක් කරනවා
එයාර් ලංකා ණය දෙසැම්බර් මාසයට පෙර ප්‍රතිව්‍යුහගත කරනවා.
දේශීය සහ විදේශීය ආයෝජකයන්ගේ විශ්වාසය තවදුරටත් ශක්තිමත් කළා
2019 වසරේ පැවති ආර්ථික තත්ත්වය 2025 වසර අවසානයේ ළඟා කර ගැනීමට හැකියාව තිබෙනවා
2030 වන විට අපේ ණය ප්‍රමාණය සියයට 87ක ප්‍රමාණයකට ළඟා කර ගැනීමට කටයුතු කරනවා.
ආයෝජක විශ්වාසය පෙර නොවූ විරූ ලෙස ගොඩනැගීමට හැකි වුණා.
රාජ්‍ය ආදායම දළ දේශීය නිෂ්පාදනයෙන් සියයට දාසයක මට්ටමකට ගෙන ඒමට කටයුතු කරනවා.
විදෙස් සංචිත ඩොලර් බිලියන හතක් කර ගැනීමට මේ වසරේදී අප බලාපොරොත්තු වෙනවා
ගෝලීය කම්පන හමුවේ වුවද විදේශ සංචිත ශක්තිමත් වුණා
විනිමය අනුපාතය ස්ථාවර වී තිබෙනවා
උද්ධමනය සීයට පහකට අඩු සංඛ්‍යාවකින් පවත්වා ගැනීමට උපරිම උත්සාහය දරනවා.
උද්ධමනය ධන අගයකට පැමිණ තිබෙනවා
අයවැය කතාවට පාර්ලිමේන්තුව ඇරැඹේ
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
අයවැය ලේඛනය ඉදිරිපත් කිරීම සඳහා කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව ඇරැඹිණි.