IMG-LOGO

2025 සැප්තැම්බර් මස 16 වන අඟහරුවාදා


පාර්ලිමේන්තු මන්ත්‍රීන් ගණන අඩු කරන බව ප්‍රංශ ජනපති කියයි

ප්‍රංශ දේශපාලනයේ සුවිශේෂී ප්‍රතිසංස්කරණ කරන බවට පොරොන්දු වෙමින් බලයට පැමිණි ජනාධිපති එමානුවෙල් මැක්රෝන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සංඛ්‍යාව දැනට සිටින ප්‍රමාණයෙන් තුනෙන් එකක්   අඩු කරන බව ප්‍රකාශ කළේය.
 
වසරක් ඇතුළත තමන්ට අවශ්‍ය ප්‍රතිසංස්කරණ කිරීමට පාර්ලිමේන්තුවේදී සහාය හිමි නොවූවහොත් ජනමත විමසුමක් පැවැත්වීමට කටයුතු කරන බව ද ඔහු පැවැසීය.  
 
මැයි මාසයේදී ජනාධිපතිධුරයට තේරී පත්වීමෙන් අනතුරුව ප්‍රංශ ජනාධිපතිවරයා  එරට ජාතික මන්ත්‍රණ සභාව සහ සෙනට් සභාව පළමුවරට අමතමින් මේ බව ප්‍රකාශ කළේය. ප්‍රංශයේ ‘වර්සයිලස්’ මාලිගයේදී විනාඩි 90ක් පුරා තම කතාව කරමින් ප්‍රංශයට වෙනසක් අවශ්‍ය බව කියා සිටියේය.
 
“අද වෙනකන් අපි ගමන් කරමින් සිටියේ වැරැදි මාර්ගයක” යැයි 38 හැවිරිදි ප්‍රංශ ජනාධිපතිවරයා පැවැසීය. 
 
“අපි කතාකරන දේවල්වලින් ප්‍රතිඵල ලැබිය යුතුයි. නීති ක්‍රියාමාර්ග බවට පත්විය යුතුයි. ඔබ ජීවත්වන සමාජය උරුමයෙන් ලද නැති වී ගිහින්. මේ සමාජය යුක්ති සහගත සමාජයක් බවට පත්විය යුතුයි” යැයි ද ප්‍රංශ ජනාධිපතිවරයා කීවේය. 
 
ජනාධිපතිවරයාගේ නව යෝජනාව අනුව ප්‍රංශ පාර්ලිමේන්තුවේ පහළ මන්ත්‍රී මණ්ඩලයේ ආසන 577 සිට 385 දක්වා සෙනට් සභාවේ ආසන සංඛ්‍යාව 348 සිට 232 දක්වාත් අඩුවීමට නියමිතය. 
 
ඒ.එෆ්.පී 055



අදහස් (13)

පාර්ලිමේන්තු මන්ත්‍රීන් ගණන අඩු කරන බව ප්‍රංශ ජනපති කියයි

රංග Monday, 03 July 2017 05:05 PM

ඒකට ලංකාව!

:       0       0

lusenaa Monday, 03 July 2017 05:23 PM

ලංකාවේ නාස්තිකාර 225 අඩුම තරමේ 125 බස්සලා, 98k ඇමතිවරු 25 බස්සලා කියන පුවත ලංකාවේ ජනාධිපතිගෙන් අපි අහන්නේ කවදාද ? ලුසේනා

:       0       0

minipe Monday, 03 July 2017 05:29 PM

අමාත්‍යදුර ගැන මේ අදහසම ලෝකෙම උතුම් රටක, චන්දෙට පෙර පුරසාරම් දෙඩුවා.

:       0       0

Susil Monday, 03 July 2017 06:47 PM

බැරිද මහත්තයො, අපේ රටේ ජනාධිපතිකමත් බාරගන්න...මෙහේ 1/3ක් නෙවෙයි 1/2ක් වත් අඩුකරන්න ඕන.

:       0       0

ravin Monday, 03 July 2017 11:31 PM

හොඳ අදහසක් බැරිද දන්නේ නැහැ ඔයවගේ මෙහෙත් කරන්න? නැත්නම් ජනතාවගේ බඩගොස්තරයට දෙයියන්ගේම පිහිටයි.

:       0       0

රොෂාන් Tuesday, 04 July 2017 01:56 AM

ප්‍රංශේ එහෙම වුනත් ලංකාවේ එහෙම වෙන්නේ නෑ

:       0       0

Pradeep Liyanage Tuesday, 04 July 2017 03:10 AM

එකටත් එක්ක අපේ රටේ, අමාත්‍යංශ කඩලා කඩලා බෙදලා දීලා තවත් කඩන්න බෑ. තව තියෙන්නේ මහාමාර්ග කියන එක මහා ඇමති මාර්ග ඇමති ලෙස වෙන්කිරීමයි. උසස් අධ්‍යපනෙත් ඔය වගේම කඩන්න පුළුවන්. ඔය විදියට කැඩුවොත් නම් තව 25 - 30 ක් වැඩිකරගන්න පුළුවන්.

:       0       0

sachith Tuesday, 04 July 2017 03:21 AM

ප්‍රංශ රටේ එහෙම උනත් ලංකවේ එහෙම වෙන්නේ නෑ, 225 තවත් වැඩි කරනවා මිසක් අඩු කරන්නේ නෑ.

:       0       0

arunalu Tuesday, 04 July 2017 04:00 AM

මෙතුමාව අපේ ජනාධිපති කරගන්න බැරිද.....?

:       0       0

gamiya Tuesday, 04 July 2017 06:03 AM

අපෙත් 50 ට අඩු කළොත් රුපියල් බිල්යන 17.5ක් රටට ඉතිරි කළ හැකියැයි සිතන්න පුළුවන්...

:       0       0

Nandalal DE SILVA - France Tuesday, 04 July 2017 07:38 AM

මා පදිංචි රටේ නායකයාගෙන්, මා උපන් රටේ නායකයන්ටත් ලබා දෙන උසස් අදහසක් ! ශ්‍රී ලංකාවේ රාජ්‍ය වියදම් විශාල වශයෙන් අඩු කර ගැනීමට මෙය ලොකු පිටිවහලක් වෙනවා ඇත. දැනට සිටින මැති ඇමතින්ට අනුයුක්ත කර තිබෙන නිලධාරී, වාහන, ඉන්ධන ආදී මෙකී නොකී සියලු දෑ මේ මගින් අඩුකර ඒ රුපියල් මිලියන, ජනතා සහන සඳහා යොදා ගැනීමට බැරි කමක් නැත. යහපාලන රජයේ නායකයිනි, මේ ඔබේ අවධානය පිණිසයි !

:       0       0

de silva Tuesday, 04 July 2017 09:08 AM

පිස්සුද විපක්ෂයේ ඉන්න පුද්ගලයන්ටත් අමෙති කම් දීල තම ගොඩ වැඩිකරගන්න , පුලුවනම් පස්සදොරෙන් පින් මන්ත්රිලා දෙතුන් දෙනෙකුත් ගන්න , මන්ත්රිලගේ වැටුප් දීමන එහෙම වැඩිකරන්න ,

:       0       0

kumar (galf) Tuesday, 04 July 2017 09:46 AM

ප්‍රන්සය මහා දුප්පත් රටක්නේ, පාර්ලිමේන්තු මන්ත්‍රීන් ගණන අඩුකරන්න, අන්න එකට අපේරට හැමතිස්සෙම හදන්නේ ඇමතිලා, උප ඇමතිලා පැටව් ගහ ගහ වැඩිකරන්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්


මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 28606 30


’’අනුර ගෝ ගම පටන් ගත්තා’’
2025 අගෝස්තු මස 26 18202 35

රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 11088 7

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 683 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 205 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 858 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site