IMG-LOGO

2025 ඔක්තෝබර් මස 14 වන අඟහරුවාදා


නොරොච්චෝලේ බලාගාර හදිසියේ නතර කරන්න බෑ

(යොහාන් භාසුර)

විදුලිබල පද්ධතිය හදිසියේ නරත කිරීමට සිදුවුවද නොරොච්චෝලේ බලාගාරයට හදිසියේ නතරවීමට නොහැකි බවත් එම අවස්ථාවේදී ආරක්‍ෂක පද්ධතිය ක්‍රියාත්මක වූ පසුව බලාගාරය නැවත පණ ගැන්වීමට දින හතරක් පමණ ගතවන බවත් ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති ආචාර්ය තිලක් සියඹලාපිටිය මහතා අද (11) පැවසීය.

විදුලිබල සැපයුම සම්බන්ධයෙන් උද්ගතවී ඇති තත්වය සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් කරමින් තිලක් සියඹලාපිටිය මහතා එසේ සඳහන් කළේය.

එම තත්වය නොරොච්චෝලේ බලාගාරයේ සැළසුමේ තිබෙන කොටසක් මිස එහි දෝෂයක් නොවන බවත් එම අවස්ථාවේදී ආරක්‍ෂක පද්ධතිය ක්‍රියාත්මක වූ පසුව බලාගාරය නැවත පණ ගැන්වීමට පෙර එම ආරක්‍ෂිත වෑලය නැවත ක්‍රියාත්මක කළ යුතු බවත් ඒ මහතා කීය.

එය ස්ථාපිත කිරීම සදඟා දින කීපයක් ගතවන අතර ඒ සඳහා දින හතරක් පමණ ගතවීම දෝෂයක් නොවන බව කී ඒ මහතා පසුගිය ඉරිදා සේ විදුලිබල පාරිභෝගික ඉල්ලුම නොමැතිවීම නිසා නතර වීමට සිදුවන බව ඒ මහතා සඳහන් කළේය.

විදුලිබල සමීකරණයේ කොටසක් වන පාරිභෝගික ඉල්ලුම මෙන්ම සැපයුම කළමණාකරනය කිරීම සඳහා විදුලිබල මණ්ඩලයේ පද්ධති පාලන අංශය නිතිපතාම සැළසුම් කර පද්ධතිය පවත්වාගනෙ යෑමට කටයුතු කරන බව කී ඒ මහතා නිවාඩු දිනයට පාරිභෝගික ඉල්ලුම අඩු වුවත් පුනර්ජනනීය ප්‍රභවයන්ගෙන් නිෂ්පාදනය වන විදුලි ප්‍රමාණය ඒ ඒ ප්‍රභවයේ ප්‍රමාණය අනුව තීරණය වන බව ද සඳහන් කළේය.

දිනයේ මැද පැය හතරක පමණ කාලයක සූර්ය බලාගාරවලින් කරන නිෂ්පාදනය ඉතාම වැඩි බව කී සභාපතිවරයා නමුත් නිවාඩු දිනවල ඒ සඳහා ඉල්ලුම අඩු බව ද කීය.
මෙම සමතුළිතතාව සෑම වෙලාවකම පත්වාගෙන යෑමට උත්සහ කරන අතරේ යම් බාධාවක් පද්ධතියට ඇතිවුවහොත් එම වේලාවේ පද්ධතියේ ඇති බලාගාරත්, එම වේලාවේ පද්ධතිය මත තිබෙන පාරිභෝගික ඉල්ලුමත් යන කරුණු දෙක අනුව බිඳවැටීම දුරදිග යනවාද පාලනය කරගතහැකිද යන්න තීරණය වන බවත් ඔහු පැවසීය.

නොරොචචෝලේ බලාගාරය මෙරට විදුලි පද්ධතියේ ශක්තිමත්ම බලාගාරය වීම නිසා මෙරට විදුලි පද්ධතිය තදින් බැදතබාගැනීමට පවිච්චි කරන බලාගාරය නොරොච්චෝලේ බලාගාරය බවත් එහි ධාරිතාව, භ්‍රමණ වේගය වැඩි මෙන්ම එහි නිෂ්පාදන වියදම තෙල් බලාගාරවලට වඩා අඩු බව ද ඒ මහතා කීය.
නොරොච්චෝලේ බලාගාරය හදිසියේ ක්‍රියාකරවීම සහ ක්‍රියාවිරහිත කිරීම කළ නොහැකි බව ද සඳහන් කළ ඒ මහතා පැවසුවේ බාලාගාරය නතර වෙද්දී එහි අධික හුමාල පීඩනයක් පැවතීම නිසා බලාගාරයේ ආරක්‍ෂාව සඳහා එක්තරා වෑලයක් ක්‍රියාත්මක වන බවත්ය.

ලංකා විදුලිබල මණ්ඩලයේ පසුගිය වසරේ විදුලි සැපයුමෙන් සියයට 52 ක් පුනර්ජනනීය ප්‍රභවවලින් ලැබුණු බවත් ඒවායෙන් වැඩි ප්‍රමාණයක් රටපුරා විහිඳුණු කුඩා සූරියබලාගාර, වහළ මත සූර්ය කෝෂ, කුඩා ජල විදුලි බලාගාර, සුළං බලාගාර, ස්වල්පයක් වන දැව ඉන්ධන බලාගාරවලින් විදුලිය ලැබෙන බවත් ඒ මහතා කීය.

එම ප්‍රභවයන් ක්‍රියාත්මක වෙද්දී ඒවාට සහයෝගය දීම සඳහා ප්‍රධාන ධාරාවේ විදුලි බලාගාර ක්‍රියාත්මක වීම අත්‍යවශ්‍ය බවත් පද්ධතිය එකට බැද තබාගන්න සියලුම බලාගාර එකතු වියයුතු බවත් ඔහු පැවසීය.
ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති ආචාර්ය තිලක් සියඹලාපිටිය මහතා වැඩි දුරටත් පැවසුවේ ඉන්දියාවේ නොරොචචෝලේ වැනි බලාගාර 60 පමණ තිබුණ ද ශ්‍රී ලංකාවට එකක් පමණක් ඇති බවත්ය.


  



අදහස් (3)

නොරොච්චෝලේ බලාගාර හදිසියේ නතර කරන්න බෑ

මාලිමා කයියෙක් Tuesday, 11 February 2025 06:51 PM

ඒ කොහොම උනත් ඕක හැදුවේ මයිනා. ඒ වගේම චීනෙත් එක්ක එකතු වෙලා. ඒක නිසා ඕක වහලා දාලා ඕකේ තියෙන යන්ත්‍ර සූත්‍ර ටික පරණ යකඩ වලට විකුණන්න ඕනේ.

:       15       7

ලක්විදුWednesday, 12 February 2025 07:25 AM

උපහාසයට කිව්වත් ඒක තමයි ඇත්ත. මෙහි අටවා ඇත්තේ කල් ඉකුත්වූ මොඩලයක්. පටන්ගත් කාලේ ඉදලම නිතරම බිදවැටුනේ ඒ නිසයි. පරණ ලදරමක් අටවලා. මයිනලා හොඳ කොමිස් කුට්ටියක් ගහපු බව හැමෝම දන්නවා.

:       1       1

රම්බොඩ Tuesday, 11 February 2025 07:39 PM

ප්‍රශ්න තියෙනව නම් ඒවට විද්‍යාත්මක ප්‍රතිකර්ම යොදන්න ඕන. කියව කියව නොඉඳ. වෙන රටක ඔය විදිහට රටේම විදුලිය එකවර නතර වුණා නම් අයියලා ගෙදර.

:       4       22

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 611 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 818 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 352 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site