(අජන්ත කුමාර අගලකඩ)
මහා මාර්ග හා උසස් අධ්‍යාපන ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල සහ කී‍්‍රඩා ඇමැති දයාසිරි ජයසේකර යන මහත්වරුන් අතර ඇතිවූ බහින්බස් වීමක් හේතුවෙන් ඊයේ (10) පැවැති කැබිනට් රැස්වීම දැඩි උණුසුම්කාරී වූ බව වාර්තාවේ.
මධ්‍යම අධිවේගි මාර්ගයේ පොතුහැර සිට මහනුවර දක්වා කොටස ඉදිකිරීම සම්බන්ධයෙන් ඇමැතිවරුන් දෙදෙනා වාදයක පැටලීමත් සමග කැබිනට් රැස්වීම උණුසුම්කාරි වූ බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.වැඩි පොලියට අති විශාල මුදලක් ණයට ගෙන මෙම කොටස ඉදිකිරීමට වඩා ප‍්‍රමුඛතා හඳුනාගෙන කටයුතු කරන්නැයි දයාසිරි ජයසේකර ඇමැතිවරයා පෙන්වා දී ඇත.
තමා අධිවේගී මාර්ග ඉදිකිරීමට විරුද්ධ නැති බවත් අධිවේගි මාර්ගයෙ කොළඹ සිට කුරුණෑගල දක්වා ඉදි කිරීම් කටයුතු සිදු කෙරෙන බැවින්, කුරුණෑගල සිට මහනුවර දක්වා දැනට ඇතිමාර්ගය පුළුල් කළ හැකි බවත්, දයාසිරි ජයසේකර ඇමැතිවරයා මෙහිදී ප‍්‍රකාශ කර ඇත.
ඊට පිළිතුරු දී ඇති ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කොළඹ මහනුවර අධිවේගී මාර්ගය ඉදිකිරීම අත්‍යවශ්‍ය බවත් කවුරුන් විරුද්ධ වුවද එය සිදු කරන බවත් පවසා තිබේ.පසුගිය මහා මැතිවරණයේදි ශ්‍රීලනිපය පරාජය වූ බව පවසා ඇති කිරිඇල්ල මහතා එසේ තිබියදී ආණ්ඩුවට එක්වී ආණ්ඩුවේ කටයුතුවලට බාධා කරන බවට චෝදනා කර ඇත.
කිරිඇල්ල ඇමැතිවරයාගේ එම චෝදනාවට මහින්ද අමරවීර ඇමැතිවරයා පිළිතුරු දී ඇති අතර ආණ්ඩුවේ අඩුපාඩු පෙන්වා දිය නොහැකි නම් ආණ්ඩුවේ සිටීමෙන් පලක් නැතැයි ඔහු පවසා තිබේ.
එසේ නම් ආණ්ඩුවෙන් ඉවත්ව යාම සුදුසු බවද අමරවීර ඇමැතිවරයා පවසා ඇතැයි වාර්තාවේ. දයාසිරි ජයසේකර ඇමැතිවරයාට සහාය පළ කරමින් මහින්ද අමරවීර, සුසිල් පේ‍්‍රමජයන්ත සහ පාඨලී චම්පික රණවක යන අමාත්‍යවරුන්ද අදහස් දක්වා ඇති අතර කිරිඇල්ල ඇමැතිවරයාගේ සහායට කබීර් හෂීම් සහ මලික් සමරවික‍්‍රම යනඅමාත්‍යවරුන් අදහස් දක්වා ඇති බව වාර්තාවේ.
දෙපිරිස අතර වාදය උත්සන්න වෙද්දි ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා මැදිහත්වී එය සමථයකට පත්කර ඇති බවද වාර්තාවේ. මධ්‍යම අධිවේගි මාර්ගයේ පොතුහැර සිට මහනුවර දක්වාකොටසේ ඉදිකිරිම් සම්බන්ධයෙන් මතුවී ඇති ගැටලූව පිළිබඳව අගමැතිවරයාද පැමිණි පසුව සාකච්ඡා කර විසඳුමකට එන බව ජනාධිපතිවරයා ප‍්‍රකාශ කර ඇතැයි දැන ගන්නට ඇත.
විවිධ ගුවන් සමාගම්වලින් ලැබිය යුතු බිලියන ගණක මුදල් හැකි ඉක්මනින් අය කරගැනීමට අවශ්‍ය කටයුතු කඩිනම් කරන ලෙස සිවිල් ගුවන් සේවා අධිකාරියට ප්‍රවාහන මහාම
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්‍ෂ මහතා අත්අඩංගුවට ගැනීමේදී අත්විලංගු භාවිත නොකළේ ඔහු අත්අඩංගුවෙන් මිදී පලායෑමට උත්සාහ නොකිරීමත
පෘථිවිගේ විශාලතම ශිඛරය ලෙස සැලකෙන එවරස්ට් කන්දටත් වඩා 100 ගුණයකින් විශාල කඳු දෙකක්, මුහුදු පතුලෙන් හමුවී ඇත.
ගාල්ල බන්ධනාගාරයේ රැදවියන් දෙපිරිසක් අතර අද ඇතිවු ගැටුමකදි රැඳවියන් සිවු දෙනකු තුවාල ලබා ඇතැයි ගාල්ල පොලිසිය පවසයි.
රත්මලාන ප්‍රදේශයේ ඉඩමක් මිලදීගැනීමේ සිද්ධියකට අදාලව අත්අඩංගුවට ගෙන රිමාඩ්භාරයට පත්කළ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ දෙවැනි පුත් යෝෂිත රාජප
තායිලන්තයේ පැවති අයි ඈම් මොඩ්ල් සර්ච් කිඩ්ස් ඉන්ටර්නැෂනල් - 2025 ( I am Medel Search Kids International ) රූ රැජින තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ 08 හැවිරිදි ඇන්ජල
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
දයාසිරි-කිරිඇල්ල කැබිනට්ටුවේදී හැප්පෙති
ONEARILANKAN Wednesday, 11 October 2017 04:39 AM
කිරිඇල්ල ගැන කතා කරලා වැඩක් නැත ,,,,එයාගේ භාෂාව ,,,,කව්රු විරුද්ද වුනත් ,,,ඕනේ ගොනෙකුට ...ඔය මිනිහ ජනතාව පන්න දමන දවස වැඩි ඇතක නොවේ ,,,,
ගයා Wednesday, 11 October 2017 05:36 AM
මහනුවරට වෙනකම් අධි වේගී මාර්ගය එපා ද
lasanthaWednesday, 11 October 2017 07:32 AM
කිරිඇල්ල ඇමතිතුමාත් මන්තරයක් වගේ මතුරන්නෙත් ඕක තමයි. වංචාව ගැන කියනකොටම අධිවේගී මාර්ගේ එපාද කියල අහනවා. මෙතන කවුරුවත් අධිවේගී මාර්ග එපා කිව්වේ නැහැනේ. ඉස්සරනම් හිටියා අධිවේගී මාර්ග කන්නද කියල අහපු ආර්ථික ඔස්තාර් කෙනෙක්.
sisira Wednesday, 11 October 2017 08:03 AM
පාර නම් ඕන නමුත් කොමිස් නැතිව හැබැයි.
sachith Wednesday, 11 October 2017 05:04 AM
මෙතන තියෙන්නේ ප්‍රමුකත ප්‍රස්නයක් නෙවෙයි, ප්‍රදේශයේ ඇමතිවරයාට මේ පාර හදන එකෙන් කොමිස් කුට්ටිය දීපු නැති එක. නැත්නම් මේ කවුරුවත් රටට ආදරේට තීන්දු තීරණ ගන්න අයද. කුට්ටිය ලැබුන ගමන් එතුමාගේත් ප්‍රමුකත්වය මේකට තම.
Mohamed Oman Wednesday, 11 October 2017 06:24 AM
මහනුවරට අධිවේගේ හදන එක අනිවාර්යෙන් සිදුවිය යුත්තක්. දැනට කොළඹ සිට මහනුවරට යන්න පැය 4 ට වැඩිය ගතවෙනවා. කුරුණෑගලට හදල එතනින් පස්සේ පරණ පාරේ යන්න කියල දයාසිරි ඇමතිතුමා කියනවනම් ඒක මහා කුහකකමක්.
Raveendra Wednesday, 11 October 2017 06:48 AM
මෙම හැල හැප්පිලි ඔක්කොම රගමඩලේ පමිණි.බෙදාගැනීම පිළිබද ගැටළුවක් මිස රටේ දියුණුව පිළිබද සිතීම නොවන බව සහතිකය.
hasith Wednesday, 11 October 2017 07:20 AM
පොර අල්ල අල්ල ඉන්නවා මිසක් , මේ කපේට නුවරට පාරක් නම් හැදෙනවා බොරු.
mahee Wednesday, 11 October 2017 07:56 AM
සීසර්ගේ දේ සීසර්ටත් දෙවියන්ගේ දේ දෙවියන්ටත් දෙන්න කිව්වලු.
sampath Wednesday, 11 October 2017 08:15 AM
කොළබ සිට නුවරට මාර්ගයක් සෑදීමක් මෙහිදී සිදුවන්නේ නැත. කඩවත සිට කුරුණෑගල හරහා දබුල්ලට හදන අධිවේගී මාර්ගයේ පොතුහරෙන් බෙදෙන ශාඛාවක් නුවරට යොමු කිරීමෙන් කරන්න හදන්නේ විශාල මහජන මුදල් නාස්තියකි. කුරුණෑගල නුවර මාර්ගය පුළුල් කලොත් අධිවේගී මාර්ගයේම කිලෝමීටර නමයක් ඉදිරියට ගොස් කුරුණෑගලින්ම හරවා ලෙහෙසියෙන්ම නුවරට ලගා විය හැක.
Senevi - kandyWednesday, 11 October 2017 09:22 AM
දයාසිරි මහතාගේ අදහස තමයි ඔබත් කියන්නේ, මේ සම්බන්ධව කෝටි ගණන් වියදම් කරලා අධ්‍යනය කරලා වැඩ පටන් ගත්තම ගොඩේ වෙද්දු විකල්ප යෝජනා කිරීම කනගාටුවට කරුණක්. දැනට තිබෙන කුරුණෑගල මහනුවර පාර අධිවේගී මාර්ගයක් කරන්න පුළුවන් මාර්ගයක් නොවේ. ඒ නිසයි පොතුහැරින් සම්බන්ධ වන වෙනම මාර්ගයක් අවශ්‍ය වන්නේ.
sampathWednesday, 11 October 2017 02:15 PM
කුරුණෑගල නුවර මාර්ගය අධිවේගී මාර්ගයක් කිරීම නොව, එම මාර්ගය පුළුල් කිරීමක් සම්බන්දවයි ඉහත මගේ අදහස පල කර තිබෙන්නේ. අපිට කොලඹ සිට නුවරට ලගාවීමට මාර්ග 2ක්ම තියනවා. කෙසේ වෙතත් අධිවේගී මාර්ගයක අරමුණ ඉක්මනින් ගමනාන්තය දක්වා පැමිණීම. කඩවත සිට කුරුණෑගල හරහා දබුල්ලට හදන අධිවේගී මාර්ගයෙන් කුරුණෑගලදී නුවර දෙසට ඇතුළුවන වාහන සදහා දැනට ඇති මාර්ගය පුළුල් කර මන්තීරුවලට වේග සීමා පැනවීමෙන් එම අරමුණ සපල කර ගත හැකියි. මෙය ඩුබායි වගේ බොහෝ දියුණු රටවල සිදු කරන ක්‍රියාවලියක්.
naradha Wednesday, 11 October 2017 09:26 AM
දයාසිරි ජයසේකරට අධිවේගි මාර්ගය කොළඹ සිට කුරුණෑගල (තමන්ගේ ගමට) යන කන් ප්‍රශ්නයක් නැහැ. හැබැයි, එතන ඉඳලා වෙන තැනකට අධිවේගි මාර්ග අවශ්‍ය නැහැ!
Hafeel Wednesday, 11 October 2017 09:35 AM
පසුගිය මහ වැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පරාදයි නම් ඇයි කිරි ඇල්ල මහතාට තනියෙන් ආණ්ඩු පිහිටුවන්න බැරි?
Manushya Wednesday, 11 October 2017 10:24 AM
මේ යෝජනාව ඉතාම කුහක යෝජනාවකි. අධිවේගී මාර්ගයක අවශ්‍යතාවය තිබෙන්නේ කොළඹ සිට කුරුණෑගලට නොව කොළඹ සිට මහනුවරටය. දයාසිරි මහතාට අවශ්‍ය නම් කොළඹ සිට මහනුවට පැමිණ තිබෙන මාර්ගය භාවිතා කරමින් මහනුවර සිට කුරුණෑගලට යා හැක. හැබයි කිසිම ආකාරයකින් කිරිඇල්ල මහතාට මෙම මාර්ගය ඉදිකිරීම තුළින් සොරකම් කිරීමට ඉඩ නොදිය යුතුය.
purawasia Wednesday, 11 October 2017 03:15 PM
කරුණාකර රණ්ඩු නොවී, බොරුවට ලකුණු දාගන්න කටුතු නොකර කොමිසුත් අඩුවෙන් අරගෙන මහනුවරට සහ යාපනයට පාර හදා දෙන්න. මහින්දගේ කාලේ කොමිස් ගැහුවා. ඉක්මණින් පාර හදලා ඉවර කරන්න. නුවරට පොතුහැරිනුත්, කදඩුගන්නාවෙනුත් දෙපැත්තෙන්ම අධිවේගී මාර්ග හැදිය යුතුයි.
vidya Wednesday, 11 October 2017 07:06 PM
මහා මාර්ග ඇමතිට පාර හරස් කරන ශිෂ්‍යන් පාලනය කොරන්න බැහැ . ක්‍රිඩා ඇමතිට ක්‍රීඩා කොරන අය පාලනය කොරන්ධ බැහැ. මොකක්ද මේ අරුමේ
ajith karu Thursday, 12 October 2017 02:00 AM
කුරුණෑගල සිට මාවතගම හරහා තිබෙන මාර්ගය පුළුල් කිරීමට උවමනා තරම් දෙපස ඉඩ තිබෙනවා. ගලගෙදර දක්වා කඳු බිම් නැහැ. වැඩි වියදම් දරන්නේ කොමිස් වැඩි කර ගන්න බව පසුගිය රජය කල වැඩ වලින් පෙනුන. කිරිඇල්ල කොහොමත් ජරාවට බර කතා තමයි කියන්නේ. ඊළඟ සැරේ එයාට ගෙදර ඉන්න වේවි. එයාගේ හැසිරීම පාර්ලිමේන්තුවේ විවාද වලදී කරන කතා කිසි සංවරයක් නැහැ. වැදගත් කමක් නැහැ. අහන්නත් හිරිකිතයි. එය හිතාගෙන ඉන්නේ ආණ්ඩුව එයාගේ අප්පච්චිගේ බුදලයක් කියලයි.
Bandara Friday, 13 October 2017 09:46 AM
ඇත්තටම අපට ඕනි මහනුවරට අධීවේගී මාර්ගයක් මිසක් කුරුණෑගලට අධීවේගී මාර්ගයක් නොවේ කුරුණෑගලට නුවරින් යන්න පුළුවන්නේ .
sarath Saturday, 14 October 2017 04:35 AM
දැන් කොළඹ - නුවර අධිවේගේ කොළඹ - කුරුණෑගල වෙන්නද යන්නේ? නුවර -කොළඹ අධිවේගය කුරුණෑගලත් එක්ක යනවිදියට වෙනස් කරගෙන කුරුණෑගලට වෙනකල් හදාගෙන නුවරට කොකා පෙන්වන්න යන්නේ... නුවර - කොළඹ මාර්ගයේ ඇති වාහන තදබදය හේතුවෙන් විනාශ වන ඉන්ධන, වෙලාව, පරිසර දූෂණයත් එක්ක ගත්තහම නුවරට තමයි අනිවාර්යයෙන් පාරක් හැදෙන්න ඕනේ. බලමුකෝ
rohana. Wednesday, 18 October 2017 08:32 AM
මහනුවරට අධිවේගී මාර්ගය ඉක්මණටම හදන්න. බොහොම වැදගත් මිනිස්සු ඉන්න තැනක්. මහනුවරට වැඩක් කරලා නැහැ. ගම්මාන වල මිනිස්සු දුක් විඳිනවා. මහනුවරට ඉතාමත් ආදරය කරන මම වගේ කෙනෙක් පත් වුනොත්, මම ඉතාම ආදරයෙන් අවංකව වැඩ කරනවා. සංචාරක කර්මාන්තය දියුණු කරන්න තිබෙනවා. කේබල් කාර් සවි කරන්න තියෙනවා. ගමනා ගමනයට පහසු වෙන්න. මම ඉතාම ආදරෙයි මහනුවරට. දැන්නම් වෙලා තියෙන වැඩ ඉතාම මදි.
ඉඳුනිල් Monday, 23 October 2017 03:44 PM
මෙතන කුරුණෑගලට වෙනකන් හදා ගත්තම ඇති කියන එක නෙමේ ප්‍රශ්නේ, දෙයක් කෙනෙක් කියද්දී පිළිගන්න අකමැති උඩඟුකමයි. පාර හදන්න ණය ගත්තම වැඩි පොලියට ගෙවන්නේ කිරිඇල්ල නෙමේ අපිම තමයි කලින් එව්වට වගේම....
සහන් Saturday, 28 October 2017 02:28 PM
වන්දි ගෙවීම් අන්තිම වංචනිකයි. පාරවල් කීයක් හැදුවත් කමක් නැහැ. වන්දි ගෙවලා මම මීට අවුරුදු 8 කට කලින් පර්චස් එක 135000 කට ගත් ඉඩමට ගෙවන්නේ 94000 යි. මුන්ට හෙන හතම වැදේවා !!!