රාජ්‍ය දේපල දේශපාලනයට යොදා ගන්නා බව පැෆරල් කියයි ප්‍රධාන දේශපාලන පක්ෂවලට අයත් අපේක්ෂකයන් විසින් නෛතික තත්ත්වයන් නොතකා රාජ්‍ය දේපල දේශපාලන ව්‍යාපාරය වෙනුවෙන් යොදා ගන්නා බව නිරික්ෂණය වන බව පැෆරල් සංවිධානය පවසයි. 21 October 2019
ඥානසාර හිමි ඇතුළු තුනකට නොතීසි ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ඇතුළු තිදෙනෙකුට ලබන 8 වැනිදා අධිකරණය හමුවේ පෙනී පෙනී සිටින ලෙසට නියෝග කරමින් අභියාචනාධිකරණය අද (21) නොතීසි නිකුත් කළේය. 21 October 2019
රවීට සීඅයිඩියට පැමිණ ප්‍රකාශ දෙන්නැයි නියෝග බැඳුම්කර පිළිබඳ ජනාධිපති කොමිසම හමුවේ අසත්‍ය සාක්ෂි ලබාදුන්නැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණයට අදාළව ඉදිරි දින හත තුළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී සිට සිය සම්පූර්ණ ප්‍රකාශය ලබාදෙන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය විදුලිබල බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන ඇමැති රවී කරුණානායක මහතාට අද (21) නියෝග කළාය. 21 October 2019
උතුරේ පක්ෂ පහේ යෝජනාවලිය දේශපාලන නාඩගමක් දෙමළ ජාතික සන්ධානය ඇතුළු උතුරේ දෙමළ දේශපාලන පක්ෂ පහක් විසින් ඉදිරිපත් කර ඇති යෝජනාවලිය කිසිදු ජනපති අපේක්ෂකයකු පිළිනොගන්නා බවත් මෙය දෙමළ ජනතාව රැවටීමේ නාඩගමක් සේ දකින බවත් දෙමළ එක්සත් විමුක්ති පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි වී.ආනන්ද සංගරි මහතා අවධාරණය කර සිටීයි. 21 October 2019
දෘශ්‍ය දූෂණයට එරෙහිව පෙත්සමක් ඉදිරි මැතිවරණයේ දී පෝස්ටර් , බැනර් සහ කටවුට් ප්‍රදර්ශනය කිරීමෙන් සිදුවන දෘෂ්‍ය දූෂණයට අදාළ රෙගුලාසි වලට අනුව ක්‍රියාත්මක කිරීමට පොලිස්පතිවරයාට නියෝග කරන ලෙස ඉල්ලා පාරිසරික යුක්ති කේන්ද්‍රය ගොනු කළ රිට් පෙත්සම සම්බන්ධයෙන් කරුණු තහවුරු කිරීම ලබන 31 වැනිදා සිදු කිරීමට අභියාචනාධිකරණය අද (21) තීන්දු කළේය. 21 October 2019
මාධ්‍ය වාරණයට එරෙහිව ඕස්ට්‍රේලියානු පත්තර මුල්පිටු කළුපැහැයෙන් මුද්‍රණය වෙයි ජනමාධ්‍ය වාරණයට විරෝධය පළ කිරීමක් වශයෙන් ඕස්ට්‍රේලියාවේ ප්‍රධාන පෙළේ පුවත්පත් කිහිපයක් සිය මුල් පිටුව කළු පැහැයෙන් මුද්‍රණය කර ඇතැයි වාර්තා වේ. 21 October 2019
බිරියට පිහියකින් අනින්න ගිය ප්‍රා.සභා මන්ත්‍රී අත්අඩංගුවට හලාවත දිස්ත්‍රික් මහ රෝහල් පරිශ්‍රයට ඇතුළු වී එහි සේවය කරන සිය බිරිඳට පිහියකින් ඇනීමට තැත් කළ, හලාවත ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයෙකු හලාවත පොලිසියට බාර දීමට රෝහලේ ආරක්ෂක අංශ අද ( 21) කටයුතු කර තිබිණි 21 October 2019
යතුරුපැදියකින් යමින් සිටි යුවළක් මතට ගසක් කඩා වැටෙයි පුත්තලම අනුරාධපුර මාර්ගයේ සිරම්බිඅඩිය ප්‍රදේශයේ යතුරුපැදියකින් ගමන් කරමින් සිටි යුවළක් මතට ගසක් කඩා වැටීමෙන් තුවාල ලැබ පුත්තලම මුලික රෝහලට ඇතුළත් කළ බව පුත්තලම පොලිසිය කියයි. 21 October 2019
අගමැතිගේ ඉල්ලීම විග්නේෂ්වරන් ප්‍රතික්ෂේප කරයි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් දෙමළ ජනතා පෙරමුණ සමඟ තනිව සාකච්ජා කිරීමට එක්සත් ජාතික පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් තම පක්ෂයට කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කළ බව දෙමළ ජනතා පෙරමුණේ නායක උතුරු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සි.වි.විග්නේශ්වරන් මහතා පැවසීය. 21 October 2019
අධිවේගී මාර්ගයේ වාහන 6ක් ගැටී අයෙක් රෝහලේ ගාල්ල සිට කොළඹ දෙසට ගමන්ගත් වාහන 6ක් දක්ෂිණ අධිවේගී මාර්ගයේ කහතුඩුව ප්‍රදේශයේදී අද(21) අනතුරට ලක්ව ඇතැයි ගැලණිගම පොලිසිය කියයි. 21 October 2019
මුලතිව් ඉඩමකින් අස්ථි කොටස් කිහිපයක් හමුවෙයි මුලතිව් පුදුකුඩිඉරිප්පු සුගන්දිරපුරම් ප්‍රදේශයේ පිහිටි ඉඩමක තිබු මිනිස් ඇටසැකිලි වලට සමාන අස්ථි කොටස් කිහිපයක් සම්බන්ධයෙන් පරීක්ෂණ අරඹා ඇතැයි පොලීසියි කියයි. 21 October 2019
කලා ඔයේ ජල මට්ටම ඉහළට : වනජීවී නිලධාරීන් ඉවතට කලා ඔයේ ජල මට්ටම ශීඝ්‍ර ලෙස ඉහළ යාමත් සමඟ වනාතවිල්ලුව එළුවන්කුලම විල්පත්තුව පිවිසුමේ පිහිටි නාවික හමුදා අනු කණ්ඩය හා වනජීවී කාර්යාලේ නිළධාරින් තාවකාලිකව ඉවත් කර ඇති බව පුත්තලම ආපදා කළමනාකරණ ඒකකය පවසයි . 21 October 2019
කටුනායකට යන්න තිබූ ගුවන් යානා දෙකක් මත්තලට කටුනායක ගුවන් තොටුපළ අවට ප්‍රදේශයට අද(21) අලුයම පැවති අධික වැසි සහිත කාලගුණික තත්වය හේතුවෙන් එහි ගොඩබැස්සවීමට නියමිතව තිබූ ගුවන් යානා දෙකක් මත්තල ගුවන් තොටුපළට ගොඩබැස්සවීමට කටුනායක ගුවන් තොටුපළ වෙත බලධාරීන් පියවර ගෙන තිබුණි. 21 October 2019
“මාසයකට ලක්ෂ 5 ක පඩියක් ලැබුවත් ආර්ථික සභාවේ ලේකම් වැඩිපුරම සිටියේ පිටරට“ ජාතික ආර්ථික සභාවේ මහලේකම් මහාචාර්ය ලලිත් සමරකෝන් මහතා මාසයකට රුපියල් ලක්ෂ පහක වැටුපක් ලැබුවත් ඔහු වැඩිවශයෙන් කාලය ගතකර ඇත්තේ පිටරටයැයිද මේ තත්ත්වය එම සභාව අහෝසි කිරීමට ප්‍රධාන හේතුවවූ බවද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරමින් සඳහන් කර ඇත. 21 October 2019
තබ්බෝව ජලාශයේ වාන් දොරටු 8ක් අරී පවතින වර්ෂාව හා අවට ජල පෝෂක ප්‍රදේශවලින් එක්වන අමතර ජලධාරාව හේතුවෙන් අද(21) උදෑසන 7.45පමණ වනවිට තබ්බෝව ජලාශයේ වාන්දොරටු 8ක් විවෘත කළ බව පුත්තලම වාර්මාර්ග ඉන්ජිනේරු කාර්යාලය පැවසීය. 21 October 2019
ජනපති ජපානයට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තුන් දින නිල සංචාරයක් සඳහා අද(21) අලුයම කටුනායක ගුවන් තොටුපළෙන් ජපානය බලා පිටත්ව ගියේය. 21 October 2019
‘‘උතුරේ ඡන්ද වර්ජනයක් ගැන තොරතුරු ලැබී තිබෙනවා‘‘ උතුරු නැගෙනහිර සමහර කොටස් මෙවර ජනාධිපතිවරණයේදී ඡන්දය ප්‍රකාශ නොකර සිටීමේ වැඩ පිළිවෙළක් පිළිබඳව තමන්ට තොරතුරු ලැබී ඇතැයි විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා අම්බලන්තොට රිදියගම අද (20) පැවති පොදුජන පෙරමුණේ මැතිවරණ ප්රචාරක රැළියකදී පැවසීය. 20 October 2019
‘‘ප්රජාතන්ත්රවාදී සමාජයක් තිබෙන නිසා ඕනම කෙනෙකුට දේශපාලකයන්ගෙන් ප්‍රශ්න කරන්න පුළුවන්‘‘ නිදහස් ප්රජාතන්ත්රවාදී සමාජයක් ඇති කර තිබෙන නිසා ඕනෑම අයෙකුට ඕනෑම දේශපාලකයෙකුගෙන් බය නැතුව ප්‍රශ්න කළ හැකි යැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (20) කෝට්ටේදී පැවසීය. 20 October 2019
‘‘ශ්‍රේෂ්ඨාධිකරණය තීරණයක් දුන්නොත් මරණ දඬුවම ක්‍රියාත්මක කරනවා‘‘ මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට පක්ෂව ශ්‍රේෂ්ඨාධිකරණය තීරණයක් ලබාදුනහොත් තමන්ගේ ධූර කාලය අවසන් වීමට පෙර මරණ දඬුවම ක්‍රියාත්මක කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (20) පැවැසීය. 20 October 2019
ඉදිරි පැය කිහිපයේ පළාත් කිහිපයකට ගිගුරුම් සහිත තද වැසි දිවයිනේ පළාත් කිහිපයකට ඉදිරි පැය කිහිපයේදී ගිගුරුම් සහිත තද වැසි සමඟ අකුණු අනතුරු ඇතිවීමේ හැකියාවක් ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 20 October 2019
‘‘තනතුරු අහිමිවීම ගැන දුකක් නෑ‘‘ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට වරදක් කර නොමැති බැවින් තනතුරු අහිමිවීම ගැන කිසිම කණගාටුවක් නැතැයි බස්නාහිර පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය මහතා පැවසීය. 20 October 2019
මැතිවරණ පැමිණිලි සංඛ්‍යාව 450 පනී මැතිවරණය සම්බන්ධ පැමිණිලි 325 ක් මැතිවරණ ප්රචණ්ඩ ක්‍රියා නිරික්ෂණ මධ්‍යස්ථානයට ලැබී තිබේ. පැෆරල් සංවිධානය වෙත තවත් පැමිණිලි 141 ක් ලැබී ඇතැයි එම සංවිධානය පවසයි. වැඩි වශයෙන් පැමිණිලි ඇත්තේ පෝස්ටර් සහ කටවුට් නීති විරෝධී අන්දමින් ප්‍රදර්ශනය කිරීම් පිළිබඳ බවත් ඒ පිළිබද පැමිණීලි 148 ක් ලැබී ඇති බවත් මැතිවරණ ප්රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානයේ ජාතික සම්බන්ධීකාරක මංජුල ගජනායක මහතා ලංකාදීපයට පැවැසීය. 20 October 2019
අගලවත්තේ දී කපා කොටා දෙදෙනෙක් ඝාතනය කරලා අගලවත්ත කිරිවානකුටිය පලෙයිකාට්ටුව කොටසේ නිවසක් තුළ කාන්තාවක හා පිරිමි පුද්ගලයෙකු මීට සුළු මොහොතකට පෙර තියුණු ආයුධවලින් කපා කොටා ඝාතනය කර ඇතැයි අගලවත්ත පොලිසිය කියයි. 20 October 2019
මාධ්‍ය ගැන එජාපයෙන් මැතිවරණ කොමිසමට වාර්තාවක් ජනමාධ්‍ය උපමාන උල්ලංඝනය වන අයුරින් විද්‍යුත් මාධ්‍ය සිදුකරන ප්‍රචාරණ සම්බන්ධයෙන් එක්සත් ජාතික පෙරමුණෙන් මැතිවරණ කොමිසමට වාර්තා කීපයක්ම ලබාදුන්නේ යැයි එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම් මරික්කාර් මහතා ‘ලංකාදීප’ යට පැවසීය. 20 October 2019
ජනපතිවරණ ව්‍යාපාරයේ වෛරි සහගත ප්‍රකාශන ඉහළ ගිහින් ජනාධිපතිවරණ මැතිවරණ ව්‍යාපාරය තුළ වෛරීසහගත ප්‍රකාශ ඉහළ යාමේ ප්‍රවණතාවක් දක්නට ලැබෙන බව කැෆේ සංවිධානය පවසයි. 20 October 2019
බි්රගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දුගේ නඩුව නොවැ. 19 සිට යළි විභාගයට ලන්ඩනයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක ලෙස සේවය කළ බි්රගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දුට එරෙහිව ලන්ඩනයේ වෙස්මිනිස්ටර් මහේස්ත්‍රාත් අධිකරණයෙන් නිෂ්ප්‍රභ කර තිබු නඩුව ලබන නොවැම්බර් 19 වැනිදා යළි විභාගයට කැඳවන බව විදේශ කටයුතු අමාත්‍යාංශය කියා සිටී. 20 October 2019
වැඩිහිටි ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂකට බලපෑම් නොකළ බව දයා ගමගේ කියයි ජාතික වැඩිහිටි මහලේකම් කාර්යාලයේ අධ්යක්ෂ සමන් උඩවත්ත මහතාට තනතුරෙන් ඉවත්වන්නැයි තමා බලපෑම් කළ බවට නගන චෝදනා මුළුමණින්ම ප්‍රතික්ෂේප කරන බව ප්‍රාථමික කර්මාන්ත හා සමාජ සංවර්ධන ඇමැති දයා ගමගේ මහතා ‘ලංකාදීප’ යට පැවසීය. 20 October 2019
ලංකාවේ දරුවන් ලක්ෂ 60 කගේ සුබ සාධනයට ප්‍රතිපත්ති ප්රකාශනයක් ශ්‍රී ලංකාවේ දරු දැරියන් ලක්ෂ 60කගේ සුබ සාධනයට අදාළ කරුණු ඇතුළත් ප්‍රතිපත්ති ප්රකාශනයක් එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල විසින් සකස් කරනු ලැබ තිබේ. 20 October 2019
ජනපතිවරණයේ තැපැල් ඡන්දය ඔක්: 31 - නොවැ : 1 දිනවල ජනාධිපතිවරණයේ තැපැල් ඡන්දය සළකුණු කිරීම ඔක්තෝබර් 31 සහ නොවැම්බර් 01 යන දිනවලදී සිදුකෙරේ. 20 October 2019
යුද සැලසුම් හදන්නේ ත්‍රිවිධ හමුදාපතිවරු මිස ආරක්ෂක ලේකම් නෙමෙයි විරුද්ධවාදීන් කථා කරන්නේ රටේ ආරක්ෂාව ගැන වුවත් ඔවුන්ට ආරක්ෂාව ගැන කථා කරන්න තරම් අත්දැකීම් නැති බවත් යුද උපායයන් සැලසුම් කරන්නේ හමුදාපතිවරු තිදෙනා මිස සම්ප්රදායානුකූලවත් ආරක්ෂක ලේකම් යුද සැලසුම් සකස් නොකරන බවත් ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා මාධ්‍ය හමුවක් අමතමින් පැවසීය. 20 October 2019
සා.පෙ සෞන්දර්ය පරීක්ෂණයට යන්න බැරි වූ දරුවන්ට වෙනත් දිනයක් සාමන්‍ය පෙළ විභාගයේ සෞන්දර්ය ප්‍රයෝගික පරීක්ෂණවලට සභභාගී වීමට නොහැකි වූ සබරගමුව පළාතේ දරුවන්ට වෙනත් දිනයක් ලබා දෙන බව විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ පැවැසුවාය... 27 October 2026