( ඉන්දිකා රාමනායක)
පොලිස් උප සේවයේ සිට 2006 වසරේ නිත්‍ය සේවයට අන්තර්ග‍්‍රහණය කළ පොලිස් සාමාජියන්ට උසස්වීම් ලබා දීමේ ඔවුන් සේවට බැදුණු දිනය සිට සේවා කාලය නොසලකා හැර අන්තර්ග‍්‍රහණය කළ දින සේවා කාලය වශයෙන් සලකා ළකුණු ලබා දීමේ කි‍්‍රයාවලින් එම පොලිස් නිලධාරීන් දැන් අපහසුතාවට පත්ව සිටින බව පොලිස් මුලස්ථාන ආරංචි මාර්ග කියයි.
පසුගිය රජය සමයේ 2006.2.24 දින උප සේවයේ සිටි සියලූ පොලිස් සාමාජියන් නිත්‍ය සේවයට අන්තර්ග‍්‍රහණය කර ඇති අතර 32.000 ට වැඩි පිරිසක් එලෙස නිත්‍ය සේවයට එක්ව තිබුණි.
එවකට උසස්වීම් ලබා දීමේ දී මෙම පිරිසට සේවයට බැදුණු දින සිට සේවා කාලය වශයෙන් සලකමින් ලකුණු ලබා දී තිබු බව උසස් පොලිස් නිලධාරියෙක් කීය.
වර්මාන රජය සමයේ උසස්වීම් ලබා දීමේ දී උප සේවයේ සිට අන්තර්ග‍්‍රහනයට ලක් වු නිලධාරීන්ට ඔවුන් සේවයට බැදුණ දින සිට සේවා කාලය ලබා නොදී අන්තග‍්‍රහණය කළ දිනය සිට සේවා කාලය සලකා ලකුණු ලබා දී තිබු බවද එම උසස් නිලධාරියා කීය.
මේ හේතුවෙන් වසර 10-15 වැඩි කාලයක් උප සේවයයේ සිටි පොලිස් නිලධාරීන්ට සිය සේවා කාලය අනුව ලකුණු අහිමි වන බවද එම නිලධාරියා කීය.
පොලිස් කොස්තපල් තනතුරේ සිට පොලිස් සැරයන් දක්වා පොලිස් සැරයන් සිට උප පොලිස් පරීක්ෂක දක්වා, උප පොලිස් පරීක්ෂක තනතුරේ සිට පොලිස් පරීක්ෂක දක්වා සිදුකළ උසස්වීම් වලදී මෙම කි‍්‍රයාවලිය අනුගමනය කිරීමෙන් උප සේවසේ සිටි පොලිස් නිලධාරීන්ට අසාධාරණයක් සිදුව තිබු බවද පොලිස් ආරංචි මාර්ග කියයි.
මෙම කි‍්‍රයාව හේතුවෙන් උසස්වීම් ලබා දීමේ දී උප සේවයේ සිට නිත්‍ය සේවයට අන්තර්ග‍්‍රහණය කර සිටින නිලධාරීන්ට සහ නිලධාරිනියන්ට දැඩි අසාධාරණයක් සිදුව ඇති බවද පොලිස් මුලස්ථාන ආරංචි මාර්ග වැඩිදුරටත් පවසයි.
2025 දෙසැම්බර් මස 18
586
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
290
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1090
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
උසස්වීම් වලට ලකුණු දීමේ ක්‍රමයෙන් පොලිස් උප සේවයේ සිටි අයට අසාධාරණයක්
Rathna Monday, 11 June 2018 02:47 AM
ආයතන සංග්‍රහයේ පළමුවන කොටසේ බදවාගැනීමේ පරිපාටිය සහ මුදල් රෙගොලසි වල සදහන් විදිවිදාන බලන්න අධේෂක අනියම් සහ රාජ්ජය සේවෙයට ස්ථීර විශ්‍රාම වැටුප් සහිත තනතුරකට බදවගනීමේදී අනුගමනය කරැති පිළිවෙලට අදාල රෙගුලාසි හොදින් බලන්න පිළිතුර එතන ඇත
ලසන්ත Monday, 11 June 2018 03:46 AM
උපසේවය ආදේශක හා අනියම් සේවය සමග සැසඳිය නොහැක. එය ස්වභාවය වෙනස්වූ සේවාවකි. ආදේශක හා අනියම් සේවයේ විධි විධාන ඊට අදාල නොවේ.