අපේ අනාගතය රඳාපවතින්නේ එකමුතුකම හා සහජීවනය මතයි සමස්ත මානව වර්ගයාට මාරාන්තික පහරක් එල්ල කර ඇති කොවිඩ් වසංගතයෙන් බේරී නැවත ජීවිත ආරම්භ කිරීමට නම් ජාත්‍යන්තර සහයෝගීතාව ශක්තිමත් කළ යුතු බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය. 14 September 2021
කබ්රාල් මහ බැංකු අධිපති ලෙස පත් කෙරේ මුදල් හිටපු රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා මහ බැංකුවේ නව අධිපතිවරයා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අද පස්වරුවේ පත්කරනු ලැබීය. 13 September 2021
බිරියගේ අතපය බැද මුහුණට ගිනි තැබූ සැමියා අල්ලයි අයිස් ගැසීමට මුදල් ලබා නොදුන්නේ දරුවාගෙනැප්කිනයකින් බිරිඳගේ අත පය බැඳ ඇගේ මුහුණ ගිනි තැබූ බව කියන ඇගේ සැමියකු අද අත්අඩංගුවට ගත් බව මොරටුව එගොඩඋයන පොලිසිය පවසයි. 13 September 2021
ආසාදිතයන් තවත් 805ක් වාර්තා වෙයි කොවිඩ් ආසාදිත තවත් රෝගීන් 805 දෙනකු අද(13) හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි. 13 September 2021
ඇල්පිටිය රෝහලේ දී මළ සිරුරක් අතුරුදහන් ඇල්පිටිය මූලික රෝහලට ඇන්ටජර්න් පරීක්ෂණයක් සදහා රැගෙන ආ මළසිරුරක් ඇන්ටිජන් පරීක්ෂාවෙන් පසු අතුරුදහන්වී ඇතැයි ඌරගස්මංහදිය පොලීසිය පවසයි. 13 September 2021
කෑගල්ල උප නගරාධිපති කෝවිඩ් ආසදනය වි මරුට කෑගල්ල නගර සභාවේ උප නගරාධිපති ලලිත් ජයශාන්ත (50) කොවිඩ් 19 ආසාදනය වීමෙන් අද සවස මිය ගිය බව සෞඛ්‍ය අංශ කියයි. 13 September 2021
එල්ලේ ක්‍රීඩකයාගේ මරණයට ග්රාමනිලධාරි බිරිය සහ හමුදා කෝප්රල් අත්අඩංගුවට මෝදර කාක දූපත ට ගොඩගැසූ පිරිමි මළසිරුරක් සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයකට අදාළව යුද හමුදා බුද්ධි අංශ කෝප්රල්වරයෙකු සහ මට්ටක්කුලිය ප්‍රදේශයේ ග්‍රාම නිලධාරිනියක කොළඹ උතුර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇත. 13 September 2021
ශ්‍රී ලංකාවේ මානවහිමිකම් ගැටළු ගැන අවධානය යොමු කරන්න මානව හිමිකම් ගැටළු විසදීම සම්බන්ධයෙන් ශ්‍රි ලංකාව ප්‍රමාණවත් ප්‍රගතියක් සහතික කර ගන නොමැති බවත් , ඒ සම්බන්ධයෙන් කවුන්සිලයේ සාමජික රටවල් දැඩි අවධානය යොමු කරන්නැයි මානව හිමිකම් පිළිබද එක්සත් ජාතීන්ගේ මහකොමසාරිස් මිචෙල් බැචලේ මහත්මිය මානව හිමිකම් කවුන්සිලයේදී අද (13) පැවසුවාය. 13 September 2021
කොවිඩ් මරණ 135ක් කොවිඩ් ආසාදිතවූ තවත් 135 දෙනකු ඊයේ (12) මරණයට පත්ව ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (13) තහවුරු කළේය. 13 September 2021
නාඩු වී කිලෝවක මිල රුපියල් 5කින් ඉහළ දමයි නාඩු වී කිලෝවක මිල රුපියල් පහකින් වැඩි කිරීමට අද සවර රැූ කබිනට් මණ්ඩලය තීරණය කර ඇත. 13 September 2021
රාජ්‍ය ඇමැතිවරයෙක් බීමතින් බන්ධනාගර මූලස්ථානයට ගිහින් සිය මිතුරන්ට එල්ලුම් ගස පෙන්වීමට අවශ්‍ය බව කියමින් පිරිසක් ද සමඟ බීමතින් පැමිණි රාජ්‍ය අමාත්‍යවරයකු ඉකුත් සතියේ දිනක බන්ධනාගාර මූලස්ථානය ට අයුතු ලෙස ඇතුළු ඇතැයි බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කරයි. 13 September 2021
කොවිඩ් ආසාදිතයන් 1,755ක් කොවිඩ් 19 ආසාදිත රෝගීන් තවත් 1,755 දෙනකු අද (13) හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි. 13 September 2021
නාවිකයන්ටත් ෆයිසර් නැව්වල රාජකාරි කරන නාවිකයන් සඳහා ෆයිසර් එන්නත ලබාදීමට කටයුතු යොදා ඇතැයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි. 13 September 2021
ගොවිජන සේවා දෙපාර්තමේන්තුව වැරදි දත්ත දීලා රසායනික පොහොර තහනමට පෙර ගොවීන්ට රසායනික පොහොර බෙදා දීම සම්බන්ධයෙන් ගොවිජන සේවා දෙපාර්තමේන්තුව ඉදිරිපත් කළ දත්ත වලින් 96%ක් වැරදි යැයි හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ ආයතනය තමාට දැන්වූ බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසීය. 13 September 2021
කොවිඩ්වලින් බැට කන සංචාරක කර්මාන්තය නැංවීමේ පස් අවුරුදු සැලැස්මක් කොවිඩ් වසංගතයයෙන් බැට කන සංචාරක කර්මාන්තය නැංවීමේ පස් අවුරුදු සැලැස්මක් ක්‍රියාත්මක කරන බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි. 13 September 2021
තැපැල් කාර්යාල සතියකට දින හතරක් විවෘත කරයි නිරෝධායන ඇඳිරිනීතිය ක්‍රියාත්මක වන කාලය තුළ තැපැල් කාර්යාල සතියකට දින හතරක් පමණක් විවෘත කරන බවත් බඳාදා සහ බ්‍රහස්පතින්දා දෙදින තැපැල් කාර්යාල වසා තබන බවත් තැපැල්පති රංජිත් ආරියරත්න මහතා අද (13) පස්වරුවේ පැවසීය. 13 September 2021
කෝටි එකහමාරක සුදුලූනු හොරට විකිණු සතොස කීපදෙනෙකු ගැන පරීක්ෂණ වරාය අධිකාරියෙන් සතොසට ලබාදුන් රුපියල් ලක්ෂ 150 කට (රුපියල් කොටි එකහමාරකට) අධික වටිනාමින් යුත් සුදුුළුණු කිලෝ 56,000 ක් නීතිවිරෝධී ලෙස වෙනත් පාර්ශවයකට අළෙවි කළ බව කියන සතොස මූලස්ථානයේ සහ වැලිසර තොග ගබඩාවේ නිලධාරීන් කීපදෙනෙක් පිළිබඳව විමර්ශන ආරම්භ කර ඇතැයි සතොස සභාපති විශ්‍රාමික රියර් අද්මිරාල් ආනන්ද පීරිස් මහතා ‘ලංකාදීප’යට පැවසීය. 13 September 2021
නිදහස් අධ්‍යාපනයත් උදුරාගෙන ’’එහෙයියන්’’ පරපුරක් හදනවා කොරෝනා වසංගතය හමුවේ ඔන්ලයින් අධ්‍යාපනය ලබාගන්නා දරුවන්ට අත්‍යවශ්‍යම උපකරණ වන සන්නිවේදන උපාංගවල ද මිල ඉහළ යන ආකාරයට ආනයන රෙගුලාසි පැනවීමෙන් නිදහස් අධ්‍යාපනයේ සම අයිතිය නැති කිරීමට ආණ්ඩුව කටයුතු කර ඇතැයි එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා අද (13) ප්‍රකාශ කළේය 13 September 2021
කැටගොඩගේ නම මැතිවරණ කොමිසමට අජිත් නිවාඩ් කබ්රාල් මහතා ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩුවූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩ මහතාගේ නම යෝජනා කරමින් එම පක්ෂයේ මහ ලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා මැතිවරණ කොමිෂන් සභාවට ලිපිලේඛන අද පස්වරුවේ භාර දුන්නේය. 13 September 2021
“උතුරුමැද-නැ’හිර වැටලීම් වලින් වී කිලෝ ලක්ෂ 68 ක් වී අලෙවි මණ්ඩලය මිලදීගෙන’’ උතුරු මැද සහ නැගෙනහිර පළාත් කේන්ද්‍ර කරගනිමින් පසුගිය සති කීපයේ කළ වැටලීම්වලින් බාරයට ගත් වී මෙටි්රක්ටොන් 6727.6 ක් හෙවත් කිලෝ ලක්ෂ 68 කට ආසන්න ප්‍රමාණය මේ වන විට වී අළෙවි මණ්ඩලය මිලදී ගෙන ඇතැයි අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් කාර්යාලය පවසයි. 13 September 2021
“විදෙස්ගතව පැමිණෙන්නන්ගේ පී.සී.ආර් කිරීමට ගුවන් තොටුපලේ පහසුකම් මදි’’ විදේශගතව සිට පැමිණෙන අයගේ පී.සී.ආර් හා රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ කිරීමට තරම් ධාරිතාවයක් කටුනායක ගුවන් තොටුපල පර්යේෂණාගාරයන්හි නැතැයි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පැවසීය. 13 September 2021
අධිවේගී මාර්ගවලින් කෝටි 30ක ආදායමක් නැති වෙලා රට වසා දැමීමෙන් පසු අධිවේගී මාර්ගවලින් රුපියල් කෝටි තිහකට ආසන්න ආදායමක් මේදක්වා අහිමිවී ඇතැයි මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි. 13 September 2021
කොවිඩ් සුව වූ පසුත් අපහසුතා ඇති අයට පශ්චාත් කොවිඩ් සායන කොවිඩ් ආසාදනය වී සුව වූ පසුත් විවිධ අපහසුතා පවතින අය වෙනුවෙන් රජයේ රෝහල්වල පශ්චාත් කොවිඩ් සායන ආරම්භ කර ඇතැයි හෝමාගම සහ අවිස්සාවේල්ල රෝහල්වල ශ්වසන රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය තුෂාර ගලබඩ මහතා පැවසීය. 13 September 2021
කොළඹ රියදුරු පාසල් හිමියන්ගේ සංගමය ගොනු කළ රිට් පෙත්සමක් විභාගයට නොගෙනම විසිවෙයි රියදුරු බලපත්‍රයක් ලබා ගැනීම සදහා අයදුම් පත්‍රය සමග රියදුරු පාසලෙන් ලබා ගත් සහතිකයක් ඉදිරිපත් කිරීම අනිවාර්ය කරන රිට් ආඥාවක් නිකුත් කරන්නැයි ඉල්ලා ෙකාළඹ රියදුරු පාසල් හිමියන්ගේ සංගමය ගොනු කර තිබූ රිට් පෙත්සමක් විභාගයට නොගෙනම ප්‍රතික්ෂේප කිරීමට අභියාචනාධිකරණය තීන්දු කර ඇත. 13 September 2021
රැඳවියෙක්ට මත්ද්‍රව්‍ය දෙන්න ආවැයි සැක අයෙක් අල්ලයි වැලිකඩ බන්ධනාගාරයේ රදවා සිටි සිරකරුවෙකුට මත්ද්‍රවය ලබා දීමට පැමිණි බව කියන පුද්ගලයෙකු බොරැල්ල පොලිසිය විසින් අද (13 ) අත්අඩංගුවට ගනු ලැබ ඇත . 13 September 2021
පාස්කු ප්‍රහාරයේ විත්තිකරුවන්ට සිතාසි කතෝලික දේවස්ථාන හා තරුපහේ හෝටල් ඉලක්ක කරගෙන එල්ල කරන ලද මරාගන්න මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර මාලාවකින් පුද්ගලයින් 300කට අධික පිරිසක් මරා දමා තවත් තුන්සියයකට අධික පිරිසකට බරපතළ තුවාල කළ බවට චෝදනා ලැබ සිටින මවුලවිවරුන් ඇතුළු විත්තිකරුවන් විසි පස් දෙදෙනකුට ලබන ඔක්තෝබර් 4 වෙනිදා වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස නියම කරමින් ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල අද 13 සිතාසි නිකුත් කළේය. 13 September 2021
“විශ්ව විද්‍යාල හා උසස්පෙළ සිසුන්ට මුලින්ම ෆයිසර් එන්නත දෙන්න’’ විශ්ව විද්‍යාල සිසුන්ට සහ මෙවර අ.පො.ස උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසුන්ට පළමුව ෆයිසර් එන්නත ලබා දෙන්නැයි තමා බලධාරීන්ගෙන් ඉල්ලීමක් කරන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවසීය. 13 September 2021
ඖෂධ නියාමන අධිකාරියේ දත්ත මකීම ජාවාරම් කරුවන්ගේ ක්‍රියාවක්? ජාතික ඖෂධ නියාමන අධිකාරියේ පරිගණක දත්ත ගබඩාව මකාදැමීමේ සිද්ධිය ඖෂධ මාෆියා ජාවාරම් කරුවන්ගේ ක්‍රියාවක් විය හැකි බව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා අද (13) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල මහතා ඉදිරියේ ප්‍රකාශ කළේය. 13 September 2021
ඉතාලියට ගිය මහින්දට විරුද්ධය දැක්වුවාට විරෝධයක් ඉතාලියේ බොලෝඤ්ඤා විශ්ව විද්‍යාලයේ පැැති ’’සංස්කෘතීන් අතර සාමය සහ ආගම් අතර අවබෝධය’’ යන තේමාව යටතේ ජී 20 අන්තර් ආගමික සමුළුවට සහභාගී වූ අගමැති මහින්ද රාජපක්ෂ මහතාට හා විදේශ කටයුතු අමාත්‍යංශය ජී.එල්. පිරිස් මහතාට විරුද්ධව උද්ඝෝෂණයක් සිදු කළ පිරිසට විරුද්ධව තවත් ශ්‍රී ලාංකිකයෝ පිරිසක් විරෝධතාවක නිතර වූහ. 13 September 2021
වැටලීම්වලින් බාරයට ගත් සීනි කිලෝ ලක්ෂ 906 ජනතාවට ගබඩා වැටලීමෙන් බාරයටගත් සීනි මෙට්‍රාක්ටොන් 90,683 ක් හෙවත් කිලෝ ලක්ෂ 906 කට අධික ප්‍රමාණය වෙළෙඳ අමාත්‍යංශය හරහා ජනතාවට පාලන මිලට ලබාදීමට කටයුතු කරමින් සිටින බව අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් විශ්‍රාමික මේජර් ජෙනරාල් එම්. ඩී. එස්. පී. නිවුන්හැල්ල මහතා ‘ලංකාදීප’යට පැවසීය. 13 September 2021
කෝටි පහක මත් කුඩු ගුවන්තොටෙන් අල්ලයි රුපියල් පන් කෝටි දහතුන් ලක්ෂ හැත්තෑ දහසක් වටිනා ’’ කුෂ්’’ සහ ’’ හෂීෂ්’’ මත්ද්‍රව්‍ය තොගයක් , මෙරටට රැගෙන ආ විදේශීය ගුවන් මගීන් දෙදෙනකු , ඒවා කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ , ’’ හර.. 08 September 2026