IMG-LOGO

2025 සැප්තැම්බර් මස 14 වන ඉරිදා


ජපානයට ගිය දූත පිරිසට ඥානසාර හිමියන් අයත්වූයේ නැතිලු

 


ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ජපාන රාජ්‍ය සංචාරයට ජනාධිපති සමඟ ජපානයට ගිය ශ‍්‍රී ලංකා දුත පිරිස අතරට ගලගොඩඅත්තේ ඥානසාර ස්වාමීන් වහන්සේ ද එක්ව සිටි බව පවසමින් මේ දිනවල සමාජ මාධ්‍ය ජාල හා වෙබ් අඩවිවල පළවන ප‍්‍රවෘත්ති, කිසිදු සත්‍යතාවයකින් තොර බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.
 
ඥානසාර හිමියෝ ජනාධිපති  මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සංචාරයට පෙර පෞද්ගලික සංචාරයක් සඳහා ජපානයට වැඩම කළහ.

ජපානයේ ශ‍්‍රී ලංකා තානාපති කාර්යාලය මගින් සංවිධානය කළ ජනාධිපති සහ එරට වෙසෙන ශ‍්‍රී ලාංකිකයන්ගේ සුහද හමුව සදහා ජපාන විහාරස්ථානවල නායක ස්වාමීන් වහන්සේලා සමගින් උන්වහන්සේ ද සහභාගී වී ඇත.‍

එම අවස්ථාවේ දී ලබාගෙන ඇති ඡායාරූප කිහිපයක් භාවිතා කරමින්, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ දුත පිරිස අතරට ඥානසාර ස්වාමීන් වහන්සේ එක් වූ බව පවසමින් සමාජ මාධ්‍ය ජාල හා වෙබ් අඩවිවල පළවන ප‍්‍රවෘත්තිවල කිසිදු සත්‍යතාවයක් නොමැති බව දන්වා සිටින බව ජනාධිපති මාධය අංශය සඳහන් කරයි.
 



අදහස් (15)

ජපානයට ගිය දූත පිරිසට ඥානසාර හිමියන් අයත්වූයේ නැතිලු

පුෂ්පකුමාර Friday, 16 March 2018 07:42 AM

තක්කඩි කෙරුවොත් කරන්නේ, මගඩි වැඩක් කියල අපි නම් දන්නවා. රටක හරිහමන් ජනාධිපති කෙනෙක් නම්, මඩු වලිගෙන් තලනවා මේ වගේ තක්කඩින්ට.

:       119       1021

Muahn Friday, 16 March 2018 09:19 AM

ජනාධිපති මාධ්‍ය අංශයෙන්නේ කියන්නේ. සහතික ඇත්ත වෙන්න ඇති...

:       12       59

ලුම්බිණි Friday, 16 March 2018 09:27 AM

අධිකරණයෙන් අවසර නැතුව ගිය කෙනෙක් මොකද මේ වගේ ප්‍රසිද්ධ අවස්ථාවකට ගියේ?

:       61       96

Bamunuarachchi Friday, 16 March 2018 09:44 AM

අනේ, පුෂ්පකුමාර ඔබ සිංහලයෙක් නම් මතක තියාගන්න සිංහල බෞද්ධයා වෙනුවෙන් හඬනගන්න ඉන්නේ මෙවන් හාමුදුරුවරු කීපදෙනෙක් පමණක් බව...

:       1066       871

aseFriday, 16 March 2018 10:50 AM

මොහු මේ විදියට "සිංහල බෞද්ධයා වෙනුවෙන් හඬනගන්න" කරන ක්‍රියාවලියෙන් සිද්ද වෙන්නේ "සිංහල බෞද්ධයාට නිගා කිරීමක් නේද?"

:       177       266

Ajith NissankaFriday, 16 March 2018 02:31 PM

සිංහල බෞද්ධයා වෙනුවෙන් කොච්චර හඬ නැගුවාද කියනවා නම් අපිට දැන් බෞද්ධ කියලා කියන්න බැරි තරමට ලැජ්ජා වෙලා! වැඩි කාලයක් යන්න කලින් අයි.එස්.අයි.එස්. කාරයින් සහ අපි අතර එච්චර වෙනසක් නැති බව මෙවන් දේ වලින් ලෝකෙටම පෙන්නලා දෙනවා!

:       115       79

Buddika Friday, 16 March 2018 10:28 AM

මෙයාලා තමයි අවුස්සන්නේ.. මේවට නීති නැහැ. තිබ්බත් නීතිය වල්වැදිලා. හොරුන් කවුරුවත් ඇල්ලුවෙත් නැහැ. පුළුවන්නම් ඒ අය අල්ලන්න කියලා අභියෝග කරනවා. මේ ආණ්ඩුවේ කියලා ඉවර වෙනකම් එකෙක් අල්ලන්නේ නැහැ.. ඒක ශුවර්. එජාපය විනාශ කරන්නේ මේ යාළුවෝ තමයි.

:       5       68

sena Friday, 16 March 2018 10:47 AM

මට කියන්න තියෙන්නේ අපේ රටේ උසාවි නියෝග කඩකරලා පිටරට ගියකෙනෙක් කිසිම හේතුවක් නැතුව රටේ ජනාධිපතිවරයා මුණගැහෙන සීමිත කණ්ඩායමකට අයත් වුණේ කොහොමද? ඕක මේ අප්පුහාමි අයියා වෙලට යන ගමන් මගදී පන්සලේ හාමුදුරුවෝ මුණගැහුණා වගේ වෙන්න බැහැනේ නේද?

:       94       53

Keppetipola Friday, 16 March 2018 10:51 AM

ඔය සමහරු සිංහල නම් වලින් ලියන්නේ ඇතැම් අන්තවාදීන් තමයි.

:       195       310

Asanka gamage Friday, 16 March 2018 11:13 AM

මෝඩයෝ වගේ මෙතන උපදෙස් දෙන්න නම් ඉන්නවා ... මිනිස්සුන්ගේ වැරැද්ද තමයි හැමදේකම වැරදි පෙනීම... බුදු සරණයි සිංහල බෞද්ධයින්ට..

:       93       40

BamunuarachchiSaturday, 17 March 2018 08:01 AM

අපි වැරදි නම් මහත්තයෝ හරිදේ ගැන පොඩි ඉඟියක් හරි දෙන්නකෝ...

:       1       1

රවිඳු Friday, 16 March 2018 03:43 PM

නූගත් සමාජයට ආගම, දහම දඩමීමා කරගෙන අන්තවාදය වපුරා මේ රට නැවත ත්‍රස්තවාදය කරා රැගෙන යන්න සමහරු උත්සාහ කරනවා. නමුත් යුද්ධයේදී මේ අය ඇඳුමට මුවාවෙලා රිංගාගෙන ඉඳියි. එ්ත් මේ රටේ අහිංසක තරුණයින්ගේ ජීවිත තමයි විනාශ වෙන්නේ. ඔය ඇඳුම ගලවලා බතල අලයක් හිටෙව්වා නම් ඒක මේ රටට කරන විශාල මෙහෙවරක්....

:       26       160

උපේක්ෂා Saturday, 17 March 2018 09:14 AM

මට පෙනෙන විදියට මේකේ බමුණුආරච්චිලා දෙන්නෙක් ඉන්නවා වගේ. අදහස් පරස්පරයි.

:       0       13

BamunuarachchiSunday, 18 March 2018 10:26 AM

බෞද්ධ පාසල්වල හාමුදුරුවරුන්ගේ ඇසුරෙන් අධ්‍යාපනය ලැබුවා නම් මේ අදහස් පලවෙන්නේ නැත.

:       0       0

Bamunuarachchi Sunday, 18 March 2018 10:21 AM

ලස්සන වැඩේ කියන්නේ ශාසනේ රැකදුන් බික්ෂූන් ගැන ලිව්වාට පළවෙන්නේ නැත. ඒ තරමට සිංහල, බෞද්ධයා බියගුළු කරලා. හැබැයි මේ අපි බියගුළු නිවටයින් නොවේ!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 347 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 101 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 789 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site