IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


දෙදරු පියා ඝාතකයා වසර තුනකට පසු අල්ලයි

(බිමල් ශ්‍යාමන් ජයසිංහ )

70 හැවිරිදි  වයෝවෘද්ධ දෙදරු පියාට පහරදී ගෙල මිරිකා ඝාතනය කර විදේශගතව සිට මෙරටට පැමිණ රහසිගතව සැඟව සිටි කුරුඳු තලන්නෙකු වසර තුනකට පසු අත්අඩංගුවට ගත් බව මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන අංශය කියයි.

මෙලෙස ඝාතනයට ලක්ව තිබුණේ ගලපිටමඩ දුනුමාල පාර බෝගහහේන අංක සි 47, හි පදිංචිව සිටි  මුණසිංහලගේ පියසේන  යන අයයි.

2021 අප්‍රේල් මස   9 වෙනි දින    සිදු වූ    අදාළ ඝාතනය සම්බන්ධයෙන් එම ප්‍රදේශයේ පදිංචිකරුවකු බවට සැක කළ හැකි පුද්ගලයකු විසින්  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පතිතුමාට යොමු කරන ලද ලිපියකට අනුව  මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ අංශය මගින් මූලික විමර්ශන සිදුකළ බව පොලිසිය කියයි.

අදාළ ඝාතනය කළ පුද්ගලයා එම ප්‍රදේශයේම පුද්ගලයකු බවට සැක කළ හැකි ප්‍රමාණවත් කරුණු කිසිවක් නොතිබියදී දීර්ඝ විමර්ශනයක් සිදුකර  සැකකරු නිත්‍ය ලෙස හඳුනාගෙන ඔහු පිළිබඳව වැඩිදුරටත් සොයා බැලීමේදී එම පුද්ගලයා විදේශගත වී ඇති බවට අනාවරණය වූ බව පොලිසිය කියයි.

එනමුත් නිලධාරීන් විසින් ඒ සම්බන්ධයෙන් දිගින් දිගටම සිදුකළ විමර්ශනයේදී 2021 වසරේ  ඔක්තෝබර් මස 17 වැනිදා  එම පුද්ගලයා විදේශගත වී 2022 වසරේ සැප්තැම්බර් මස 19 වෙනිදින  මෙරටට පැමිණි බවට ආගමන විගමන දෙපාර්තමේන්තුවෙන් තොරතුරු ලබාගැනීමට හැකි වුවත් සැකකරු මෙරටට පැමිණ ඔහු පදිංචි ප්‍රදේශයෙන් බැහැරව සැඟව සිටින බවට  තොරතුරු අනාවරණය වී යැයි පොලිසිය සඳහන් කරයි.

 



අදහස් (0)

දෙදරු පියා ඝාතකයා වසර තුනකට පසු අල්ලයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 604 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 294 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1094 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site