(අංජුල මහික වීරරත්න)
තිරසර සංවර්ධන ඉලක්ක සාක්ෂාත් කර ගැනීම සඳහා ශ්‍රී ලංකාවට සහාය වන බව එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන ප්‍රතිඥා දී තිබෙි.
තිරසර සංවර්ධන ඉලක්ක අය වැයට එක් කිරීම පිළිබඳව ජනාධිපති කාර්යාලයේ පැවැති සාකච්ඡාවකදී එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ නියෝජිතයන් මෙි බව සඳහන් කර ඇත.
දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධන, පරිසරය සහ තිරසාර මූල්‍යකරණය පිළිබඳ ජනාධිපති උපදේශක මහාචාර්ය ආනන්ද මලවිතන්ත්‍රී යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම සාකච්ඡාවට එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන නියෝජනය කරමින් එහි නේවාසික නියෝජිත Azusa Kubota , අයවැය ලේඛන උපදේශක Asif Shah, ඒකාබද්ධතා විශේෂඥ දුලානි සිරිසේන මෙනවිය සහ ප්‍රතිපත්ති, පර්යේෂණ සහ නියැලීමේ සහකාර Afraa Mohamed යන මහත්ම මහත්මීහු එක්ව සිටියහ.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන ලංකාවට අත දෙයි
ගජමෑන් Tuesday, 07 February 2023 10:45 AM
ලෝකයේ බොහෝ ජාතීන් ලංකාවට ආධාර උපකාර කොතෙක් කරනවාද. ඒත් බලන්න සුනාමි ආධාර කොපමණ ලැබුනද.එකෙක් තනිවම කෑවා තව එකෙක් කාපු එකාගෙ කට සෝදා පිහදාලා ඌ ඒවා කාලම නැහැ කිව්වා .එහෙම මෑතකදී ඇමතියෙක් කිව්වා. කුඹුරු වැඩකල ගොවීන්ට දෙන්න විදේශයකින් ලැබුණු ආධාරයක් ඔක්කොටම බැංකු ගිණුම් හරහා දෙනවා කියලා,ඒක කියලා මාස දෙකක් විතර වෙනවා. තවමත් නැහැ. ඔය ලැබෙන ඒවටත් සුනාමි ආධාර වලට වෙච්ච දේම වෙන්න පුළුවන් .මෙහෙම ගසා කෑ එවුන්ට Not the King කාළකණ්නියෝ කියලා තමයි කියන්න වෙන්නෙ.