
(විමුක්ති එස් රුද්‍රිගු)
තවමත් මෙරට පෙට්‍රල් සහ ඩීසල් මිල පිරිවැය ආවරණය කෙරෙන මිල සූත්‍රය යටතේ තිබිය යුතු මිලට වඩා ඉහළ බව පබ්ලික් ෆයිනෑන්ස් වෙබ් අඩවිය පසුගියදා ප්‍රකාශ කළේය.
මෙම මස ඉන්ධන මිල සංශෝධනයේදී පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 414 දක්වා පහළ වැටුණත් එය ඉතා සුළු ප්‍රමාණයක් බවත් ලෝක වෙළෙඳපොළේ තෙල් මිල සමග සංසන්දනය කරන විට පිරිවැය ආවරණය කරන මිල සූත්‍රය යටතේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 378.71 දක්වා අඩු කිරීමට රජයට හැකියාව තිබූ බවත් පබ්ලික් ෆයිනෑන්ස් වෙබ් අඩවිය පෙන්වා දුන්නේය.
ඒ හේතුවෙන් වර්තමාන පෙට්‍රල් ලීටරයක මිල පිරිවැය ආවරණය කරන මිල සූත්‍රය සමග සංසන්දනය කරන විට තවමත් ඉහළ බවද පබ්ලික් ෆයිනෑන්ස් වෙබ් අඩවිය ප්‍රකාශ කළේය. පසුගිය 1 වැනිදා වනවිට පෙට්‍රල් ලීටරයක් සඳහා හිමිවන බදු සහනාධාරය රුපියල් 116.16ක් බවද එම වෙබ් අඩවිය පෙන්වා දුන්නේය.
මෙම මස ඉන්ධන මිල සංශෝධනයේදී ඔටෝ ඩීසල් ලීටරයක මිලද රුපියල් 382 දක්වා පහළ දැමුනත් එයද පිරිවැය ආවරණය කරන මිල සූත්‍රය සමග සංසන්දනය කරන විට ඒ යටතේ තිබිය යුතු මිලට වඩා ඉහළ බව පබ්ලික් ෆයිනෑන්ස් වෙබ් අඩවිය ප්‍රකාශ කළේය. එම මිල සූත්‍රය යටතේ ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 312.22 දක්වා පහළ දැමීමට හැකියාව තිබූ බවද එම වෙබ් අඩවිය පෙන්වා දුන්නේය.
එසේම පසුගිය 1 වැනිදා වනවිට ඔටෝ ඩීසල් ලීටරයක් සඳහා ලබාදී ඇති බදු සහනාධාරය රුපියල් 17.27ක් බවද පබ්ලික් ෆයිනෑන්ස් වෙබ් අඩවිය ප්‍රකාශ කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd