(ටී.කේ.ජී.කපිල )

චීනයේ පැවති 20 වැනි ලොව විශාලතම නිවුන් උළෙල සහ තරගාවලියට ( World Largest Twins Festival - 2026 ) ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ නිවුන් කණ්ඩායම ඉදිරිපත් කළ නර්තනාංගය , එම උළෙලේ හොදම නර්තනාංගයට හිමි සම්මානය හිමි කර ගෙන  දිවයිනට පැමිණියහ .

මෙම නිවුන් උළෙල , ලෝකයේ රටවල් 47 ක  තරුණ නිවුන් කණ්ඩායම් වල සහභාගීත්වයෙන් ලෝක කම්කරු දින උත්සවයට සමගාමීව චීනයේ මෝජෑන් ( Mojiang ) නුවර පවත්වා තිබුණි.

එහිදී ශ්‍රී ලංකා කණ්ඩායම ඉදිරිපත් කළ පහතරට නැටුම් සම්ප්‍රදායට අයත් " අංගම්පාලිය " ඇසුරෙන් ඉදිරිපත් කළ නර්තනාංගයට අති විශාල ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් හිමි වූ අතර එය මෙම උළෙලේ ඉදිරිපත් කළ හොදම නර්තනාංගයට හිමි සම්මානය හිමි කර ගැනීමට සමත් වී තිබුණි .

චීනයේ පැවති මෙම උළෙලට සමගාමීව මෙරට තුළත් එළඹෙන සැප්තැම්බර් මස කොළඹ මුල් කර ගනිමින් ලෝක නිවුන් උළෙලක් සහ තරගාවලියක් පැවැත්වීමට ශ්‍රී ලංකා නිවුන් සම්මේලනය අවශ්‍ය පියවර ගනිමින් සිටිති .