කොළඹ මහ නගර සභාවේ 25 වැනි නගරාධිපති ලෙස තේරී පත් වූ ඒ.ජේ.එම් මුසම්මිල් මහතා අද උදෑසන රාජකාරිය නිල වශයෙන් ආරම්භ කෙළේය. නගර සභා මන්ත‍්‍රීන් හා කාර්ය මණ්ඩලය විසින් මහත් හරසරින ඔහු පිළිගනු ලැබීය. සර්ව ආගමික වතාවත් වලින් අනතුරුව නැකත අනුව ඔහු ලිපියකට අත්සන් කෙළේය. එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක කරූ ජයසූරිය, සජිත් පේ‍්‍රමදාස, මහත්වරුන් ඇතුළු පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරු රැුසක්ම ඊට එක්වූහ. නාගරික කොමසාරිස් භද්‍රානි ජයවර්ධන නාගරික ලේකම් එම්.කේ. එස් ශිරන්ති මහත්මීහු ද මුසම්මිල් මහතාගේ බිරිය ෆෙරෝසා සම් සම් මහත්මිය ද මුණුපුරු ජමාල් කාසිම් ද එහි වූහ. මුසම්මිල් මහතා වැඩ බාර ගැනීමට පෙර දවටගහ මුස්ලිම් පල්ලියට ගොස් ආශිර්වාද ලබා ගත්තේය. එක්සත් ජාතික පක්ෂ නායක හා විපක්ෂ නායක රනිල් වික්රමසිංහ මහතා ද ඊට එක්විය.
ඡායාරූපය ජානක ගලප්පත්ති
1
Ceylon Green Life Plantation සමාගම Ceylon ECO Resort ව්‍යාපෘතිය අරඹයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd